නිමන්ත අද වන විට ඔබේ වැඩකටයුතු මොන වගේද?
සෞන්දර්ය සරසවියෙ කථිකාචාර්යවරයෙක් විදියට කටයුතු කරන අතරේ මගේ සංගීත ඇකඩමියේ වැඩ කටයුතුත් කරගෙන යනවා. ලංකාවේ හඬ පිළිබඳව ඉගැන්වීම සඳහා තියෙන තැන් හරිම දුලභයි. මේ නිසාම තමයි මේ වසරේ සිට උස්තාද්වරු පවා ගෙන්වන්න තීරණය කළේ.
”උස්තාද්වරයකු” කියන්නෙ මොනවගේ කෙනෙකුටද?
සමහර විට ලංකා සමාජයෙ ”ඔස්කාර්” කෙනෙක් කියලා කියන්නෙ උස්තාද් කෙනෙකුට වෙන්න ඇති. උස්තාද්වරයකු කියන්නෙ පරම්පරාවකින් බිහිවන කෙනෙක්. උස්තාද්වරයකු බිහිවීමට ක‍්‍රමවේදයක් තියෙනවා. එයා ඉස්ලාම් ආගමිකයෙක් හින්දු ආගමිකයන් අතරින් බිහිවන්නෙ පණ්ඩිත් කෙනෙක්.
උස්තාද්වරයෙකු කියන්නෙ සංගීතයෙහි බොහෝ දේ දන්නා කෙනෙකුටද?
පණ්ඩිත්වරයකු මෙන් උස්තාද්වරයකු කියන්නෙ සංගීතයේ බොහෝ දේ ප‍්‍රායෝගිකව බොහෝ සෙයින් ආභාෂය ලද කෙනෙක්. අපි ලංකාවේ පහතරට උඩරට නර්තන සම්ප‍්‍රදායට අයත් ගුරුන්නාන්සේ කෙනෙක් ගනිමු. ඒ වගේ පරම්පරාවකින් බොහෝ දේ ඉතාම හොඳින් ප‍්‍රගුණ කරලා එන කෙනෙක්.
|
|
හේෂාන්ගේ බිරිඳ අංජලී ... |
ඒ කියන්නෙ උස්තාද්වරයකුට අධ්‍යාපනයක් නැද්ද? පරම්පරාවේ දේ පරිහරණය කිරීම පමණද කරන්නෙ?
ඉස්සර බොහෝ විට සිදුවුණේ එහෙමයි. උස්තාද් පරම්පරාවේ අය කුඩා කල සිට හුරු කළේ නැඹුරු කළේ සංගීතය කියන විෂය සඳහාම පමණයි. නිකම්ම නොවේ.
ප‍්‍රායෝගිකව අත්හදාබැලීම සඳහා කුඩා කල සිටම යොමු කළා. නමුත් වත්මන් පරම්පරාවේ අය අධ්‍යාපනය ලබන අතරේ පරම්පරාවේ මේ උරුමය ඉදිරියට ගෙන යනවා. ඒ අය කෙතරම් සංගීතයට ලැදිද යත්, දවස පුරා වසර පුරා ප‍්‍රායෝගිකව පුහුණුව ලබනවා.
උස්තාද්වරයෙක්ගෙන් සිදුවන සේවය මොනවගේද?
ඉන්දියාවේ සංගීතය ඉතාම රසවත් වී තිබෙන්නෙ, මේ උස්තාද්වරුන්ගෙ පරපුරෙන් පැවත ආ සංගීතය නිසයි. ඉන්දියාවේ සංගීතය යනු ගීතයම නොවෙයි. කල්කටා වගේ නගරවාසීව ජීවත්වන තරුණියක් දීග යන විට පිරිමි පාර්ශ්වයේ අය ප‍්‍රධානව බලන දෙයක් වන්නෙ, තරුණිය සතුව සංගීත ඥානය, හැකියාව තිබේද කියලයි. සංගීතය එයාලගෙ ආධ්‍යාත්මය වගේම ලේත් එක්ක එන දෙයක්. ලංකාවේ බොහෝ විට සිදුවන්නෙ සරල සංගීතයෙන් පටන්ගෙන සරල සංගීතයෙන්ම හමාරවීමයි. නමුත් ඉන්දියාවේ බොහෝ විට සිදුවන්නෙ ශාස්ත‍්‍රීය පදනමෙන් පටන්ගෙන ශාස්ත‍්‍රීය නිමාවකින් එය හමාර කිරීමයි. වත්මනෙහි සිටින සෝනු නිගම් වගේම භාරතයේ මහා ගායිකා ලතා මංගේෂ්කාර් පවා එවැනි ආභාෂයක් ලබාගෙන ආ අයයි. ඒ වගේ ඉතා ශක්තිමත් අත්තිවාරමක් තියෙනවා. අපේ සංගීතය බොහෝ විට පහත රට බෙරයකට සමානයි. සද්දය විතරයි. ඇතුල හිස්. ඒ විතරක්ම නෙවෙයි. ඉන්දියාවේ සංගීත ක්ෂේත‍්‍රයේ කලාකරුවන් අතර ඔවුනොවුන් අතර තියෙන පිළිගැනීමද ඉහළයි.
