මොනරාගල දිස්ත්‍රික්කයේ සන්ධානයේ හිටපු ඇමතීන් දෙදෙනකු වන විජිත් විජයමුණි සොයිසා සහ ජගත් පුෂ්පකුමාර මහත්වරු ජනපති මෛත්‍රිපාල සිරිසේනට සහය දීමට ඉදිරිපත්වී සිටිතියි මොනරාගල ආරංචි මාර්ග කියයි.
කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී විජයමුණි සොයිසා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති (මහින්ද රාජපක්ෂ) හා ලේකම් (මෛත්‍රිපාල සිරිසේන) අතර තරඟයෙන් ලේකම් ජයගත් බවයි.
‘‘දැන් අපේ අප්පොච්චි මැරිලා, අප්පොච්චි මැරුණාම අපි අඬනවා. නමුත් මළ කඳ ගෙයි තියාගෙන ඉන්නේ නැහැ. වළ දානවා. ඒකයි ඇත්ත තත්ත්වය.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමන්ලා දේශපාලන වශයෙන් අනාථයෝ කවදාහරි!ඔබතුමන්ලා නිසා තමයි මහින්ද මහත්තයට මේ ටික වුනේ! එතුමාගේ රූපේ දාල ඔහෙලා ඡන්දෙ දිනුවට ඔබතුමාලා ඒ මනුස්සයට කලේ එහෙමයි!ගුණමකුවෝ! (අ)
පැරදුනාම පැනලා යන, තමාගේ චරිතේ ලෝකෙට නිරාවරණය කරන මිනිස්සු. අපේ ඡන්දදායකය මේ වගේ ප්‍රතිපති නැති කට්ටියව පත් කරන්නේ මොකටද? (අ)
අනේ බනින්ඩ එපා, ඉපදෙනකොටම ලජ්ජා නහර තිබිල නැහැ. (අ)
වන ජීවී ඇමති නිසා එවැනි ගතිගුණ ඇති. (අ)
මහින්ද මහතා පැරදුනේ කවුරුන් නිසාදැයි අපි දන්නවා. දැන් අනෙක් පැත්තේ ආණ්ඩුව ගැනත් බයයි වගෙයි. අහෝ ඡන්දදායකයා! (නි)
මහින්ද මහත්තයට මේ වගේ හරක් ටිකක්ද හිටියේ අම්මප! (අ)
අපිට නම් අප්පච්චි තවම මැරුනේ නැහැ. කන්න දීපු අත සපාකන්න එපා (නි)
ගන්න නං එපා. කවද හරි ඔයාලටත් කරන්නේත් ඔයටික ම තමයි, කාලගුණ නොදත් අය. කාපු පතේ පහරන උන්දලා. (ස)
කලගුණ නොදත් අය, මෙයාලව වැද්ද ගන්න අයටත් දවසක මොවුන් කියන්නේ කරන්නේ මෙහෙම තමා. සිරිසේන ලොක්කත් මේ අයව බාර ගත්තද? (ස)
අප්පච්චී ගැන නොහිතන අය තමන්ගේ රට ගැන කොහොම හිතන්නද?මෛත්‍රී ජනපතිතුමා මේවගේ අය ලං කර ගත්තොත්දවසක මහින්දට වගේම කරයි. රෞද්‍ර දේශපාලකයෝ. (ස)
අනේ මෛත්‍රී මහත්තයෝ මේවගේ අවස්ථාවාදී .... නම් ලංකරගත්තොත් ඔබ තුමාත් ජනතා අප්‍රසාදයට ලක්වෙනවා. ඡන්දෙට කලින් මේ අය කියපුව ඔබතුමා දන්නව නේද.ඔය බයට ඔබතුමා ළඟට එන්න හදන්නේ. මේවා මුළු රටම දැනගන්න ඕන.(අ)
