
(සිතුම් චතුරංග)
වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ නිවසක ඉදිකරමින් තිබූ කුකුල් කූඩුවක බිත්තියක කොටසක් කඩාවැටීමෙන් අවුරුදු එකහාමාරක පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පූවරසන්කුලම පොලිසිය පවසයි.
මව හා නිවැසියන් වෙනත් වැඩක නිරතව සිටි අවස්ථාවක මිදුලේ සෙල්ලම්කරමින් සිටි දරුවා මතට අනාරක්ෂිතව ලෙස ඉදිකොට තිබූ ගඩොල් බිත්තියේ ගඩොල් කැට කිහිපයක් පෙරළී මෙම මරණය සිදුවූ බව පොලිසිය පැවසීය.
අනතුරින් එලෙස ජීවිතක්ෂයටපත්ව ඇත්තේ වවුනියාව, පම්පෙමඩුව, පෙරියකට්ටු ප්‍රදේශයේ පදිංචි සයන්තන් කාර්තිකන් නැමති දරුවකුවේ.
සිරුර මතට ගඩොල් කැට වැටීමෙන් බරපතල තුවාල ලබා සිටි දරුවා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර එහිදි දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
බිත්තියට යටව සිටි දරුවා ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් වවුනියාව රෝහල වෙත රැගෙනගොස් ඇති අතර ඒ වන විට ජීවිතක්ෂයටපත්ව ඇතැයිද සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොසැලකිලිමත් කම නිසා සිදුවූ අවාසනාත්මක වියෝවක්... හරිම කණගාටුයි. පුතේ, ඉපදෙන කිසිම ආත්මයක මෙවන් අකල් වියෝවක් නොම වේවා..!!! අජරාමර උතුම් වූ නිවන් සම්පත්තිය ලැබේවා...!