|
හේෂාන්ගේ ගුරු ජී |
ලංකාවට උස්තාද්වරයකු ආ පළමු වතාව මෙයද?
උස්තාද්, ශාකීර් හුසේන්, පණ්ඩිත් රවිශංකර් වැනි දැවැන්ත සංගීතඥයින් සහ චරිත පැමිණ තිබෙනවා. නමුත් ශිල්ප ලබාදීම සඳහා ලංකාවට උස්තාද්වරයකු ආ පළමු වතාව මෙයයි. රාගය මොකක්ද? ගායනා කරන්නෙ කොහොමද? ඒ සඳහා ඇතුළත් විය යුතු දේ කුමක්ද? ඒ සියල්ල උස්තාද්වරයකුගෙන් ප‍්‍රායෝගිකව දැන ගත හැකියි. මේ ආ උස්තාද්ගෙ ගුරුකුලය වන්නෙ ”කිරානා” යි. එයාගෙ නම උස්තාද් ඉර්ෂාඞ් වර්සායි. ඔහු සමග තබ්ලා අංශයේ විශාරදයකුත් පැමිණියා. නිෂාන්ට් ෂර්මා ඔහුගේ නමයි. අපි මේ විදියට මෙයාලා ආ බව ප‍්‍රචාරය කළත්, සරසවිවල සිටින සංගීතය හදාරණ අයගෙන් පවා ලැබුණෙ අඩු ප‍්‍රතිචාරයි. ඒ කියන්නෙ මෙයාලගෙන් ඉගෙන ගන්න පින නැහැ. අපේ රටේ බොහෝ විට සිද්ධ වෙන්නෙ, හැකියාව පෙන්වලා, ගීතයක් ගයලා, ඊළඟට එය සල්ලි උපයන මාර්ගයක් කර ගැනීමයි.
ඔබගෙ බිරිඳත් දැන් ලංකාවට ඇවිත් නේද? ඇය මොනවද කරන්නෙ?
”අංජලී මිශ‍්‍රා” මගේ බිරිඳ ආචාර්ය උපාධිය සඳහා තවම ඉන්දියාවේ ඉගෙන ගන්නවා. ඒ අතරේ ඇය ලංකාවට ආවා. මෙහේ සෞන්දර්ය සරසවියේ කථිකාචාර්යවරියක ලෙසත් කටයුතු කරනවා. පුතාලා දෙන්නා සහ අපි දෙන්නා සතුටින් ජීවිතය ගෙවනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඔබට සුභ පතනවා.(නදී)
දිමුතුගේ වදනට මාත් එකගයි. දෙන්න හිතෙනවා උම්මා එකක්.(නදී)
එතකොට සුනිල් ශාන්තයන්, පණ්ඩිත් අමරදේවයන්... මේ අය ඉන්දියාවේ ගිහින් ඉගෙනගෙන ඇවිත් මේ රටේ සංගීතයට මොනවාත් කරලා නැද්ද? අනෙක් අතට වික්ටර් රත්නායකයන් සහ රෝහණ වීරසිංහ මේ අය ඉන්දියාවේ ගියේ නැතුවට මේ රටේ සංගීතයට කළ මෙහෙවරක් නැද්ද? ඒ වගේම කේමදාස මාස්ටර් මොනවවත් කළේ නැද්ද? හොඳ දෙයක් අලුත් දෙයක් කරන එක හොඳයි. නමුත් අනෙක් අය කිසිවක් නොකළ බව කීම නරකයි නේද? (නි)
මහත්තයා එහෙම කියන්න එපා . සංගීතය ගැන මහත්තයා මොනවාද දන්නේ කියලා තමයි අපිට අහන්න වෙන්නේ (දී)
ඔයා කොහොමද එහෙම කියන්නේ, ලංකාවේ සංගීතය බොහොම ගරු සරු එකක්. සුපිරිතරු කියලා ජාතියක් නම් ඔන්න රටේ සංගීතය නැති කරනවා (දී)
මම නම් ඔබ කියන දේ අනුමත කරන්නේ නැහැ (දී)
මෙයා ලගදී රුපවාහිනියේ පැරණි බොදු බැති ගීයක් කිව්වා. (නදී)
සිංහල සංගීතය කියන විෂයය ඉතා සංකීර්ණ එකක් පුළුල් විෂය දැනුමක් නැතිව අදහස් පලකිරීම වැරදියි .(අ)