කන්ඩ ගියහම කබරගොයා තලගොයා වෙනවා ... මෙයාලට ඡන්ද දාන්න එපා ! (අ)
කතාව ඇත්ත.පෙරලුනු පිට හොදා කියනවා! හික්. හික්. (අ)
පෙරළුණු පිට හොඳයි කියන අයව නම් ගණන් ගන්න හොඳ නැහැ (නි)
මෙහෙම දරුවෝ හදපු අප්පචිට ගහන්න ඕනේ. (ස)
මෙහෙමත් මිනිස්සු! (නි)
මෙවැනි හැසිරීම් අප්‍රසන්නයි (නි)
කවුරු ගියත් නියම සිංහලයෝ යන්නේ නැහැ (නි)
නොගැළපෙන අය අරගෙන පක්ෂය නැතිකරගන්න එපා. (නි)
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී..... (නි)
මහින්ද මැතිතුමාට පරදින්න උනේ මේ වගේ අය නිසා. මෙයාල බලයට,මුදලට ඕනම දෙයක් කරයි .සිරිසේනටත් කරන්නේ මේ ටිකමයි.කරන්න ඕනේ මෙයාලව දේශපාලන ජීවිතයේ නැතිකරලා දැමීමයි. (ස)
වාසියට මුක්කුගහන දේශපාලනයට තිත තැබිය යුතුයි (නි)
මෙයාට අනුකම්පා කරන්න ඕනේ. මොනරාගල මිනිස්සුන්ට මොලේ තියෙනවා. මෙයාට ලබන පාර අප්පොච්චි මතක් කරලා දෙයි. (ස)
මොන එහෙකටද ඡන්දෙත් නොදී ඉඳලා දැන් එන්නේ? මෙහෙමත් විහිලුකාරයෝ! (නි)
නහය නැතිනම් අසූචිත් කයි. (ස)
මෙයාට නේද කැලේ බාර දීල තිබුණේ. (ස)
අර කියනවත් වගේ විදේශයක දුක්විඳිමින් හරි ඉන්න එක සැපයි. විශ්වාස කරන්න, ලංකාවේ මිනිසුන්ගේ පිරිහීමේ තරම. (නි)
වනසත්තු හිටපු පාරක්නෙ එකයි අවුල. (ස)
මේ වගේ දෙපත් නයි තමයි මහින්ද මහත්මය කෑවෙ. රටට ඉන්න ඕනේ නායකයෙක් මහින්ද කියන්නේ, වැරදි තිබුන තමයි. ඒත් අපි නිදහසේ ඉන්නෙ මහින්දගේ එඩිතර නායකත්වය නිසා. බලේ තියනකොට සර් කියන අය බලේ නැතිවෙනකොට පයින් ගහනවා. මහින්ද තේරුම් ගත්තේ නැත්තෙත් ඒකමයි. අපි ප්‍රාර්ථනා කරන්නේ රටට හොඳ කාලයක්, මේ වගේ දෙපත් නයි නැති සාදාරන ආණ්ඩුවක්. (ස)
දැන් එන අය අරගෙන මොකටද ? විපක්ෂෙ ඉදගන රට ගොඩ නගන්න උදව් කරන්න කියන්න. ජන්දෙට කලින් කරපු දෙයක් නැහැ. ඔය එන්නේ රටට ආදරේට නෙමේ කලින් ජනාදිපති ට කරපු දේම කරලා මෙතුමවත් විනාස කරන්න. රනිල් මහත්තය මේවා ගැන හිතන්න ඕනා (නදී)
පුද්ගලිකත්වය නොබලා ජනතාවගෙන් වැඩි දෙනෙක් විසින් තෝරාගත් ක්‍රමයට සහයෝගය දැක්වීම සියලුම මහජන නියෝජිතයින්ගේ යුතුකමක්. (නි)
මගේ රටේ නම කන්නද හදන්නේ? (නි)
