වරකාපොළ මියැදුරුපොල අඳ මව්පියන්ගේ දියණියක පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 185ක් ලබා කෑගල්ල දිස්ත්‍රිකයෙන් මුල්තැන පැමිණ සිටින්නීය. රසාරා දිලිනිකා මධුෂානි ඇයයි. එම දැරිය පවසනුයේ පාසලේ ගුරුවරුන්ගෙන් හැර ටියුෂන් නොගිය බවයි. ඇගේ පියා ඩබ් හේරත් මහතා ලොතරයි ටිකට් විකුණා දරුපවුල රකී. ඩබ්ලිව්. එම්. හේරත් බණ්ඩා නමින් මහජන බැංකුවේ වරකාපොල ශාඛාවේ ගිණුමක් අරඹා ඇත. 054-2-001-3-4879372 ගිණුම් අංකයයි.