(ජුඩ් සමන්ත)
තම අනියම් බිරිඳගේ කෙස්වැටිය කපා දමා ඇයට පහර දුන් බව කියන කල්පිටිය ප්‍රදේශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.
පහර කෑමට ලක්ව ඇත්තේ හලාවත - අඹකදවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි දෙදරු මවකි. සැමියාගෙන් වෙන්වී ජීවත් වන ඇය සමඟ සැකකාර පොලිස් කොස්තාපල්වරයා වසර 02 ක පමණ කාලයක සිට අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබී ඇත.
සිංහල අළුත් අවුරුදු සමයේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අනියම් බිරිඳගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඇයට පහර දී ඇත. නමුත් ඇය මේ බව කිසිවෙකුට පවසා නැත.
පසුගිය 16 වැනි දා රාත්‍රී නැවත අනියම් බිරිඳ සොයා පොලිස් කොස්තාපල්වරයා පැමිණ තිබේ. ඒ අවස්ථාවේදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව කොස්තාපල්වරයා විසින් පැමිණිලිකාරියගේ දිගු කේස් වැටිය කපා දමා ඇත.
එම සිද්ධියෙන් පසුව ඇය හලාවත පොලීසියට පැමිණ මේ බව පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොස්සා බාබර් වෙලා වගේ නේද?
අපේ පොලිසියේ අය අවුරුදු සමරන හැටි කොහොමද?
සැමියාගෙන් කරදරයි කියල ගැහැනියක් පොලිසියට දුවනවා අඬ අඬා .පැමිණිල්ල දැම්මට පස්සේ පොලිස් කාරයා එනවා දුක සැප බලන්න. මෙහෙම තමයි මේවා සෙට් වෙන්නේ. මම උදාහරණ 2ක් ගැන අහලා තියෙනවා.