මේ වගේ අයට ඡන්ද දීපු අයට තලන්න ඕනෑ මඩු වලිගයෙන් (නි)
මට නම් පෙනෙන්නේ මිනිස්සු වෙනස්වෙන එක විතරයි වගේ වෙන්නේ. (නි)
කල ගුණ අමතක කරලා දාලා තියෙනේ කවුද කියල දැන් හොන්දට පේනවානේ..අනේ අම්මපා.. ලංකාවේ දේශපාලනය..(අ)
වැස්සට මුල් කුණුවූ ගස්ලබු ගස් මේ වෙලාවේ ඇදවැටීම සුලභයි. කල්පනාවෙන්! (නි)
කියන්න හොඳ දේවල් තියෙනවා. එ්ත් කියන්නේ නැහැ. (නදී)
මේ වගේ කට්ටිය ඊ ලග මැතිවරණයෙන් අනිවාර්යෙන්ම ගෙදර යවන්ඩ ඕනේ මොන පක්ෂෙන් ඉල්ලුවත්. (නදී)
ජනපතිතුමනි වඳින්නම්. මෙහෙම උදවිය නම් නම් ගාවා ගන්න එපා. ඇත්තම තමයි මේ කට්ටිය හරියට දෙපත් නයින් වගේ. (නදී)
මේ අය ළඟ නැති කලගුණ නොදත් කම දුප්පත් පිටිසර ගමේ ඉන්න අපේ අම්මල ලඟ තියෙනවා. (නදී)
අපි කැමති නැහැ (නදී)
අප්පොච්චිත් එක්කම උබත් වැලලියන් ගුණමකුවෝ (බ)
නිල්ගල රක්ෂිතය යහපාලනය යටතේ අවසන් වන බව පෙනේ (බ)
මේ වගේ අයට ඡන්ද නම් දෙන්න එපා. (නි)
හොරු සමඟ හෙළුවෙන් නැවත වේදිකා ගත වෙන බවයි. (බ)
අසනෙත් පරාදවෙලා නේද ඉන්නේ මෙයා (දිල්)
හොදට හිතලා බලලා ගන්න කෙනෙක් ගත්තනම් තමයි හොද (දිල්)
මේ අය නිසා තමා රට වැනසෙන්නේ (නදී)
මේ අයව අාපහු ගන්නවා නම් කරන්නට යන "වෙනස" කුමක්ද යන්න නොතේරේ (නදී)
මහින්ද මහත්තයෝ, අපි වැටෙන්නේ නැහැ. පරදින්න අපි බයත් නැහැ. නුදුරු දිනක අපි තවත් අලුත් ආණ්ඩුවක් හදමු. එදාට මේ වගේ මිනිස්සුන්ට කරන්න ඕන දේ අපි කියන්න ඕන නැහැ නේ. මේ මිනිස්සු වෙනුවෙන් ඔබතුමා රටෙන් කොච්චර බැණුම් ඇහුවා ද?. (නදී)
ඇත්තටම මෙයාල මනුස්සයෝද? කිසිම දෙයකට විස්වාස කරන්න පුලුවන්ද? සේරම දේවල් ගැන කලකිරෙනවා මේ වගේ මිනිසුන්ගේ අදහස් දකිනකොට. (ස)
මේ වගේ අය නිසා තමයි මහින්ද නැති උනේ. (ස)
මෙතන ඉන්න හැමෝම එකම ගොඩේ. මෛත‍්‍රී කළෙත් මේ දේම තමයි. විපාක ලගදීම අපිට බලාගන්න පුලුවන්. මෛත්‍රී යුගය බලාගන්න පුළුවන් තව ඉස්සරහට. (ස)
මට නම් හරිම ලැජ්ජයි (නි)
අනේ මොන කළගුණයක්ද ?මොකෝ යුද්ධ කරන්න ගියා කියලද? (බ)
මොනවා උනත් පියසේන ගමගේ , නාවින්න වගේ අය සද්ද නැතුව හරි හිටිය එත් රෙජිනෝල්ඩ් දයාසිරි ලාකාව වටේම ගිහින් මහින්දගේ වේදිකාවේ ඉඳන් අපට කිව්වනේ මෛත්‍රීට දෙන්න එපා කියල . ලංකාවේ ඉපදුන එක ගැනත් ලැජ්ජාවේ බැහැ (බ)
