ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාව කොළඹට එන සඳුදා (1) දිනයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂකයන් හදිසියේ කොළඹට කැඳවා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (31) පැවැසීය.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටි ප්‍රභූ ආරක්ෂකයන් කොළඹට කැඳවීම නිසා මන්ත්‍රීවරුන් අනාරක්ෂිත වී ඇතැයි ද එලෙස අනාරක්ෂිත කිරීමට හේතුව නොදන්නේ යැයි ද වීරවංශ මහතා කීවේය.
වීරවංශ මහතා එලෙස පැවැසුවේ පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේ ද කීවේය.
“අපි පාද යාත්‍රාවේ නුවර සිට කොළඹට එන්නේ පැරැදුණු දිස්ත්‍රික්ක හතරක් පසු කරමිනුයි. පැරදුණු දිස්ත්‍රික්ක හරහා පා ගමන් යන්නේ ඇයි දැයි බොහෝ දෙනකු විමසුවා. පැරැදුණු දිස්ත්‍රික්කවල ජනතාවගේ අද තත්ත්වය, දැන ගැනීමයි අපේ අරමුණ. පසුගිය ඡන්දයේදී අපට විරුද්ධව ඡන්දය දුන් බොහෝ දෙනකු දැන් පසුතැවෙනවා. පාද යාත්‍රාවේ සිව් වැනි දිනය අවසන් වන විට ලක්ෂ දහයක ජනතාවක් ඊට සහභාගි වී තිබුණා.
ආණ්ඩුව අපට විවිධ බාධා කළා. වෙනත් කෙනකුට කන්න තිබුණු තණකොළ ටික ගෙනත් කිරිබත්ගොඩ එල්ලුවා. ජනමාධ්‍යයට බලපෑම් කළා. මාධ්‍යවේදීන් උද්යෝගයෙන් පාගමන ආරම්භ කළා. නමුත් ආණ්ඩුවේ බලපෑම උඩ සමහර මාධ්‍ය ජනතාව සිටින ඡායාරූප පළ කළේ නැහැ. සමහර මාධ්‍ය බාර්වලට යන ගණන බලන්න සුරාසල් ගාව බලා සිටියා. ආණ්ඩුවට තමන්ගේ වැරැදි හදාගන්න වුවමනාවක් නෑ. එහෙම වුවමනාවක් තිබෙනවා නම් අපට මඩ ගසමින් අවලාද නගමින් ඉන්නේ නෑ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් පමණක් ප්‍රභූ ආරක්ෂකයන් සදුදා (01) කොළඹට කැඳවලා. අපි නිල වශයෙන් වෙන් කර ගත් හයිඞ් පිටියේ වළවල් කපන්න අරගෙන. අපට දි තිබුණු ශබ්ද විකාශන යන්ත්‍රය පොලිසියෙන් නැවත අරගත්තා.
මේ රටේ හිටපු පොලිස්පතිලා වැඩ කරන නිහඬ චරිත. මරදානේ චොප්පේ වගේ නෙමෙයි. පූජිතට අපි කියනවා ඔය නිල ඇඳුම ගලවලා වික්‍රමසිංහගේ කොළ කමිසය ඇඳගන්න කියලා. හිටපු පොලිස්පතිලාගේ කීර්තිනාමයත් මේ පොලිස්පති වනසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු කීර්තිමත් ලේකම්වරයකුගේ පිළිරුවට මල්මාලා දමන්න දොඹකරයක් ගත්තැයි කියමින් සංවිධායකයෙක් අත්අඩංගුවට ගත්තා. අපි දොඹකරය ගත්තේ බලපත්‍ර සහිතවයි. ශ්‍රිලනිප සභාපති ජනාධිපති වෙලා ඉන්න ආණ්ඩුවක එහි හිටපු ලේකම්වරයකුට ගෞරව කරන්නත් බෑ. මේ පා ගමන විනයානුකූලව ආ පා ගමනක්. අද වනතුරු ගැටලුවක් වුණේ නෑ. අපි සදුදා (01) කොළඹට එනවා. හොඳම තැනට යනවා. අපේ පසුපසින් එන්න අපි බිලමු කොහේටද යන්නේ කියලා.


