ජයග්‍රාහකයන් හා පරාජිතයන් ලෙස බෙදී වෙන් නොවී නව යුගයේ අභියෝගයන්ට මුහුණ දෙමින් නව දේශපාලන සංස්කෘතියක් යටතේ ශිලාචාර රටක් ගොඩ නැගීම සඳහා සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නැඟීමට එක් වන්නැයි සියලු දෙනාට ආරාධනා කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.
නව රජයේ නායක වික්‍රමසිංහ මහතා අගමැති පදවියේ දිවුරුම් දීමට නියමිතය.
නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ජනවාරි අට වැනි දා විප්ලවය ඉදිරියට ගෙන යමින් යහපාලනය සහ සම්මුතිවාදය ඉදිරියට ගෙන යෑම සඳහා මෙරට බහුතර ජනතාවගේ අනුමැතිය හිමි වී තිබේ.
මැතිවරණ කාලය පුරා ජනතා ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වී කටයුතු කළ සියලු පාර්ශවයන්ට මාගේ ස්තිතුය පළ කරමි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ සාමකාමී පරිසරය මේ මැතිවරණයේ දී උදා කර ගැනීමට අපට හැකි විය. ඒ යහපත් පරිසරය නිරන්තරව ආරක්ෂා කර ගැනීම අප සතු වගකීමකි.
දැන් ජයග්‍රහාහකයන් හා පරාජිතයන් ලෙස බෙදා වෙන් කිරීම් අනවශ්‍යය. එක මවකගේ දරු කැල ලෙස අපි දැන් මෙරට නව දේශපාලන සංස්කෘතියක් බිහි කරලීමේ කාර්යයට එක් විය යුතු වෙමු. නව යුගයේ අභියෝගයන්ට මුහුණ දී අපේ දේශය ඉහළට ඔසවා තැබීමේ වෑයමට එක හදින් උර දිය යුතු වෙමු.
ඒ අභියෝගාත්මක කාර්යය සඳහා අප හා එක්වන ලෙස මම ඔබ සැමට ආරාධනා කරන්නෙමි.
අපි එකට එක්ව ශීලාචාර සමාජයක් බිහි කරමු. සම්මුතිවාදී ආණ්ඩුවක් ගොඩ නංවමු. සැමට සමාන අවස්ථා සපිරි අලුත් රටක් නිර්මාණය කරමු.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකයා සහ බුද්ධිමතුන් එකතු කර රටට ඔබින විසිඅවුරු (ම)
සියලු නායකයන් සහ බුද්ධිමතුන් එක්වේ රටට සුදුසු විසිඅවුරුදු සංවර්ධන සැලැස්මක් පිළියෙළ කළ යුතුය. මින් ඉදිරියේ දී කුමන පක්ෂය බලයට ආවත් , මෙම සැලැස්ම අනුව වැඩ කළ යුතුයි. මෙම සැලැස්ම අවුරුදු පතා නිරික්ෂණය කර අවශ්‍ය වෙනස්කම්ද කළ යුතුය .(ම)
මාර්ග නීති වලින් පටන් ගමුද? (නදී)
සිංහලය විනාශ කර අලුත් ජාතියක් නිර්මාණය කිරීමට උත්සාහ නොකර,කාටත් එකම නීතියක් යටතේ ජිවත් වීමට හැකි වනසේ සියලුම කුමන හෝ ආගම් නීති තහනම් කර සම දෙනාටම එකම නීතියකින් රටේ ඕනෑම තැනක ජිවත් වීමේ හැකියාව සකසන්න. සිංහලය තුන් වැනි හෝ හතර වැනි තැනට දැමීමට උත්සාහ නොකරන්න. වෙල්ල්මුල්ලි වයික්කල් රජයේ පාසලේ සිංහලය තුන්වැනි තැන තියෙන හැටි බලන්න. (බ)
ජයවේවා (නදී)
සුබ පැතුම්, රටේ නියම අවශ්‍යතා සහ ප්‍රමුඛතා හඳුනාගෙන, තක්කඩි දේශපාලනයෙන් මිදී මහත්මා දේශපාලනයක් සිදුවෙන තිරසාර සංවර්ධනයක් සිදුවෙන අනාගතයකට රට යොමු කිරීමට හැකිවේවායි පතමි(නදී)
අපි එඅදත් අදත් හෙටත් ඔබතුමා සමගයි (නදී)
වඩාත් වටින ජයග්‍රහණය වන්නේ ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනා ඒ අය ඡන්ද පොලට ගෙනයාමට රජයත්, මැතිවරණ කොමසාරිස් තුමත්, ආරක්ෂක අංශත් සමත් වීමයි. ශ්‍රී ලංකාවට ජය (නදී)
හැමදෙයක්ම සිදුවිය යුත්තේ " එක රටක් - එක නීතියක්" යන රාමුව තුළය ..(ම)