"බල්ලා මරුනහම මැක්කෝ හැලෙනවලුනේ" පැරණි උපහැරණයක්.(හේ)
තාත්ත මැරුණම වලලා මොකද මේ ගොන්නු වෙන තාත්තලා හොයාගෙන යන්නේ. කොන්දක් නැති උන් දේශපාලනේට නෙමෙයි හොඳ හරක් දක්කන්ට (බ)
අප්පච්චි ජීවත්වෙලා සිටිනතුරු අප්පච්චි ලවා කරගන්න පුළුවන් හැමදේම කරගෙන ඒ මිනිසා මරාදාලා දැන් කිඹුල් කඳුළු හෙළනවා! ලැජ්ජයි (නි)
ලොක්ක මුන් සර්පයෝ බලාගෙන ! (බ)
අපිට ඕනේ දින සීයේ කතාවට කලින් රට සහ රට බේරාගත් මහින්ද මහතාව විනාශ කල , එතනෝල් , කුඩු කාරයෝ ,ටික නීතිය ඉදිරියට ගෙනවිත් දඩුවම් දීමටය , පැත්ත මාරු කලා කියල මෙයාලට බුරුලක් ලබා දුන්නොත් ලබන ඡන්දයේදී ඔබල මෙයාලත් එක්ක ගෙදර යන්නට ඡන්දය දෙනවමය , ප්‍රභාකරන කරපු විනාශයට වැඩි විනාශයක් මෙම හොර අැමෙතියන් අපේ රටේ ආර්ථිකයට කළේය , කරුණාකර පාර්ලිමේන්තුව විසුරවා හරින්න(අ)
අප්පා ගේ මලගේදරදී බාප්පෙක් කැන්දන් එන එක මේගොල්ලන්ගේ ගෝත්‍රයේ සම්ප්‍රදායක් වෙන්නැති. (ස)
මෙහෙම ගියොත් නම් දින සියය පැය සියයක් වෙන්න බැරි නැහැ. (ස)
මෙයාල ඇදුම් ඇඳගෙනද කතා කරන්නේ? ලැජ්ජා නැද්ද? (ස)
ජාත්‍යන්තර පෙත්සමකුත් තියෙනවා මෙයා කරපු අපරාධ ගැන කියල නීති මගින් පියවර ගන්න කියලා.. දැන් බය වෙලයි ඔය.. යහ පාලනේ ඕනේ නම් මේ වගේ කට්ටිය යාළුවො වුණත් අයින් කල යුතුයි.. (අ)
වැල යන පැත්තට මැස්ස ගහන මේ වගේ අවස්ථාවදියන්ගෙන් හැම පාලකයෙක්ම ප්‍රවේසම් විය යුතුයි.(හේ)
ඇත්තටම මේවගේ කෙළෙහි ගුණ නොදත් මිනිස්සු ඉන්න ලංකාවේ නොසිට දුරුරටක කොතරම් දුක් විදගෙන හිටියටත් සැපයි කියල හිතෙනවා. පක්ෂ විපක්ෂ දෙපිරිසටම ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය හඳුනා ගන්න මේක හොඳ අවස්ථාවක්. මොකද මේ අය යන තැන කාට වුනත් කරන්නේ මේක තමයි. (අ)
ඇත්තටම මේ වගේ කෙලෙහිගුණ නොදත් මිනිස්සු ඉන්න ලංකාවේ නොසිට දුරු රටක කොතරම් දුක් විදගෙන හිටියටත් සැපයි කියල හිතෙනවා. පක්ෂ විපක්ෂ දෙපිරිසටම ලංකාවේ මිනිස්සුන්ගේ ගතිය හඳුනා ගන්න මේක හොඳ අවස්ථාවක්. මොකද මේ අය යන තැන කාට වුණත් කරන්නේ මේක තමයි. (අ)