COMMENTS
අපිට මහින්දගෙන් ලැබුන දේකුත් නැහැ, මෛත්‍රී ගෙන් රනිල් ගෙන් අපිටවත් අපේ ගෙදරවත් ලැබුණු දෙයක් නැහැ , නමුත් එඩිතර නායකයෙක් වශයෙන් රටට සාමයක් ඇතිකළා , අද අපි මර බිය නැතුව ඉන්නේ එතුමා නිසයි , ඒ නිසා එතුමා දේශපාලනේ ඉන්නකම් මගේ ඡන්දෙ එතුමාට පමණයි (බ)
ජනතාවාදී නම් අාරක්ෂකයෝ කුමටද ඇවිදින්න නිදහසේ සුදු වෑන් නැහැ (බ)
විමලේ මින් ඉදිරියට පුජිතලා වගේ පොලිස්පතිලා බලාපොරොත්තු වන්න. විමලේ නැවත රටබාර දෙන්නේ පොලිසියට බව දැනගන්න. (බ)
මට හොදටම විශ්වාසයි දැන් ඒකාබද්ධ විපක්ෂය පසුතැවෙනවා ඇති මේ පාද යාත්‍රාවක් යන්න ගත්ත තීරණය ගැන. ආණ්ඩුව ගැන යම් අතෘප්තිමත්බවක් තිබුනත් එය මේ පාද යාත්‍රා කරුවන් ගැන ඇති අපුල පරයා නොයයි. (බ)
ලැජ්ජා නැතුව තව ආරක්ෂාවක් ගැන කතා කරනවා.ඔහෙලා දැන් සාමාන්‍ය ජනතාව මිසක් ප්‍රභූ පැලැන්තියේ කට්ටිය වෙන්නේ කොහොමද?අනික මෙතන ආරක්ෂාව සැපයිය යුත්තේ ඔතන වේලි වේලි ගමන් කරන සාමාන්‍ය මිනිසුන්ට මිසක් මෙයාලට නෙමෙයිනේ. (බ)
සුබ ගමන්! ගැරහිලි බාධක මැඩගෙන ඉදිරියටම එන පාද යාත්‍රාවට ජය වේවා! (ම)
නිලතල වල ඉන්න අයගේ ඇඳුම් ගැලෙවුවේ ඒ කාලේ. දැන් ඒවා කරන්න බැහැ. (නි)
යහපාලනය පාද යාත්‍රා ගැන කිසිම සැළකිල්ලක් නැහැ. එතුමන්ලා දන්නවා රටේ ජනතාව ඔය පාද යාත්‍රා යන කල්ලිය ගැන හොඳින්ම දැනුවත් කියලා. 3000-4000 ක් පාරේ ඔහේ ඇවිදගෙන ගිහින් රජයක් පෙරළන්න පුළුවන් කියලා හිතෙන්නේ මොන්ටිසෝරි දරුවන් පමණයි. හරිහමන් නීතියක් රීතියක් තිබුනා නම් මෙයාලා මේ වෙනකොට හිර ගෙදරයි ඉන්න ඕනෑ. හිරේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. පූජිත මහතා ඔහුගේ රස්සාව හරියට කරනවා. කෙළින් වැඩකරන ඔහුට අපගේ ආචාරය! (නි)
පූජිත මහතා ඔහුගේ රස්සාව හරියට කරනවා. කෙළින් වැඩකරන ඔහුට අපගේ ආචාරය! (නි)
හුඟක් අදහස් දක්වලා තියෙන අය මේ පාද යාත්‍රාව ෆොටෝ වලින් දැකපු අය බව 100%ක්ම පැහැදිලියි. නුවර පාර අයිනට වෙලා කඩවත ටවුමේ ඉඳන් බැලුවා නම් මේ අය දැනගනීවි කීයක් ආවද කියලා. මගේ දැනීමේ හැටියට අවම තුන් ලක්‍ෂයකට වැඩි ජනතාවක් ආවා. (නි)
