ඉතාලියේ පාදෝවා ශ්‍රි ලංකා සංවිධානයයේ පොසොන් උත්සවය පසුගිය සති අන්තයේදී අර්චෙල්ලා දෙවස්ථාන ශාලාවේදී පෑවෑත්විණි. වෙරෝනා විචෙන්සා ත්‍රෙවිසෝ පාදෝවා නගර නියෝජනය කරමින් තුන්සියයකට අධික පිරිසක් මේ සදහා සහභාගි වුහ. සිල් සමාදන් වූ උවෑසි උවෑසියන් අතර අන්‍යාගමිකයෝ ද වූහ. පින්කම වර්ණවත් වු බව පාදෝවා ශ්‍රි ලංකා සංවිධානය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක,හරියට නොදන්නා දේවල් ගැන එහෙන් මෙහෙන් අහුලා ගත් දේ යොදා අදහස් පල කරන්න එපා. ඒක නරක පුරුද්දක්. හැම භික්ෂුන් වහන්සේ නමකටම 8 වන භාවයෙන් එතරවීමේ භාග්‍ය ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන්නේ සෝවාන් තත්වයට පත්වූ අයට පමණයි. ඒකට භිෂුන් වහන්සේ නමක්ම වෙන්න වුවමනා නැහැ. භික්ශුනි, උපාසක,උපාසිකා යන අයටත් පුළුවන්. (දී)
කෝ ඉතින් මෙතැන මිලානො ඉන්න අන්‍ය ආගමිකයෝ වන ඩයස් ,රොහාන් ,සිතා , කමල් ලා කිසිම කෙනෙක් නැහැනේ (දී)
බෞද්ධයෝ පල්ලි ගියා නම් අර කට්ටිය පිස්සු වැටිලා තියේවි මෙලහකටත්. මේවට තමයි සැබෑ ආගමික සමගිය කියලා කියන්නේ. (දී)
චානක, හොදට බණ දන්නවනේ (දී)
විමලා ඔබ කියන අය සිල්ගන්න බාර් එකට ගිහින් ඉන්නවා දැක්කා. (අ)
ලංකාවෙත් මේ වගේ ආගමික නිදහස තියනවා නම් හොදයි නේද?. මේ රටවල් වල ආගමික නිදහස තියන නිසා තමයි මේ වගේ දේවල් කරන්න පුළුවන්. නමුත් ලංකාවේ අනිත් ආගමක මොකක් හරි තිබුනොත් ගල් ගහලා එළවලා.(නදී)
ගොඩක් හොදයි. අන්‍ය ආගමිකයන් සිල් ගන්න එන්න ඕනෑ. හැබැයි බෞද්ධයෝ අන් ආගමික වැඩසටහන් වලට යන්න හොද නැහැ. (දී)
කෙනෙක්ගේ ඉන්ද්‍රිය ගැන කියන්න කාටවත් බැහැ. ඒ ඥානය තියෙන්නේ තථාගතයන් වහන්සේට පමණි. එනිසා අනුන් මනින එක නතර කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි.(නදී)
මේ පිටරටවලට වැඩ සිටින භික්ෂුන් වහන්සේලයි ලංකාවේ ආරණ්‍ය සේනාසන වල වැඩවසන භික්ෂුන් වහන්සේලයි අතර ශීලය අහසට පොලොව වගේ. භික්ෂුවක් වීමෙන් ලැබෙන භාග්‍ය 8 වන භවයෙන් පසු සසර කතරෙන් එගොඩවීමට ලැබීමයි.එහෙත් එය ලබා ගැන්මට දහමේ ප්‍රකාර සීලයේම ඇලිය යුතුයි.පිටරටවල සිටින සමහර භික්ෂුන් රගන රැගුම් දකිනකොට 8 වන බවය නොව 64 භවයක් විතර යාවි. (දී)
ඉංගීසි වලින් කතා කොලොත් බල සේනාවයි ලංකාවේ පොලිසියයි දෙකම බයයි.(නදී)
අවබෝධයෙන් කරනවා නම් හොඳයි කරනන්වාලේ නොකර. අවබෝධයෙන් කරන්න ගිහාම ගොඩක් කරන දේවල් අඩුවෙනවා. (දී)
සිල් ගත්තාට පසු බෞද්ධ වෙනවානේ. කොහොමද අන්‍ය ආගමික වෙන්නේ. දිනකට බෞද්ධ. හවසට අන්‍ය ආගමික. කාලෙන් කාලෙට වෙන දේවල්. (දී)