ශිරන් අපේ රටේ ඉන්දියාවේ දකුණු ඇමරිකාවේ,අරාබි හෝ බටහිර වගේ සංගීත සංස්කෘතියක් නැහැ.එක නැහැයි කීම කාට වත් කඩේ යමක් නෙවේ. එකයි යථාර්තේ. ඉන්දියාවේ සංගීතෙට වෙන්වෙච්ච කුල තියනවා.රාගදරී සංගීතයක් අපට නැහැ. බටහිර ඔපෙරාවලට මුහුණේ මස් පිඩු පවා සකස්කරනවා. එත් අපට නර්තන කලාවක් නම් ඇත. (ස)
අපේ පාර්ලිමේන්තුවේ නම් 'ඔස්තාර්' ල ඕනේ තරම් ඉන්නවා.(නදී)
දිමුතු මහතාණනි ඔබේ කටේ මසුරන් දාණ්ඩ වටිනවා.(නදී)
මම හිතුවට වැඩිය මෙයා වැඩකාරයා (අ)
නන්දන,ඔබට හින්දි දැනුම නැත්නම් දෙමල සංගීතය ගැන දැනගෙන රසවිඳින්න. ඒක හරි ලෙහෙසියි. අද ලොව පතල අය පවා ඔස්කාර් සම්මාන දිනාගෙන ආවෙත් මේ දකුණූ ඉන්දීය සංගීතය නිසා බව මතක තියාගන්න. (නි)
අපේ සංගීතය බෙරයක් වගේ නම් එතකොට හොද ඉන්දියාවේ එකද? (නි)
මට සංගීතය ගැන වැඩි දැනුමක් නැහැ. අපට ජන සංගීතය හැරුනම ඉන්දියාවේ වගේ කාලාන්තරයක් තිස්සේ ආපු සංගීතයක් නැහැනේ.ඇයි හැමෝම හදන්නේ ඉන්දියාවේ සංගීතේ මෙහෙ රෝපනේ කරන්නනේ. ඇයි බැලේ,ඔපෙරා,ලටිනෝ,කන්ටාට්,සිම්පනි,ටැංගෝ වගේ ගැඹුරු දේවල් රෝපනේ කරන්න කවුරුත් උත්සහ නොකරන්නේ (නි)
මම නම් පුද්ගලිකව ඉන්දියන් සංගීතෙට විරුද්ධයි. හේතුව 1) ඉන්දියාව මිතුරෙක් වෙසින් හතුරුකම් කිරීම. 2)අපට ඉන්දියාව පස්සේ නොගිහින් සින්දුවක් වත් කියා ගැනීමට නොහැකිද යන ප්‍රශ්නය. 3)ඉන්දියානු සංගීතේ රසවිදීම හැමෝටම හැකි නොවීම. 4) ඔපෙරා,බැලේ,කැන්ටට්,සිම්පනි, ඔකේස්ට්ර වඩාත් ගැබුරින් වැඩි වීම (නි)
ඔබේ උත්සාහය අගය කරනවා. එත් ඇයි අපේ රටේ ඔකේස්ට්ර, සිම්පනි, ඔපෙරා, කන්ටාට්,බැලේ,ලටිනෝ,කොසක්,වගේ ගැඹුරු බටහිර සංගීත ක්‍රම අඩු. ඒවා ජනප්‍රිය කොලඹ ඉහල පන්තිය අතරේ පමණද?. එහෙම නැතිනම් ලංකාවේ ඒවාට ශිල්පින් නැතිද?(නදී)
මන් සංගීතය ගැන මෙලෝ දියක් නොදනිමි. එහෙත් මේ ප්‍රශ්නය අසමි. ඇයි ඉන්දියානු සංගීතේ මලානික. හැමෝම කියනවා එය ගැඹුරුයි කියා. නමුත් ඒ රිද්මය මලානිකයි. ඔපෙරාවක්, සිම්පනියක් වගේ සමවදින්න බැරි ඇයි.(නදී)
එස් එම එස් තරග වින්ශ්චය කරනකොට මහා 'පඬිවදන්' දොඩන අපේ රටේ 'ඔස්තාර්'ලා මදිවාටද පිටරටින් ඔස්තාර් කෙනෙක් ගෙනාවේ?(නදී)
මගේ සුබ පැතුම්! (නි)
මෙයා ගහපු බෙරයකුත් නෑහෑ පලුවකුත් නෑහෑ බොරුව විතරයි.(නදී)
