ඉතා දිප්තිමත් රතු වර්ණයකින් යුතු මාළුවකු නිසා ම ලේ තිත්තයා යැයි සිංහල බසින් හඳුන්වන මේ සත්ත්වයා පෙතියා තිත්තයා Puntius titteya නමින් සත්ත්ව විද්‍යාත්මකව හඳුන්යි. චෙරි ගෙඩියේ පැහැයට සමාන රතු පැහැයක් ගැනීම හේතුවෙන් මේ මාළුවා චෙරි බාප් Cherry barp ලෙස ඉංග්‍රීසි බසින් හැඳින්වේ.
ශ්‍රී ලංකාවට ආවේණික ලේ තිත්තයා වඳවීයාමේ තර්ජනයට මුහුණ දී ඇති බැවින් රතු දත්තපොතට ඇතුලත් කළ සත්ත්ව විශේෂයකි.
1929 වර්ෂයේ දී සත්ත්ව විද්‍යාඥ පී.ඊ.පී. දැරණියගල මහතා විසින් මේ සත්ත්වයා ලෝකයට හදුන්වා දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. සෙමෙන් ගලායන ඉතා පිරිසිදු ජලය හා කොළරොඩුවලින් යුතු පත්ලක් සහිත ඇලමාර්ග මොවුන්ගේ වාසස්ථාන වී තිබේ. ප්‍රධාන ගංඟාවන්ට එකතුවන ඇල මාර්ගයන්හි දැකිය හැකිය. ඉතා සංවේදී සත්ත්වයෙකි. ජලයේ සිදුවන සුළු වෙනස්වීමක් පවා මොවුන්ට හානිකර වන බව පරිසරවේදීන් කියයි.
ලේ තිත්තයාගේ වර්ණ ප්‍රබේද දෙකක් දක්නට ලැබෙයි. ඉතා දීප්තිමත් රතුවර්ණයෙන් යුතු ප්‍රබේදයක් හා මධ්‍ය රේඛාව හරහා දිගටි ඉරක් සහිත ප්‍රබේදයක් ඇත. පිරිමි මත්ස්‍යයා වඩාත් රත් පැහැයෙන් යුතු අතර ගැහැනු මත්ස්‍යයා වඩාත් දුඹුරු පැහැයට හුරුය.
කැලණි ගංඟා නිම්නයේ සිට නිල්වලා ගංඟා නිම්නය දක්වා ගංඟා නිම්නයන්හි දක්නට ලැබෙයි. අභිජනන සමයේ දී පිරිමි මාළුවාගේ රත් පැහැය වඩාත් දීප්තිමත්වේ. ගැහැනු මත්ස්‍යයා ඇළ දොළ පත්ලේ කොළ රොඩු අතර සිය බිත්තර විසුරුවා හරියි.
විසිතුරු මත්ස්‍ය අපනයනයේ දී චෙරි බාෆ් ලෙස හඳුන්වමින් ලේ තිත්තයන් බහුලව අපනයනය කිරීම හේතුවෙන් මොවුන් ස්වභාවික පරිසරයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇත. වනාන්තර විනාශයත් තේ වගාව, මැණික් ගැරීම හා කෘෂි රසායනික භාවිතය හේතුවෙන් මොවුන්ගේ වාසස්ථාන විනාශවිම පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා ලිපි පෙළක්. කවුරුහරි පුලුවන්නම් මට අපේ යාළු මාළුවෝ - 2 ලින්ක් එක එවන්න. මොකද මට ඒක විතරයි කියවන්න බැරි උනේ.(දිල්)
සජිත්, අපේ යාළු මාළුවෝ - 2 කියලා ගූගල් සර්ච් කරලා බලන්න. මමත් දැන් තමයි මේ ලිපි පෙල දැක්කේ. සර්ච් කලාට පස්සේ එය පෙනෙන්නට තිබුණා. එහි සඳහන් වන්නේ බන්දුල පෙතියා ගැන. හරිම අපූරු ලිපි පෙලක්. මා ලංකාදීප වෙබ් සයිට් එක දැන්නම් ඉතින් හැමදාම නොවරදවාම බලනවා. මේ සේවයට කරන සියලු දෙනාට පින්. මා පොඩි අයට මෙය පෙන්විය යුතුයි. එයාලා හරිම ආසාවෙන් බලාවි. මා සජීව විජේවීරගෙන් ඉල්ලා සිටිනවා ශ්‍රී ලංකාවේ ගස්වැල් ගැනත් මේ වගේ ලියන්න කියා. වෙනකෙනෙක් හරි ලියනවානම් ලොකු දෙයක්. (ර)
මේ ඔක්කොම ටික එකට එකතු කලානම් හොද නැද්ද? මම කිව්වේ පහුගිය ලින්ක් ටික යටට දැම්මනම් කාට හරි බලාගන්න තිබුණා ඔක්කොම ටික. ස්තුතියි. (ර)
මම මේ ටික දිගටම කියෙව්වා. ඒ වගේම අපේ දරුවන්ට ආශාවෙන් පෙන්නුවා. එයාලත් කියවනවා. මෙය දිගටම කරගෙන යන්න කියා ලංකාදීපයෙන් ඉල්ලනවා. මාළුවන් සහ කුරුල්ලන් ගැන ලියන වේරගොඩගේ සජීව විජේවීර මහතා අපි දැක තිබෙනවා, නිතර නිතර පරිසරය ගැන ලිපි ලියන අයුරු. මේ ආකාරයෙන් දිගටම පරිසරය සම්බන්ධ ලිපි ලියන්න. එය ළමයින්ට ඉතා වැදගත් වෙනවා. කටකතා තිබෙන වෙබ් අඩවි අතරේ ලංකාදීප වෙබ් අඩවිය ඉහළින් වැජඹෙන්නේ මෙවැනි ලිපි නිසා. ඔබ සැමට සදා ජය! (නි)
ලංකාදීප පත්තරේ පලවුන ඉතාම වැදගත් ලිපි සියල්ලම වගේ මං ගාව තියනවා. මොකද ඒ සේරම ඕනේ වෙන්නේ අපිටත් වඩා අපේ දරුවන්ට. ඒ අපි ඒ කලේ දැකපු අහපු දේවල් වලින් 10% වත් අද කලේ අහන්න දකින්න නැති නිසා.(හේ)
අසෝක පෙතියා, කහ කොරලියා, ගඩයා, ගල් පාඬියා, තිත් පෙතියා, දෙපුල්ලියා, පතිරණ සාලයා, පොඩි පෙතියා, බුලත් හපයා, මල් පෙතියා,විල්පිට දණ්ඩියා, හික මස්සා, මඩ කනයා, හඳයා, වැලිගොව්වා, මගුරා,කනයා, තෙලියා, ඔය වගේ මසුන් ගැනත් විස්තරයක් දෙන්න බලන්න, තව මේ සතුන්ගේ වැඩුනු පසු දිග, බිත්තර දාන කාලය වගේ දේවලුත්, මම බොහොම අසාවෙන් බලන්නේ, ස්තූතියි. (ස)