චානක කියන කතාව සම්පුර්නයෙන්ම ඇත්ත. (දී)
මොනවා වුනත් හොද වැඩක් (දී)
චානක, ඔයා ශීලයේ ඇලෙනවා කියන එක වැරදියට වටහා ගෙන ඉන්නේ.කිසිම දෙයක නොඇලී සිටීමයි බුද්ධ දේශනාව.ශීලයේ ඇලීමයි, ශීලය ආරක්ෂා කිරීමයි දෙකක්. භික්ෂුව ආරණ්‍යගතවිය යුතුයි කියන දෙව්දත් හිමිගේ ඉල්ලීම බුදුරදුන් ප්‍රතික්ෂේප කලා. ඒ නිසා නොදන්න ධර්මය දන්න විදියට හිතාගෙන විශාල සේවයක් කරන භික්ෂූන් වහන්සේලට දොස් කියලා ඔයයි පව් පුරවා ගන්නේ. (දී)
හමුදාවේ සිංහල කොල්ලෙක් දෙමළ ගෑනු ළමයෙක්ව පල්ලියෙන් බැඳලා අහගත්තු ටික මට මතක් වෙනවා.(නදී)
බුදුන් දේශනා කලේ මිනිසාගේ හිත සුව පිනිස ධර්මයෙහි හැසිරෙන්න කියායි. නමුත් දැන් ඉන්න සමහර හාමුදුරුවරු කරන්නෙ තමන්ගෙ හිත සුව පිනිස හැසිරෙන එකයි. නියම පිනක් ලැබෙන්නෙ සිල්වත් හාමුදුරුවරුනට දන් දීමෙන් පමනක් බව මතක තියා ගන්න. දැන් ගොඩක් බෞද්ධ අය කරන්නෙ අනුන්ට පේන්න පින් කරන එක. (දී)
ආහ් විජේසිංහ, හරි ආසා ඇති නේද එහෙම වෙනවා නම්? සිල් ගන්න එක හොඳ දෙයක්. හොඳ දේවල් කරන්න ආගම් බේද වුවමනා නැහැ. ඒ කියලා අදහන ආගම අත් හැරීමක් වෙන්නේ නැහැ නේ. ඒක හිතේ තියන දෙයක්. මිනිස්සු වුනාම අනවශ්‍ය විදිහට ආත්මාර්ථකාමී වෙන්න හොඳ නැහැ (දී)
.ගලබඩ කියනදේට මමත් එකගයි එය තමා විය යුත්තේ (අ)
මට තේරෙන හැටියට ආගම තියෙන්නේ මිනුස්සු අතරේ අසමගිය ඇතිකරලා දෙපිල බැදිලා යුද්ද කරගන්න නෙමේ මිනුස්සු මිනුස්සු විදියට ජිවත් කරවන්න ඉතින් මේක ගොඩක් හොද වැඩක්. (අ)
අන්‍යාගමික ඉතාලි පුද්ගලයින්ට ඉතාලි භාෂාවෙන් ධර්මය කියා දෙන්න නම් අපේ හාමුදුරුවරු හොඳින් ඉතාලි දැනගත යුතුය. සීල ව්‍යාපාර වලට ඉතාලි ජාතිකයන්ගේ මුහුණු වැඩිකරගැනීම නොව, එම මුහුණු වලට ධර්මය ප්‍රත්‍යක්ෂ ලෙස වටහා දීමයි විය යුත්තේ. (දී)
අන්‍ය ආගමිකයන්ට බුද්ධාගමේ අරුත කියලා දෙන එක නම් හොඳයි. හැබැයි දැන් ගොඩක් ඉන්න හාමුදුරුවරු හැසිරෙන්නේ නුතන ලෝකයට ගැලපෙන්න මිස, බුදුන්ගේ කාලෙට ගැලපෙන්නත් නොවෙයි (නි)
සීලා විමලා, මෙතන ඩයස්ලා රොහාන්ලා නැති උනාට ප්‍රදීප්ලා, කොට කුමාරලා, මෙගා අජිත්ලා ඉන්නවද කියලා හොයලා බැලුවද? (නදී)
පදෝවා කියන්නේ කතෝලිකයන්ගේ පුජනීය නගරයක්. එතනට ගිහිල්ලා බුද්ධාගම පතුරුවන්න හදන එක වැරදියි. (නි)
මේක හොද වැඩක්. අපි සරසවි ඉන්න කාලෙ පල්ලියටත් ගියා, අපේ යාලුවෝ පන්සල් ආවා (දී)
ශ්‍රී ලංකාවේ අන්‍යාගමිකරණයට විරුද්ධ අය එහේ ගිහින් මොනවද ඔය කරන්නේ? බැරිවෙලාත් ඔවුන් නැගීසිටියොත්? (නි)