බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් දිනූ ජාතික පක්ෂයේ නායක තරීක් රෙහ්මාන්ගේ දිවුරුම් දුන් අතර, 2024 සිසු අරගලයෙන් පසු පිහිටුවා තිබූ අන්තර්වාර පාලක මණ්ඩලය විසුරුවා හැරුණි.

අන්තර්වාර පාලක මණ්ඩලයට නායකත්වය දුන්නේ බංග්ලාදේශයේ ශිෂ්‍ය අරගලකරුවන්ගේ පැසැසුමට ලක්වී සිටි ප්‍රවීණ දේශාපලනඥයකු වන මොහොම්මද් යූනිස්ය.

තරීක් රෙහ්මාන්ගේ නව රජයට ඉඩ දී අන්තර්වාර පාලක මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තමන් ධුරනේ ඉල්ලා අස්වන බව මොහොම්මද් යූනිස් මාධ්‍ය හමුවේ පවසා ඇත.

පසුගිය 12 වැනිදා පැවැති මහ මැතිවරණයෙන්, බංග්ලාදේශ ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අවස්ථාවේදී, තරීක් රෙහ්මාන්ට සුබ පැතීමට ද මොහොම්මද් යූනිස් කටයුතු කළේය.

බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට නව අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන් තරීක් රෙහ්මාන් ප්‍රතිඥා දී ඇත. එමෙන්ම නව රජයට ජනතා විශ්වාසය දිනූ පරිනත දේශපාලන චරිත සම්බන්ධ කර ගන්නා බව ද තරීක් රෙහ්මාන් පවසා ඇත.

එබැවින්, මොහොම්මද් යූනිස් ද තරීක් රෙහ්මාන් සියට නව රජයට උපදේශකයකු ලෙස සම්බන්ධ කර ගනු ඇතැයි විශ්වාස කෙරේ.