අප්පච්චි මලා යැයි කීවේ හිටපු ජනපතිට සහය දැක්වු පිරිසක් බවත් , තමා පරාජය වුයේ නම් නැවත මැතිවරණයකට තරඟ නොවදින බවත් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ මහතා කීවේය.
ඔහු මේ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
නව මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ නම් සීමා තීරණය කිරීම , ජනතාවගේ අදහස් විමසිම වැනි කාර්යයන් සිදු කළ යුතු බවත් ළඟ එන මැතිවරණයෙන් පසුව එය සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
(වීඩියෝ හා ඡායාරූප ඉෂංක සුනිමල්)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තය බියගම හැමදාම පරාදයි එ්ක තමයි පස්සේ කොළඹට පැන්නේ. රේණුක එහෙමනම් රනිල්ගේ චන්ද්‍රිකාගේ කාලේ යුද්ධේ ඉවර කරන්න තිබුනනේ. (අ)
රේණුක ඇයි මෝඩ අලෙෂංදෙර් ලෝකේ ඇල්ලුවේ නායකකම නිසා නෙමෙයිද ? (අ)
සේනසිංහ කියන්නේ ජරා බොරැ ගහන රටට කිසිම වැඩක් නැති මිනිහෙක් බව අපි දන්නවා අල්ලේ පැලවෙන බොරු කියන .නුබ වගේ අයගේ කටටදාන්න ඕන දේ මම දන්නවා! (අ)
යහපාල ඔයාට මහින්දට මැස්සෙක් වැහුවත් කේන්ති යනවා. ටිකක් කල්පනා කරන්න පැරදුනේ 8 වෙනිදා. එදා ඉදන් අද වෙනකම් බෝධි පුජා ,සෙත් ශාන්ති කොපමණ. නම් හාමුදුරුවරු කෙරුවද. මහින්ද වෙනුවෙන් නොගියපු පන්සලක් ,දේවාලයක් තියෙනවද . එත් කිසිම සෙතක් නැහැ. තවමත් පක්ෂෙන් මන්ත්‍රී කමවත් දෙනවද. දෙවියන්ට පේන්න කොපමණ වැරදි වැඩ කරලා ඇත්ද .මිනි ඔලුවක් අතේ තියාගෙන මිනිසුන් වශී වශීවන්න ,මේ හැමදේම යටයි දේව දඬුවමට. (ස)
අනේ මන්ද හැමෝගෙම කියවිල්ල විතරයි. වැඩක් නෑ. ජනාධිපතිතුමා එහෙන් දේශන පවත්වනවා. ලක්ෂ හැට අටක් ඡන්දේ දුන්නේ ඔහොම කාලෙ කකා කියව කියව ඉන්න නෙවෙයි. වැඩක් කරයි කියලා හිතාගෙන. (ස)
මෙයා ලොකුවට දුෂණය, වංචාව ගැන කතා කළා. මෙතුමා පසුගිය දවසක තඹ කන්ටේනර වගයක්, කස්ටම් නොගෙවා බේරාගෙන යන්න ගිහිල්ල අසු උනා. එකට මෙයා කිවුවේ "මම ගියේ ඇමති කෙනෙක් විදියට නෙමෙයි, නිතිවේදියෙක් විදියට", කස්ටම් ගෙවල, ගෙනාව බඩු ගෙනියන්න නීතිවේදීන් ඕනේ නෑ. වැරදි වැඩ කරලා, තව නීති තර්කත් දමනවා මේ දවස් 100 ට. (ස)
අපි නම් දැන් මෙයාලා කියන දේවල් අහන්නෙ නැහැ (නි)
කාලෙකින් පස්සේ ලැබුණු ඇමතිකමෙන් වැඩක් කරලා පෙන්වන්න බැහැ. මහින්දට බැන බැන ඉන්නවා. තව ටික කාලයයිනේ.ඕකනේ අවුරුදු 20 ක්ම පැරදුනේ.(නි)
යහපාල ඔබ ඇතුළු කඩේ යන මහින්දට වැඩිය නුබලට හිතට සනීපයි (බ)