මේ අය එක එක දවසට එක එක කතානේ කියන්නේ (දිල්)
මේ ගැන දෙවියොම බලා ගනීවී (දිල්)
ජනතා නියෝජිතයෝ (දිල්)
එදා කිව්වෙනම් "මෝදි අඳිනකොට සෙම්බුව වගේ, සිරා අඳිනකොට බම්බුව වාගේ" කියල. ගන්න එපා පැත්ත පළාතට. පුළුවන්නේ මෙහෙම වෙනස් වෙන්න (දිල්)
අප්පච්චි මැරුණේ නැහැ. ඔබතුමාලා වගේ අය තමයි එතුමාව මරාගත්තේ (නි)
මේ වගේ අය සමඟ අවුරුදු 10 ක් සිටි එකත් එතුමාගේ මහා ලොකු දක්ෂකමක් (නි)
කටුස්සෝ වගේ පාට මාරුකරනවා. ඒ කාලෙනේ එන්න තිබුනේ. දැන් පැරදුනාම පිල් මාරුකරනවා. (නි)
ගන්න කොහෙත්ම හොද නැති කෙනෙක් තමයි මෙයා.මහින්ද මහත්තයට වැරදුනු තැන තමයි විජිතමුණි,රෝහිත අබෙි,එස් බී,අලුත්ගමගේ,දුමින්ද සිල්වා,මුතුහෙටිටිගම වගේ අය ලංකර ගැනීම හා කිරි පෙවීම.(තවත් කටිටිය ඇත) (ස)
මෙහෙම ගියොත් අර ප්‍රසිද්ධ වේදිකාවේ කාන්තාවන් නිරුවත් කරන්න කෑගහන කෙනාත් බල්ටි ගහන දවස වැඩි ඈතක නැහැ. හපොයි මගේ වටිනා ඡන්දය ! (ස)
තුට්ටු දෙකේ මිනිස්සු. (ස)
කල දුටු කල වළ ඉහගන්නවා කියන්නේ මේවට තමයි (නි)
අනේ මුන්ගේ කටවල් (බ)
මනාප බලු පොරේ ළඟයිනෙ, එන්න ඡන්දෙදි අප්පච්චි පෙන්නන්න, මේ වගේ ගණිකාවෝ නව ජනාධිපති බාරගනිද? (අ)
අම්මපා රෙදි ඇදගෙනද දන්නෑ (අ)
මෙයා ගැන නම් ඉතින් අහන්නත් දෙයක්ද? (නි)
මෙයා මෙහෙම නොකිවුවා නම් තමයි පුදුම... (නි)
මෙයා මෙහෙම නොකිව නම් තමයි පුදුම..කෑ පතෙහි පහරන අය. (ස)
මෙහෙම දේවල් කියන්නේ කටින්ද ඇත්තටම? (නි)
මට නම් මේවා කියවන්නත් ලැජ්ජයි (නි)
අනේ ඇත්තට මෙහෙමත් අය එක්ක අපේ මහත්තයා හිටියනේ! (නි)
අපුරු පුතාලා! (නි)
මෙන්න මිනිසුන් හඳුනා ගන්න නියම වෙලාව (නි)
මේ වගේ අය ගෙන් නව ජනාධිපති තුමා ප්‍රවේසම් විය යුතුයි. (ස)
බලාගෙනයි! අප්පච්චිට කරපු වැඩේ බාප්පොච්චිටත් කරන්න බැරි නෑ. (බ)
බල්ලො! (අ)
මෙයාල තමා දවසකටවත් මිනිස්සු. (අ)
මැරිච්චි අප්පච්චි මීටිං තිය තිය හැමතැනම ඇවිදිනවා නම් දැක්ක.(අ)
මම ඡන්දෙ දුන්නේ නං මෛත්‍රී මහත්තයට . මට දුක මේ යක්කු මහින්ද මහත්තයට කඩේ ගිහින් දැන් කියන කතා වලට. රෙදි ඇදගෙන කටින් ද කතා කරන්නේ? මේවා කාටත් හොද පාඩම් බලේ නැති වුනහම ලග හිටපු උන් එකෙක්වත් නැ උන් යනවා. (අ)