‘අපි අප්පොච්චි මරන්න හැදුවේ නෑ. අපි අප්පච්චිට සේලයින් දීපු මිනිස්සු. අපි එතුමන් ජයග්‍රහණය කරන්න උපරිම අයුරින් කැපවුණා. අප්පච්චි මරන්න හැදුවේ සුමනදාස දෛවඥයයි, පවුලේ උදවියයි‘ වාරිමාර්ග අමාත්‍ය ගාමිණි විජිත් විජයමුණි සොයිසා තණමල්විල සෙවණගල පෙර පාසල් උත්සවයකදී කීවේය.
‘සමහරු කියනවා අපි එක්සත් ජාතික පක්ෂයට ගිහින් කියලා. අපි මේ පක්ෂයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ දිස්ත්‍රික්කයේ නෙමෙයි, මේ රටේ එතුමා දිනවන්න මුල්වී වැඩ කරපු කෙනෙක් මම. එතුමා කියනවා අප්පච්චි මැරුණේ නෑ කියලා පෙන්වන්න ආවා කියලා. අපි අප්පච්චි මරන්න හැදුවේ නෑ.‘
‘මම විතරක් නෙවෙයි මගේ පුතා රෑ එළි වෙනකන් රූපවාහිනී විවාදවල විජයදාස රාජපක්ෂ නීතිඥතුමා, අධිකරණ ඇමැතිතුමා, සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිතුමා, අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමැතිතුමාලා එක්ක කවුද තර්ක කළේ. ඒවාට කථා කළේ මම එළි වෙනකන්. අපි එහෙම කළේ මේ පක්ෂය පිළිබඳ තියෙන හැඟීමෙන්. එතුමා පිළිබඳ තිබෙන හැඟීමෙන්. ඒ හැඟීම අදත් තියෙනවා. මහින්ද රාජපක්ෂ ඇමැතිතුමාගේ පින්තූරේ අපේ ගෙදර තාම තියනවා. ඒක ගලවලා නෑ. අපි එතුමාට ආදරෙයි.‘ යැයි අමාත්‍යවරයා කීවේය.
‘අද මම ඉන්නේ බරපතල චෝදනා යටතේ. මම ඇප පිට ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. මහින්ද රාජපක්ෂ දිනවන්න ගියපු නිසා. මම ලක්ෂ ගාණක ඇප පිට ඉන්නේ. අපි නඩු දාගත්තා. අපි තර්ක විතර්ක කළා. බදුල්ල, නුවරඑළිය, මොනරාගල දිස්ත්‍රික්ක තුනේම වැඩ කළා. එහෙම කරලා කොහොම හරි බැලුවේ අපේ ආණ්ඩුව රැකගන්න.‘ යැයිද විජිත් විජයමුණි සොයිසා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද සොයිසා මහත්තයට දැන් අප්පච්චි මතක් වුනේ චන්දෙ ළඟ හින්දද? ගුන්මකුකමට ජනතාව ඔයාට සලකාවි මේ ඡන්දෙදි (නදී)
මොකද හදිසියේම මෙයා වෙනස් වුණේ...රැල්ල ටිකක් වෙනස් වෙනවා වගේ නිසාද..? (ම)
ඇපත් නැති වේවි ඊලග ඡන්දෙන්(ම).
