(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පරිගණක හා ජංගම දුරකථන යොදා ගනිමින් අන්තර්ජාලය හරහා මූල්‍ය අපරාධ සිදු කරමින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි පේරු ජාතික කාන්තාවක් හා චීන ජාතිකයන් 18 දෙනෙකු ඇපල් වර්ගයේ ජංගම දුරකථන තොගයක් ඇතුළු , ලැෆ්ටොෆ් පරිගණක ඇතුළු උපාංග හා මුදල් සමග අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් සමග ඇපල් වර්ගයේ ජංගම දුරකථන 399 ක්, ලැෆ්ටොෆ් පරිගණක 14, ඩෙක්ටොප් පරිගණක 02 ක් මුදල් රුපියල් 473,870 ක් තීරු බදු රහිත දුම්වැටි 600 ක් පොලිස් භාරයට ගෙන ඇත.
විදේශීය ජාතික පිරිසක් හෝටලයක රැඳී සිටින බවට කොම්පඤ්ඤවීදිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල විජයමාන්න මහතාට ලද තොරතුරකට අනුව එම හෝටලය වටලා සිදුකළ පරික්ෂාවේදී එහි 11 වන මහලේ කාමර 05 ක සහ 12 වන මහලේ කාමර 02 ක නවාතැන් ගෙනසිටි සැකකාර විදේශීය ජාතිකයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් හට මෙරට රැඳී සිටීමට වලංගු ගුවන් ගමන් විදේශ බලපත්‍රයක් හෝ වලංගු වීසා බලපත්‍රයක් නොමැති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
සැකකාර විදේශීය ජාතිකයන් වයස අවුරුදු 25-37පසුවන්නන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට දැඩි දඬුවම් දෙනකල් - අපේ ගිණුම් අනතුරේ. එනවා -සල්ලි ටිකක් පිල්ලි ගහ ගන්නවා. අහුවෙනවා -ඇප ලැබෙනවා චූන් එකේ තමන්ගේ රටට යනවා. කෝ නීති !!!
ලැෆ්ටොෆ් පරිගණක , ඩෙක්ටොප් පරිගණක කියලා ජාතියක් ගැන මම ඔය ඇහුවාමයි.
භාණ්ඩාගාරේ සල්ලි හැක් කරන්නේත් මොවුන් වෙන්න බැරිද? පහුගිය කාලය පුරාවටම සිය ගණනක් විදේශිකයන් අල්ලා ගත්තා නේද සල්ලි හොරාට ඇදලා , මිනිස්සුන්ගේ බැංකු ගිණුම් වලින්. මුන් සේරමලා ගැන A to Z හොයන්න ඕනේ කියලාමයි මට නං හිතෙන්නේ...
සංචාරකයෝ කියලා එන හොරු රට විනාශ කරනවා . ඒ මදිවට ඔවුන්ට වීසා නැතුව එන්නත් ආණ්ඩුව ඉඩදීලා....