පව්! ඔයා විමුක්ති පෙරමුණේ ඉන්නකොට ඔය ආරක්ෂක නිලධාරීන්ට සැළකුව හැටි අපි (මම) හොඳටම දන්නවා. (නි)
පාද යාත්‍රාවල යන්න මන්ත්‍රී ආරක්ෂාව මොකටද? මන්ත්‍රී ආරක්ෂාව ලැබිය යුත්තේ මන්ත්‍රීවරු වගේ වැඩ කරනකොට විතරයි. දැන් තමුන්නැහෙලා උද්ඝෝෂකයෝ නිසා ආරක්ෂාව ඉල්ලලා අඬන්න එපා. (නි)
බලය නැතිවුණාම මන්ත්‍රීවරුනට හරියට කේන්ති යනවා. බලය නැතිවුණාම තමා රටේ නීතිය සාමය මතක් වෙන්නේ. ලෝකයේ කොහෙවත් නැති දේශපාලඥයින් තමා අපේ රටේ ඉන්නේ (නි)
මේ යුගයේ සමහර මන්ත්‍රීවරු කුලියට කටු කන චරිත බවට පත්වීම ඇත්ත වශයෙන්ම කණගාටුවට කරුණකි. (නි)
ජයවේවා! (නි)
දැන් එතකොට නුවර කෑගල්ල නිට්ටඹුව නගර වල තියෙනවා කිව්වා යු එන් පි ප්‍රවර්ධන වැඩ සටහන් ටික කලාද? ඒවාට මොකද උනේ? (ර)
ප්‍රභූ ආරක්ෂකයෝ කියන්නේ කාටද? පැරදිලා ගෙදර ගිහින් නැවත එන්න දඟලන කට්ටියටද, තමන්ගේ ආරක්ෂාවට? පොලිස්පතිගේ ඇඳුම් මාරුකරන්න කියන්න තමන් කවුද? ඉස්සර දාපු සෙල්ලම් දැන් දාන්න බැහැ. (නි)
පූජිත තවත් උඩුගම්පල කෙනෙක් වේවිද? (බ)
මේක බංකොලොත් යාත්‍රාවක් (බ)
ආණ්ඩුවට කඩේ ගොස් පොලිසිය කුජීත කළ ලෝක පූජිත කෙනෙකු නම් කරන්න..(බ)
මට තියෙන ප්‍රශ්නේ ඇයි ආණ්ඩුව මෙච්චර බයවෙලා තියෙන්නේ කියලා (බ)
අපි නම් මැරිලා ඉපදිලා නැහැ. අපට මතකයි ඒ අතීතය. ඒ අතින් අද පොලිස්පතිතුමා කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා. වැඩ කරන්න යහපාලන රජය ඉඩදීලා තියෙනවා. අපට ඕනෑ දේශපාලකයන්ට කඩේ යන පොලිසියක් නොව රටේ සාමය නීතිය රකින පොලිසියක්. අද ඒ කාර්යය අකුරටම මේ රටේ පොලීසිය ඉටු කරමින් ඉන්නවා. අපි නම් ගෞරව කොරනවා අපේ පොලිසියට කරන රාජකාරියට (නි)
මට හිතෙන්නේ ඒගොල්ලන්ටත් තණකොළ කාල ඇතිවෙලා. අපි මේවා තමයි පහුගිය කාලෙ කෑවෙ කියලා පෙන්නන්න වෙන්න ඇති ඔය එල්ලලා තියෙන්නේ. පවු අනේ කාපු තණකොළ වලටත් ණයයි. (නි)
සුබ ගමන්! ගැරහිලි බාධක මැඩගෙන ඉදිරියටම එන පාද යාත්‍රාවට ජය වේවා! (නි)
