හිටපු කතානායක හා හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සොයුරු අනුර බණ්ඩාරනායක මහතාගේ බූදලයේ මුලින්ම සාක්කි දෙනුයේ පෙත්සම්කාර පක්ෂය ද, පසුව මැදිහත්වූ පර්ශවය ද යන්න පිළිබඳව කොළඹ සිවිල් අභියාචනාධිකරණය අප්‍රේල් 19 වැනි දා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඔහුගේ අන්තිම කැමැති පත්‍රයෙන් ඔහුගේ බූදලය රුපියල් එක්කෝටි දස ලක්ෂයකට තක්සේරු කර ඇත. මුල්ම පෙත්සම්කාරියන් වනුයේ ඔහුගේ දෙසොහොයුරියන් වන සුනේත්‍රා බණ්ඩාරනායක චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. කැලිපෝර්නියාවේ එස්.ඩී. ඩර්වින් සපරමාදු, ඩබ්ලිව්.කේ. දොන් සෙනරත් චන්ද්‍රසිංහ, එස්.ඒ. වසන්ත සමරසේකර හා කේ.ජී. රවීන්ද්‍ර ලාල් පෙරේරා බූදලයට අයිතිවාසිකම් කියමින් පසුව ඉදිරිපත් වූහ. සාක්කි ලැයිස්තුවේ සිය දෙනෙක් පමණ සිටිති. ඇමැති බැසිල් රාජපක්ෂ, කතානායක චමල් රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ඒ අතර වෙති.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ කෑදර අයත් ඉන්නවද?
බූදලයේ වටිනාකම මිලියන දහයද ?
මේ දේපළ රාජසන්තක කරලා පන්දල් සහ මහළු නිවාස දියුණු කරන්න ගන්න.
අපිටත් බැරිද දන්නෙ නෑ උරුමයක් කියන්න?