එහෙම නම් දුවලා ගිහින් ඇමතිකම් ගත්තේ ඇයි. මන්ත්‍රී පඩිය මදි වුණාද.(ම)
දැන් හැමතැනම ඝාතකයෝ ගොඩයි. කවුද ඇත්තටම අප්පච්චිව මැරුවේ.(ම)
ගිය පාර ඔබේ මේ පාර අප්පච්චිගේ. මේ පාර ඔබේ ඇපත් නැතේ. නාඩන් අප්පුහාමියේ.(ම)
තමන්ට වාසි වෙන පැත්තට ආවඩන මිනිස්සු. මේ රටේ දේසපාලනය ගිය කලක්.(ම)
ගිය ආණ්ඩුවෙන් ලැබූ වාසි නැතුව ඉන්න බැහැ වගෙයි. ආයේ අප්පච්චි ගෙනෙවු! (නි)
මචන් විජිතේ දැන් වත් ඔය අච්චාරුවෙන් අයින් වෙලා නිදහස් වෙයන් (බ)
සොයිසා මහත්තොයෝ මොකද මේ හදිසියේ වෙනස්වීම (බ)
මෙයාලා දැන් මෙහෙම කීවට මාස තුනහමාරකට කලින් කිවේ අප්පච්චි වලලා පාන්සකුලේ දීලා පින් පමුණුවමු කියලයි. එතකොට බලය ඇතුලට මැක්කෙක් වෙලා හිටං රිංගන්න ඕනවෙලා ඇතුල් පතුල් පිච්චි පිච්චි එක තැනක හිටගන්න බැරුවයි හිටියේ. කොහොමටත් මුන් හිතුවේ නැහැ රටේ බහුතරය අප්පච්චි දෙසට හැරෙයි කියලා. අප්පච්චි වටා රොක් වෙයි කියලා. බලය තියෙන විට මෙයා ජනතාවට කතා කරපු විදිහ අප්පච්චිට කතා කරපු තාලෙමයි. මම මහින්ද මහත්තයාගෙන් ඉල්ලන්නේ මේ වගේ අවස්ථාවාදී බිස්නස් කාරයෝ ළඟට නම් ගන්න එපා. එහෙම වුනොත් ආපහු පරාජයම තමයි. (බ)
මොනවා කිව්වත්, කාට කිව්වත් ඉල ඇදෙන කතා තමයි කියන්නේ. (ත)
හිටපු ජනාධිපති තුමාගේ හැටි, ස්වභාවය දන්නා අය එතුමා නැවත බලයට එයි කියල හොඳටම බය වෙලා. මෛත්‍රීපාල ජනාධිපති තුමාගේ අගය හා නිහතමානීකමේ වටිනාකම නොතේරෙන මිනිස්සුන්ට නම් ගැලපෙන්නේ මහින්ද මහත්තයාම තමයි. (ත)
දැන් ද තේරෙන්නේ අනේ (ම)
දැන් වත් ඇති මොළේ පැදුනනම් (ම)
අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක්. එක ආණ්ඩුවකින් තව ආණ්ඩුවකට පනින ඇමතිවරයෙක්. මෙයා විතරක් නෙවෙයි තව ටික දවසකින් තව තව කුරුල්ලන් පනින්න පටන් ගනීවි. (බ)
මේ ප්‍රතිචාර දමන බොහෝ අය මහින්ද මහත්මාට නිගා දෙන්නේ රටට ආදරයක් නැති නිසා බව පැහැදිලිය එතුමාගේ අගය නිවට ද්‍රෝහී පිරිස්වලට වැටහෙන්නේ නැත. (බ)
සුමනදාස තමයි දෙවැනි වරට අපේ රට බේරාගත් මිනිසා. සුමනදාස කිසි වරදක් කෙරුවේ නැහැ ,පණ්ඩිතයට ඒ දණ්ඩේ යන්න බැහැලු ,මහින්දට වුනේ එකයි ,උගත් කමින් අඩු සාස්තරකාරයින් රජ්ජුරුවන්ව නැටෙව්වා (බ)
දිව හැරෙන හැරෙන පැත්තට වචන එලියට දාන ප්‍රතිපත්තියක් නැති , ජනතාව ගොනාට අන්දන්න හදන ඕනෑම ගොබිලෙක් ඊළග ඡන්දෙන් පාට බලන්නේ නැතුවම ගෙදර යවමු නේද ? අප්පච්චිටත් ඒ හැන්දෙන්ම බෙදල දාමු ඔන්න ඔහේ ! (බ)
හරියට හරි, ඔය අත්තෙන් අත්තට පනින කුරුල්ලන් පනින්නේ නිකම් නෙවෙයි. හැමදාම ඇමතිකම් තියාගන්නයි. ඔක්කොම එකයි, අපි නිකම් කුරුල්ලන්ට අපහාස කරනවා. (බ)
