‘ශ්රී ලංකාවේ සුළු ජාතීන් කියා පිරිසක් නැහැ. මහා ජාතියකුත් නැහැ. සියලු දෙනාම මහා ජාතිකයෝ. කවුරුත් එක සමානයි‘ යනුවෙන් මහින්ද රාජපක්ෂ ජනපති අක්කරපත්තුව අතඋල්ලා ක්‍රීඩාංගනයේ දී නැගෙනහිර සමාප්ති ඡන්ද රැස්වීමක දී පැවැසීය. ඇමැති ඒ.එල්.එම් අතාවුල්ලා ගැන සඳහන් කළ ජනපති කිවේ 2005 දී ඔහු කළ ඉල්ලීම් දෙකම ඉටු කළ බවයි.‘ මුස්ලිම්වරුනට දිනකට පස් වරක් යාච්ඤා කිරීමට හැකි වටපිටාවක් සලසන ලෙසත් යුද්ධය අවසන් කරන ලෙසත් ඔහු ඉල්ලුවා‘ විශාල පිරිසක් මෙම රැස්වීමට පැමිණ සිටියහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවු ඔවු. මුස්ලිම්වරුනට දිනකට පස් වරක් යාච්ඤා කිරීමට පන්සල් කඩලා හරි පල්ලි හදලා දෙන්න ඕනෑ.නැත්නම් හොද නැනේ. එක එක පුද්ගලයන්ට ඕනෑ විදියට නෙවෙයි, කාටත් ගැළපෙන පිළිගන්න පුළුවන් ක්‍රමයක් හදන එකයි කළ යුත්තේ. මොකද තව ඉදිරියට මොන වගේ දේවල් ඔය කට්ටිය ඉල්ලයිද දන්නේ නැහැ. එතකොට දඹුල්ලේ පල්ලිය කාගේ ඉලලීමකටද හදලා දුන්නේ. කරුණාකරලා අපිට කියන්න. (නි)
ජයවේවා! (නි)
එතකොට අපේ කොල්ලෝ මැරිලා රට නිදහස් කරගෙන තියෙන්නේ මොකටද ?මටතරහ යනවා මේවා අහනකොද.එතකොට යුද්දේ අවසන් කරලා තියෙන්නේ කවුරුහරි කියපු නිසාද? මෙහෙම රටක් ලෝකේ කිසිම තැනක නෑ (ස)
මමත් කැමති නැහැ සමහරුන්ගේ ලොකුකම් වලට. (නි)
ජාතිවාදය පතුරවන පක්ෂ, වෙළදසැල්, සමිති, පාසල් තහනම් කළොත් අපි කවුරුත් එකයි තමයි. (නි)
අපේ ජනපතිට අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා! (නි)
මානුශීය ඉල්ලීමක් (ස)
සමන් කුමාර ඔයාගේ කටේ සීනි දාන්න වටිනවා..(ස)
තුන්සිංහලයටම දෙවි පිහිටයි! (නි)
ඔවු ඔවු. අපි ඔක්කොම එකයි තමයි. ඒක හැමදාම පත්තර බලපුවහම දැනගන්න පුලුවන්. (නි)
අපිට මොනවා උනත් ආණ්ඩුව දිනන් ඕන.. අපිට දැං හොද පාරවල් හෝටල් හැම දෙයම හොදයි..!! ඡන්දය අපේ ආණ්ඩුවට.. ජයවේවා..!! (නු)
ප්‍රශ්නය තියෙන්නේ, සිංහල අය එහෙම හිතුවාට අනිත් ජාතින් හිතන්නෙ නෑති එකනෙ. රට කෑලි වලට කඩා ගන්න හදන්නෙ ඒ නිසානෙ. (නි)
ඔබතුමා තමයි අපේ රට හදන්නෙ.. ඉදිරියටම යන්න.. සුභ අනාගතයක් වේවා..!!(නු)
මෝඩ කතා. (ස)
කොච්චර හොදද බලමුකෝ..!! (නු)
අපිත් හිතලා වැඩ කරමු.(ස)
මේවා විහිලු කතා , අපේ රටේ කුල භේධයවත් නැති කරාද ? එහෙව් එකේ ජාති වාදය නෑ කියන්නේ කොහොමද ???(ස)
කුරානය නැමති ග්‍රන්ථයේ 3:28 පාඨය දන්නවනම් අපි වෙනස් බව එතුමා දැනගනීවි.තමුන්ගේ ආරක්ෂාව තකා මිස අන්‍යාගමිකයන් සමග මිතුරුකම් නොපවත්වන ලෙස අල්ලා දෙවියන් සිය අනුගාමිකයන්ට උපදෙස් දෙයි.(ස)
අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ.. තුං සිංහලයම නෑදෑයෝ.. අපි ඔක්කොම පියවරු ඔක්කොම මව්වරු තුං සිංහලයම දූ දරුවෝ.. තුං සිංහලයම දූ දරුවෝ..!!(නු)
ඇතී......(ස)
මම යූ.එන්.පී. ඒත් ජනපතිට මමත් කැමතියි. (නි)
ජාතික කොඩියත් ළඟදිම වෙනස් වෙයිද මන්දා? (නි)
කිසි දෙයක් ගැන ටිකක් දැනගෙන කතා කරන්න එපා.. කිසිම ආගමකට නිගා කරන්න එපා..!!(නු)
සහතික ඇත්ත
තමන් හරිහෑටි ඉගෙනගෙන කතාකරන්න අන්ඩරදෙමල වෙන්න එපා...(නු)
අඩුගානේ මීට අවුරුදු තිහකට හතළිහකට ඉස්සර ඕක තේරුම් ගත්තා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. දැන් හරි තේරුම් ගත්ත එක ලොකු දෙයක්. (නි)
ජනපති ඔබ හරි.. ඉන්දියාවෙ කචේචර ජාතීන් ආගම් තියෙනවාද? ඒ අය කියන්නේ “අපි ඉන්දියන්“ සියලු දෙනාට ඒ එ් අයගේ ආගම් අනුව ජීවත් උනොත් කිසි ගැටලුවක් නැහැ...(නු)
හැබැයි රජෝ, අපි රට කන හොර දේශපාලඥයින් නම් නෙමෙයි හොදේ. (නි)
ඇත්ත සහතික ඇත්ත (දී)
සියළුම රටවැසියන්ට මේ අවබෝධය ලැබේවා! (නි)
පෙදුරුව කියන දේවල් දෙව්න්දරත් කියන්න ඕනේ (දී)
තහනම් වචනය සිංහල බෞද්ධද? ඒ ගැන කිව්වොත් ජාතිවාදය.(දී)
මෙවරත් විශිෂ්ඨ ජයක්..ජය වේවා (ස)