(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයට පවතින ආණ්ඩුවට වඩා රට ගොඩදාන්න මොකක් හෝ විශිෂ්ට සැලසුමක් තිබෙනවාදැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළාය.

"අප මේ වෙලාවේ මුහුණ දෙන තත්ත්වය කුමක්ද කියා සැමට හොඳ අදහසක් තිබිය යුතුයි. ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී නැවත වතාවක් හුස්ම ගන්න උත්සාහ කරන අවස්ථාවක විපක්ෂය කටයුතු කළ යුතු ආකාරය ගැන මීට වඩා ගැඹුරින් සිතිව යුතුයි.රටේ අවාසනාවකට විපක්ෂයේ උදවිය උත්සාහ කරන්නේ මොකක් හෝ ගේමක් ගසා බලයට පැමිණීමයි.ඒ නිසා අවුරුදු පහට පෙර මොන හෝ විදියකින් ආණ්ඩුව වැට්ටවිය යුතු යැයි ඔවුන් සිතනවා.ඒ සඳහා තමයි ඔවුන් මුළු උත්සාහයම ගන්නේ. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව රාජ තාන්ත්‍රික දුර්වලතා ආදී කතා කියමින් ජනතාව බිය වද්දමින් කටයුතු කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.