මාටින්ලාට ඉතින් මෙතුමා කියන කතා අහලා ඉල ඇදෙනවා. බැරි වෙලාවත් නැවත මහින්ද මහත්තයා බලයට ආවොත් එහෙම, මෙතුමලාටයි අපේ රටටයි අත්වෙන ඉරණම ගැන හිතලා අපේ ඇඟේ මවිල් කෙළින් වෙනවා. (නි)
කොහොමත් ඉතින් සුමනදාසල පස්සෙන් යන අයට වැඩිය සුමනදාසට මොළේ තියනවා කියල අපි නම් දන්නවා. (බ)
අප්පච්චි යුද්ධය අවසන් කිරීමට කළ මෙහෙය අපමණය. (ත)
ඡන්දෙ පැරදුන ගමන් අප්පච්චි මළා කියලා වැල යන පැත්තට මැස්ස ගහන්න හදන්නේ නැතුව සන්ධානය විදියට එකමුතුව වැඩකළා නම් පාර්ලිමේන්තුවේ බලය පෙන්නුවා නම් හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා.අප්පච්චි ගැන විශ්වාසය තියලා කටයුතු කළා නම් අද අපි මේ නරිනාටක බලන්නේ නැහැ. (නි)
කරුණාපාලලා වගේ හිටපු හැටි අමතක කෙළෙහිගුණ නොදත් ගුණමකු සිංහලයන්ගේ කෙළින් වෙන්න හරි මවිලක් ඉතුරුකරලා දීපු එක තමයි මහින්ද මහත්තයා කරපු ලොකුම අපරාදේ... (නි)
දැන් අනෙක් පැත්තට මොකද කතාකරන්නේ? (නි)
දැන් වැඩේ වැරදිලා. අප්පච්චි මැරුවේ මෙයාලා තමයි. සුමනදාසලාට වැරැද්ද පටවන්නේ මෙයාලා ඇඟ බේරාගන්න (නි)
පිවිතුරු යහපාලට අමතකයි වගේ රට බේරාගත් ජෙනරාල්තුමාට සළකපු විදිහ? ඒ කෙළෙහිගුණේ නම් නියමයි නේද? ෆොන්සේකා මහත්මයා වගේ යුධ වීරයින් නැත්නම්, ඔය පාලලගේ මවිල් ටිකට වුණදේවත් හිතාගන්න බැරිවෙයි. (නි)
එන පොටනම් හොඳ නැහැ (බ)
රටේ මහජන මුදල් අත්තනෝමතිකව පරිහරණය කරමින් ගසා කාපු ඔහුගේ පොටෝ එකක්වත් ගෙදරක තියාගන්න වටිනවද ? (බ)
ඔන්න සමහර අයට අායෙත් අප්පච්චිව මතක් වෙලා...(රේ)
යුධ ජයග්‍රහණයට අවමන් කල පිරිස් එක්ක යුධ ජයග්‍රහණයට හොර ඔප්පු හදපු සුදු කොඩි කතාවෙන් ඒ ජයග්‍රහණය පාවල දීල ජාත්‍යන්තරයට අවශ්‍ය දේ ඉටු කරලා දීපු ඒ උත්තමයට නම් ඒ කළගුණ සලකපු විදිය මදි කියලයි අපි කියන්නේ. හමුධාපති කියන්නේ රජයේ සේවකයෙක්. ඔහු ඔහුට දුන් කාර්යය කරන්න ඕනා. නැත්නම් පස්සට පයින් ගහල එලියට දාල වෙන කෙනෙකුට එ්ක බාර දෙනවා. කලින් හිටිය හමුදාපති කොට්ටේගොඩ මහත්තයටත් ඒ වගකීම් පවරලා පහසුකම් දුන්නා නම් එ්ත් ඔය යුද්දේ ඉවර වෙනවා ඔය විදියටම. වරද තිබුනේ හමුදාවේ නෙමෙයි. දේශපාලන නායකත්වයේ. එ්ක නිසි පරිදි ලැබුනට පස්සේ යුද්දේ ඉවර වුනා. පොන්සේකා මහත්තය ගෙදරින් සේරම ගෙනත් එයාගේ තනි මතයට උඩින් යටින් දියෙන් ගහල ජාත්‍යන්තරයත් කළමනාකරණය කරන් යුද්ධේ කල විධියටනේ කරුණාපාල හිතන් ඉන්නේ. අඩුම ගානේ ස්කොලේ යන කාලේ ශිෂ්‍ය භට පුහුනුවක්වත් ලැබුවානම් ඔහොම හිතෙන්නේ නැහැ. (නදී)