මේ සටහන සදී සහ ලලිත්ට. ඔය දේ තමයි ලංකාවේ හැමතැනම සිද්ද වෙන්නේ. සංගීතෙට විතරක් නෙමේ. ඉස්සර සුද්දගේ කාලේ පාරවල් හදල තියෙන්නේ පළමුවෙන් අස්සයෙක් යවලා ඊට පස්සේ තමයි සුද්ද යන්නේ. අස්සයා තමයි හරි පාර සොයාගන්නේ. නමුත් කිසිම දවසක කිසිම කෙනෙක් අස්සයා ගැන කතා කරලා නැහැ. එක තමයි හැම තැනම වෙන්නේ. ලංකාවේ අයට අපේ කම ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එක්කෝ හීනමානය, නැත්නම් මෝඩකම. ජෝතිපාලගේ සින්දුවක් අහන්න ආසයි කියනවට වඩා ජස්ට්න් බීබර් ගේ සින්දුවක් අහන්න ආසයි කියන අය ලංකාවේ පිරිලා. මලක් කඩල නටුව ඉබල මලේ සුවඳ කියනවා වගේ වැඩක් මේක. අනිත් එකාගේ දේට ආවඩන එක හොදටම කරන රටක් තමයි ලංකාව.(නදී)
ඇස් දෙකින් දකින්න ඕනෑ නම් සුපර් ස්ටාර්ස් බලන්න. (නි)
ශිරාන්...මල්ලියේ..උඹනම් හරියටම හරි.(නදී)
මොකද ඔයාගේ සංගීත බෙරේ මැටි වලින් පුරවලද තියෙන්නේ? (අ)
දිමුත් සංගීතය ගැන යමක් දන්නා පාටයි . පොලවේ පයගහල ඉන්න ඔයාලට අපේ උත්තමාචරය.(නදී)
මොහුගේ දැක්ම මා දකිනා විදියට නිවැරදියි. රිංගින්ටෝන් උන්මාදයේ පිස්සන් වගේ හැසිරෙන නූගතුන් බිහිවන සමාජයක ඔබ වැනි කෙලින් වැඩ කරන මිනිසුන් තවමත් ඉතිරි වී සිටීම පිලිබද දැනෙන්නේ මහත් සතුටකි. (නි)
මෙතුමා හොද සේවයක් කරන්න බලාපොරොත්තුවෙන් ඇති, එකට මම සුබ පතනවා. එත් ලංකාවේ පරම්පරාවෙන් එන සංගීතයක් නැත කියන එකට මම එකග වෙන්නේ නෑ. අපේ ඕන තරම් උඩරට, පහතරට පාරම්පරික දැනුම තියන, ඒ දැනුම බෙදල දෙන ගුරුන්නසේලා ඕනේ තරම් ඉන්නවා. ඉන්දියාවේ නම් තියනවා අපේ නම් නැහැ කියන තීරණයට පොඩ්ඩක්වත් එකග නැහැ.(නදී)
මට නම් හිතෙන්නේ මෙතන අදහස් දමන හුගක් දෙනා ලංකාවේ සංගීතය ගැන හෝ ඉන්දියානු සංගීතය ගැන දන්නේ නැහැ. හේෂාන් යමක් දන්නා කෙනෙක්. මම නම් අහලා තියෙන්නේ සංගීතය කියන්නේ විශ්ව බාෂාවක් කියලා. (නි)
අපේ කමත් රැකගෙන අපේ කියලා කියන්න පුළුවන් දෙයක් ඇතිකර අපේ සංගීතය හරවත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා ! (ස)
මෙයත් හරියට පහත රට බෙරයකට සමානයි. සද්දය විතරයි. ඇතුල හිස් දවසක් දෙකක් සුපර්ස්ටාර් බැලුව මෙයාගේ බයිලා තමා ගොඩක් හොද වැඩ කාරයෙක් නම් සුපර්ස්ටාර් කරයිද?(නදී)
ඔපෙරා,කොසක්,කන්ටාට්,ඔකෙස්ට්‍රා,සිම්පනි,බැලේ,ලටිනෝ,ටැංගෝ වගේ මෙතන කට්ටිය කියන දේවල් වගේම රොක්,ජෑස්,රෙගේ,පන්ක් වගේ දේවලුත් ජනප්‍රිය කුරුදුවත්තේ විතරයි. (නි)