පාද යාත්‍රාවේ යන අයට ආරක්ෂාව සපයන්නත් ඕනෑද? මේ අයගේ ආරක්ෂාව ඉවත් කළයුතුව ඇත්තේ මොවුන් සාමාන්‍ය ජනයාගේ ආරක්ෂකයන් නොවන නිසාත්, ආරක්ෂාව දියයුත්තේ සාමාන්‍ය ජනතාවට නිසාත්ය. පංචස්කන්ධයම ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, බලලෝභයෙන්, තණ්හාවෙන් පිරිලා. (නි)
තමන් වරදක් කරලා නැත්නම් ඔය කිසිදේකට බයවෙන්න දෙයක් නැහැනේ (නි)
ආණ්ඩුව දෙඩෙව්වාට බයවුණ තරම පේනවා. මේවා දකිනකොට පැත්තකට වෙලා හිටපු අයත් පොදු විපක්ෂයේ පැත්තට ඇදෙනවා. (නි)
පංචස්කන්ධයම ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, බලලෝභයෙන්, තණ්හාවෙන් පිරිලා තියෙන්නේ ආණ්ඩුවේ අයගේ නේද සෝමපාල? ආරක්ෂාව සපයන්න ඕනෑ කොටින්ට සහයෝගය දක්වන අයටද? සාමාන්‍ය ජනතාව අතරමංවෙලා ඉන්න බව දන්නේ නැතුවාද? (නි)
පොලිස්පතිතුමා මීටවැඩිය ගෞරවාන්විතව හැසිරෙයි කියලා අපි හිතුවා. මේවා දකිනකොට අපිට නම් පිළිකුල්. මින් පස්සෙවත් අපිට ගෞරවයක් ඇතිවෙන විදිහට වැඩකළොත් හොඳයි (නි)
ආරක්ෂා වෙන්න ඕනෑ කාගෙන්ද? (නි)
දැන් මොකටද ආරක්ෂාවක්? (නි)
ඉතින් හත් දෙයියනේ ඇත්ත නේන්නම්. අර කිව්වත් වගේ එයාලගේ අය අතරේ මොකටද අමුතු ආරක්ෂාවක්? ඒ මිනිසුන්ටත් නිවාඩුවක් ගන්න ඉඩදෙන්න එපැයි මෙහෙම වෙලාවකවත්... (නි)
නිට්ටඹුව පහුකරලා යන මෙයාලව මට නම් පෙනුනෙ මල් පෙරහැරක් යන මොන්ටිසෝරි ළමයි ටිකක් වගේ. ඇයි යන්නෙ කොහෙද කියලා මොකුත් දන්නෙ නැතුව යන්නන්වාලේ යනවා. ටීචර්ලා ටික වාහන වල යනවා. (නි)
නේත්‍රා දෙකින් දුටු අවරකෙළි වෙතත් මුන්... පාත්‍රා රැගෙන සඟගණත් බණ දෙසත් දැන්... මාත්‍රා ගණනකුදු චරිත නම් නොවෙත් වෙන්... ගාත්‍රා ගෙවෙනතුරු යාත්‍රා කළත් මුන්... (නි)
ඔබ වගේ අයට මොන ආරක්ෂාද? (නි)
හොරු සමග හෙළුවෙන්! (නි)
පූජිත මහතා ඔහුගේ රස්සාව හරියට කරනවා. කෙළින් වැඩකරන ඔහුට අපගේ ආචාරය! (නි)
යහපාලනය පාද යාත්‍රා ගැන කිසිම සැළකිල්ලක් නැහැ. එතුමන්ලා දන්නවා රටේ ජනතාව ඔය පාද යාත්‍රා යන කල්ලිය ගැන හොඳින්ම දැනුවත් කියලා. 3000-4000 ක් පාරේ ඔහේ ඇවිදගෙන ගිහින් රජයක් පෙරලන්න පුළුවන් කියලා හිතෙන්නේ මොන්ටිසෝරි දරුවන් පමණයි. හරිහමන් නීතියක් රීතියක් තිබුනා නම් මෙයාලා මේ වෙනකොට හිර ගෙදරයි ඉන්න ඕනෑ. හිරේ හොඳ ආරක්ෂාවක් තියෙනවා. (නි)