අප්පච්චි මළා කිව්වම මෙයාල බයවෙලා, අනුන්ගේ පහනින් එලිය බලන කට්ටිය මහා ඡන්දෙන් බලාගන්න පුළුවන්. එයයි ඇත්ත.(බ)
සේනසිංහ මහතා උඩබලාගෙන කෙලගහගෙන වගෙයි ..මෙතුමාට අගමැති රනිල් මහත්තයව අමතක වෙලා,එකයි මේවගේ ඒවා කියන්නේ. (බ)
ඔබේ කතාවට රත්තරන්වලින් තෑග්ගක් දෙන්න හිත තිබුණත් මා අත ලොකු මුදලක් නැති නිසා තඹ හෝ පිත්තල වලින් හදපු අශ්වයෙක් තෑගි කරන්න හිතෙනවා. (බ)
කවුරු මොනවා කිවුවත් අප්පච්චි මළේ නැහැ (නි)
සෙනරත් ඔබ හරි. මේ ලගදී ගණකාදිවරියක් රත්‍රන් කිලෝ 10 ක් ගෙනවිත් ගුවන් තොටුපොලේදී හසු වුනා ඔබට මතකද? ඒ රත්තරන් වලට සහ අල්ල ගත්තු සැකකාරියට වුන දේ රටම බලන් ඉන්නවා. මට නම් ආරංචි හැටියට දැන් වෙනත් කතාවක් යන්නේ. (නදී)
ඇත්තටම අප්පච්චි පරාද වුණාද? මටනම් මතක නැහැනේ? (ම)
රට බේරාගත් අයට හොද නැද්ද ?. .(ම)
ඔහේ කවුද..අප්පච්චි කවුද මහත්තයෝ..රුපියල් අස්සේ අලුකෙහෙල් ගහන්න යන්නේ නැතුව යහපාලනෙන් වැඩක් කරගන්න ඉතුරු වෙලා තියෙන ටික කාලේදී ඔය කරගෙන යන විදියටම..(ම)
ඔය කතාව කිව්වේ ඔබේම නායකතුමාටත් එක්කද,(ම)
සේනසිංහ පැරදුනහම බලමුකෝ . ඡන්දෙට කලින් කරන දෙයක් කරන්න . දෙන්නම් කාසි එපා (නදී)
කරන සත පහක වැඩක් නැහැ මහින්දට බැන බැන ඉන්නවා ඇරෙන්න. (නදී)
එහෙම වෙන්නේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නදී)
රනිල් මහත්තයා කවදාවත් ඡන්ද වලින් පැරදුනේ නැ පක්ෂය පරද වුණා මිසක් එතුමා තමන්ගේ ආසනේ හැමදාම දිනුවා හැබැයි මහින්ද මහත්තයා 77 ත් පැරදි. 2015 පරාදයි (ම)
රට බේරාගත්තේ අපේ වීර ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මිසක් ඔය පපුවට දෙඅතින්ම ගහගෙන අපේ අප්පච්චි කියන අය නම් නෙවෙයි (ම)
එහෙම නම් රනිල් මහත්තයාත් ගෙදර ගිහින් ගොඩක් කල් නේද කට තිබුන පලියට දිව හැරෙන හැරෙන අතට කතා කළාට මේ රටේ වැදගතුන් නම් නෙවේ (අ)
පැරදුනා කියල පැත්තකට වෙලා ඉන්නේ කව්ද. කට ඇරියොත් බොරු කියන තවත් යහපාලන පැටියෙක්. හිතන් ඉන්නේ ලොකුවට. දේශපාලනයේ පරදිනවා කියන්නේ අත්දැකීම් එකතු කරගන්නවා කියන එකයි. එහෙම නම් ලංකාවේ හිටපු හැම මන්ත්‍රී කෙනෙක්ම පැරදුන ගමන් ගෙදර ගිය අය වෙන්න ඕනේ නේද? බයවෙලා වගේ. (අ)
මොකද පසු පෙළ නායකත්වයක් නැත්තේ. හැමදාම කොටන් ඇද ඇද ඉන්නේ නැතිව නව නායකත්වයක් ඕනෑම පක්ෂයකට අවශ්‍යයයි.සිරි ලංකාව සිරිසේන ජනාදිපති සහ සිරිපාල අගමැති යටතේ සව් සිරියන් බබළවන්න අකමැති මොකද (අ)