අමරදේව මාස්ටර් වුනත් ඉන්දියන් සංගීතෙ ඉගෙන ගත්තට අහන්න පිරියක් ඇති දේවල් අපට දායාද කළා. (නි)
විමලසේන ඔයා ලෝ පතල අය කියලා හිතන් හිටියට ඔය දකුණු ආසියාව කියන්නේ ඉතා කුඩා කොටසක් පමණි. ඕවත් අර ටාට බස් වගේ තමයි. ප්‍රසිද්ද දකුණු ආසියාවේ රටවල් වල තමා.(නදී)
සුපර්ස්ටාර් වැනි තරඟ විනිසුරු වරයෙකු ලෙස කටයුතු කිරීම ගැන නම් කණගාටුයි. ඔබ වැනි අයගේ දක්ෂකම් උගත් කම්වලින් වැඩක් නෑ වගේ. මිනිසුන්ගේ අප්‍රසාදය හිමිවිය හැකියි. නියම දක්ෂයෙක් ඒවායේ තේරීමට විනිසුරුවන්ට ඉඩක් නෑ ඒකයි.(ස)
නන්දන ජානක හා ලසන්ත, බටහිර සංගීතය පිළිබද ඔබේ අදහස් සැබවින්ම අගයමි.මම බටහිර මෙන්ම ඉන්දීය සංගීතයත් තරමක් උගත්තෙමි. අපිට ඉන්දියාවේ ඇවිදිනකොට පෙනෙනවා ඉන්දියානු ජනප්‍රිය සංගීතය බටහිර අමු අමුවේම කොපි කරන බව.අපේ වගේමයි. (නි)
නමුත් ඇයි අපිට කේමදාස මාස්ටර්, ලයනල් ,රන්වල ,මකුලොලුව නැත්නම් බැද්දගේ වගේවත් වෙන්න බැරි. අපේ කියා දෙයක් හොයාගන්න බැරි. (නි)
ඔබගේ උත්සාහයට අතිෂයින්ම සුබ පතනවා. ස්ටිර් තරග වලදී දුටුවත් තොරතුරු දැන සිටියේ නැහැ. තරුණ කලාකාමින්ට හොද ගමනක් යන්න නම් මෙන්න දැන් ලැබී ඇකි අවස්ථාව. මෙයින් උපරිම ප්‍රථිපල ගන්න ඕනෑ. ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගෙන ඉහලට යන්න. එයින් පසුව ජනතාව උසස් රසඥතාවයකට පත් කරන්න. (නි)
කියනවා වගේ වැඩ තිබුනොත් හොදයි. දැනට නම් සුපර්ස්ටාර් එකේ පිස්සු කෙලිනවා ඇරෙන්න කරපු දෙයක් නම් පේන්න නැහැ. ගොඩක් අය ලොකු කතා කියල ආවට කරපු දෙයක් නම් නැහැ.(නදී)
නියම වෑඩකාරයා අමල් කට වගේමයි වෑඩත් සංගීතය මමත් අවුරුදු 25 විතර කරනවා රූකාන්තට පස්සේ මම දැක්ක එකම වෑඩකාරයා.(නදී)
සංගීතය නොව ගීතයක තනුව විශ්ව භාෂාවක්. එනිසා ලොව ඕනෑම භාෂාවක ගීතයක් අපට රසවිදිය හැක.අද ලංකාවේ සුපර් ස්ටාර් තරග ගායකයන්ගෙන් සියලුම දෙනා ගයන්නේ 70 දශකයේ ගීත.ඒ ඇයි සිතා බලන්න (නි)
අනේ අපොයි! (නි)
කැලුම්, 70 දශකයේ ගීත ගයන්නේ නැතුව දැන් තියන බහුබූත ගීත ගයලා සුපර් ස්ටාර්ස්ලා වෙන්න බැහැ.කලාතුරකින් එකක් දෙකක් නැතුවාමත් නොවේ. (නි)
මෙයා හිතාගෙන ඉන්නේ "මම කිර කියාලා" එච්චරටම පුළුවන් නම් ඇල්බම් එකක් කරලා පෙන්නන්න.(නදී)