ජෙනරාල් සරත් මහතාගේ ආරක්ෂාව නැතිකරනකොට නිකරුනේ හිරේට ඇදලා දාද්දි ඔබතුමා ලංකාවේ නෙමෙයිද හිටියේ? ළඟ තියෙන වත්කම් හෙලිකළොත් ලොකු ආරක්ෂාවක් ලැබෙන්න බැරි නැහැ (නි)
මේ වගේ රාජ්‍ය දේපල හොරාකාලා දුෂණ යටගහන්න දඟලන පාද යාත්‍රාවක් මම ලෝකේ කොහෙවත් අසා නැහැ (නි)
පාද යාත්‍රව ගණන් ගන්නේ නැත්නම් මොකටද මේ හැටි කෑ ගහන්නේ? තමාගේ පාඩුවේ සද්ද නොකර හිටියා නම් ඉවරනේ යන ගමනක් යන්න කියලා. මට පෙනෙන්නේ කෑ ගහන අයට හොදටම රිදිලා වගේ (නි)
සමහරු අරගොල්ලන්ටත් වඩා නන්දොඩවනවා වාගෙයි. කාට වුණත් දැන් බය සැක නැතුව පාරේ බැහැල යන්න පුළුවන් වුණේ එතුමාගේ වැඩ නිසයි. කවුරු තණ එල්ලුවත් ඒවා කන්නේ කැමති අයනේ. බුද්ධිමත් ජනතාව ඒක දන්නා නිසා ජනතාව එතන ඉන්නවා. ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනෑ නැහැ. එතකොට ඒ අයත් කලබල වෙන එකක් නැහැ.
චතුරි නිකම් පොලිස්පතිගේ දුව වගේ. මේ රටේ කිසිම පොලිස්පති කෙනෙක් ඔය වගේ තුට්ටු දෙකේ කතා කියල නැහැ මිනිස්සු ඉස්සරහ. තමුන් ඒ වගේ දේවල් අනුමත කරනවා කියන්නේ තමනුත් ඒ විදියම ඇති. ඉන්නේ නම් වැදගත් කියන රටක නේද? (බ)
මේ වගේ අයට ප්‍රභූ ආරක්ෂාව දෙන පළමු රට වෙන්න ඇති ලංකාව.(හේ)
කරුණ කරලා දැනට කෙරීගෙන යන දුෂණ වංචා පරීක්ෂණ ටික ඉක්මන් කරලා මෙයාලට සුදුසු ආරක්ෂක ස්ථානයකට යවන්න.(හේ)
ඔයාලව ආරක්ෂා කරන්න තමයි උසාවි නියෝග අරගෙන අනික් මිනිස්සු සංවිධානය කරලා තිබුන හැම එකක්ම නවත්තලා පාද යාත්‍රාව පමණක් තියන්න දුන්නේ ... රතුපස්වල මිනිස්සු වගේම මාවනැල්ලේදීත් මිනිස්සු අනික් කාරනාවට එකතු වුනා නම් ගුටි කෙලියක් වෙන නිසා තම පොලිස්පති මුන්දලව රැක ගත්තේ...අනික කියන්නේ නම් විදුලි පුටුවට යන්නම් කියලා ...ඒ වුනාට නුවර ඉදන් කොලඹට පයින් එන්න බැහැ ආරක්ෂාව නැතුව ...එච්චරට රටේ මිනිස්සු මේ අයට ආදරෙයි ...(හේ)
ඔක්කොම බලන්නේ හරි සැහැල්ලුවෙන්. නමුත් ඔය වගේ දේවල් අළු යට ගිනි පුපුරු වගේ (නි)