රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා තරයේ විරුද්ධ බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතාට අද (08) දැනුම් දුන්නේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප නියම කරන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කොට සිටින ඇප ඇයැදුම් පත්‍රය කැඳවනු ලැබු අවස්ථාවේදී එලෙස විරෝධතා දැක්වු රජයේ ජ්‍යෙෂඨ නීතීඥ ඩිලාන් රත්නායක මහතා සිය රාජකාරියේ නිරතව සිටියදී මෙම අපරාධයේ සාක්කි වසන් කිරීමට උත්සහ කළ මෙම විත්තිකරුට ඇප නියම කරනු ලැබුව හොත් සාක්කිකරුවන්ට බලපෑම් විය හැකි බව සඳහන් කළේය.
නඩුව සැප්තැම්බර් 8 වැනි දා සළකා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා තීරණය කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ඇප ඇයැදුම් පත්‍රයේ වගඋත්තරකරුවන් ලෙස රහස් පොලිසියේ විශේෂ විමර්ශණ අංශයේ ස්ථානාධිපතිවරයාට හා නීතීපතවරයා නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිරි මහත්තයෝ ,මහින්ද එක්ක මගේ කිසිම අමනාපයක් නැහැ ,මේ අය රාජපක්ෂ ,නාමය විකුණලා කරපු හොර මගඩි හා මිනිස් ඝාතන නිසා අවසානයේ නම කතා කරගත්ත එක ගැනත් ,මුන්ට නිසි දඩුවම් නොදීම ඔහු කළ බරපතල වරදක් ඒනිසා දේශපාලන වශයෙන් අපි එකම පිලේ නමුත් දැන් නම් අපට එකග විය නොහැකි ඔහුගේ මතයට (බ)
මේ මහතාගේ අත්වල ලේ ගොඩක් ගෑවිලා තියෙනවා ' (අ)
අනිවාර්යයෙන් ඇප දෙන්න එපා.....මෙයාට මේ වල කපපු කෙනා මෙයාව මරනව ෂුවර් එකටම මොකද මෙයා කට ඇරියොත් ඒ ඔක්කොටොම විනාශය නිසා... (අ)
නිල ඇදුමක් ඇදගන දේසපාලකයන්ගේ පදයට නටන එක දැන් වත් නතර කරන්න , නීතියට ගරුකර ,ඇත්ත කියා ගෙදර යන්න නැත්නම් ගෙදර යන ආසාව අත්හැරගන්න ,පොඩි මිනිහෙක්, මිනිහෙක් මැරුවොත් කුදලගන ගිහින් ඇත්ත ,කියන තුරු හොදට නෙලනවා නිල් වෙන්න ,හැබයි මෙයාලට එහෙම නැහැ ,මොකද වෙනස ? (අ)
නිමල් රාජපක්ෂ, ඔයා රාජපක්ෂලා එක්ක ඔච්චර වෛරයෙන් පෙළෙන්නෙ ඇයි? (නි)
මේවාට මොකුත් නොකියා ඉන්න එකමයි හොඳ (නි)
දැන් කට්ටියට අමතකවෙලා අතීතය. අනගාරික ධර්මපාලතුමා කියපු එක හරි. සිංහලයන්ට මොනවාද මතක (නි)
වෛද්‍යතිලක විනිසුරුතුමාට මගේ ප්‍රණාමය! (නි)