IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අනඳ පැටව් අවුරුදු හුරුවක් ලබති

කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ ‘සිඟිති බක්මහ උ‍ළෙල‘ එම විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදී අද (4) පැවැත්විණ.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන සියලුම සිරිත් විරිත් එහිදී දැකගත හැකි විය.

ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍යය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් විය.

විදුහල්පති ප්‍රභූ කර්නල් එල් එම් ඩී ධර්මසේන මහතාගේ මඟපෙන්වීම යටතේ ප්‍රාථමික අංශ ප්‍රධානී සීතා කුලතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් එක්ව මෙම අවුරුදු උළෙල සංවිධානය කළහ.

නැකතට කිරි ඉතිරවීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම ඇතුළු සියලු චාරිත්‍රවාරිත්‍ර මෙහිදී සිදු කැරිණි.

දරුවාට කුඩා කළ සිටම ‘අපේ කම‘ කියා දීම හා ඔහු සමාජයට වැඩදායි මිනිසකු කිරී‍ම මෙහි අරමුණ බව විදුහල්පති ධර්මසේන මහතා කියයි.



අදහස් (0)

අනඳ පැටව් අවුරුදු හුරුවක් ලබති

සිරිමලී Thursday, 04 April 2013 10:22 PM

ගාල්ල ජනාධීපති බාලිකාවෙත් ඔය විදිහටම අවුරුදු උත්සවය හා සිරිත් විරිත් ඉටු කරන ලදී. හරිම ලස්සන අවස්ථාවක්. පුංචි දුලා පුතාලට මේ අපේ සිරිත් විරිත් ඉස්කොලෙන්ම ලබාදීම් ඉතා වැදගත්. පාසල් අධ්‍යාපනය රැක ගමු. එය අගයමු සැම දින.(නදී)

:       0       0

මුතුකුඩ Thursday, 04 April 2013 10:25 PM

ඉතාම ඉහළ වැඩක්. කාලීන වගේම ජාතික අභිමානයට හේතුවෙනවා. නමුත් මෙවැනි දේවල් තවත් මීට වඩා පහසුකම් අඩු ගමේ දුප්පත් ඉස්කෝල වල සිද්ධ වෙනවා. සිදු කරනවා. ඒවත් මේ විදිහටම පළ කරනවා නම් එම ළමුන් දිරිමත් කරන්න අගයන්න එම අහිංසක ළමුන්ට කරන අනර්ඝ සේවයක්. (නි)

:       0       0

කුමුදු Friday, 05 April 2013 09:22 AM

ලස්සනයි, මගේ උණුසුම් සුබපැතුම් ! මාත් ඉගෙන ගත්තු, මගේ පුතත් ඉන්න ආනන්දය ජාතියට ආදර්ශවත් දේවල් ද කරන වග නම් ඒකාන්තයි. මේ සදහා එදිරිපත් වූ සැමට ස්තුති. (ස)

:       0       0

පින්සර සොයිසා Friday, 05 April 2013 09:39 AM

ඉතාම හොඳ වැඩක්. ජයන්ත චන්ද්‍රසිරි මහතාට ගොඩාක් පින්.. (ස)

:       0       0

කරුණාරත්න Friday, 05 April 2013 09:51 AM

පුංචි දරුවන් වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබදව ආනන්ද විදුහලට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. (ස)

:       0       0

සරා Thursday, 04 April 2013 04:24 PM

හරිම හොඳයි පුංචි පැටව් ටික (ස)

:       0       0

අනුර Thursday, 04 April 2013 04:26 PM

අනේ හරිම ලස්සනයි, ලංකාදීපයට ස්තුතියි ‍මේවා දාන එකට (ස)

:       0       0

හේමන්ත Thursday, 04 April 2013 04:27 PM

ආනන්ද විද්‍යාලය ජාතියේ සුවිසල් බෞද්ධ පාසැල. එකවර වැඩිම පිරිසක් නිතිපතා පන්සිල් ගන්න තැනක් ලෝකයේම තියනවද? මේ පුංචි දරුවන්ට සුබ අනාගතයක් හදමු. මේ දරුවන්ට තෙරුවන් සරණින් ජයම වේවා. (ස)

:       0       0

සම්පත් Sunday, 07 April 2013 12:22 PM

යුද්දයෙන් කොච්චර මිනිස්සු පීඩා වින්දද .ජනාධිපති තුමා සාමය ඇති කරපු එකම මදිද සතුටෙන් අවරුදු කන්න. කාටවත් මතක නැ අතීතය.(නදී)

:       0       0

විජිත් Thursday, 04 April 2013 05:21 PM

අනන්දයට ජාතියේ ප්‍රණාමය සහ ලංකාදීපයට මල් මිටක් ! (නි)

:       0       0

රුසිරු Thursday, 04 April 2013 05:55 PM

ජාතියට නායකත්වය දෙන පින් බිමක් ..... සද යෙහෙන් වජබෙව ..... (අ)

:       0       0

ජයී තිසර Friday, 05 April 2013 12:29 PM

බක්මහ උ‍ළෙල ලස්සන ලෙස සිදුවි තිබේ.. අවුරුදු සිරිය සැම මුහුනෙම දකිනු ලැබේ.. අරමුණ උතුම් විදුහල්පති තුමනි ඔබේ.. බැබලේ කීර්තිය ලක් දිව ගුවන් ගැබේ.(නදී)

:       0       0

ආනන්ද Friday, 05 April 2013 04:58 PM

ප්‍රාථමික අංශ ප්‍රධානී සීතා කුලතුංග මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් එක්ව පුංචි දරුවන් වෙනුවෙන් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම පිළිබදව ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි. මගේ පුතත් ඉන්න ආනන්දය ජාතියට ආදර්ශවත් දේවල් ද කරන වග නම් ඒකාන්තයි. හරිම ලස්සන අවස්ථාවක්. පුංචි පුතාලට මේ අපේ සිරිත් විරිත් ඉස්කොලෙන්ම ලබාදීම් ඉතා වැදගත්. ජීවිත කාලය පුරාම මතකයේ රැදෙයි. ආනන්ද මාතාවට සුභ පැතුම් !(නදී)

:       0       0

චන්දරේ කටාර් Thursday, 04 April 2013 06:53 PM

මගෙත් පාසැල, මගේ පුත්තු තුන්දෙනගේත් පාසැල. හිත අවුරුදු ගණනක් පස්සටගියා. හරිම ආඩම්බරෛ. (අ)

:       0       0

රොෂානි ගුණසේකර Thursday, 04 April 2013 07:12 PM

හරිම ලස්සන අවස්ථාවක්.පුංචි පුතාලට මේ අපේ සිරිත් විරිත් ඉස්කොලෙන්ම ලබාදීම් ඉතා වැදගත්.ජීවිත කාලය පුරාම මතකයේ රැදෙයි.ආනන්ද මාතාවට සුභ පැතුම් (අ)

:       0       0

සුගත් Saturday, 06 April 2013 03:32 AM

නියෝජ්‍ය විදුහල්පතිනි සීතා කුලතුංග මහත්මියට මෙවන් වටිනා උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් විද්‍යාලයේ ආදී සිසුන් වෙනුවෙන් ප්‍රණාමය පුද කරමු. (නි)

:       0       0

වින්ධ්‍යා Saturday, 06 April 2013 03:39 AM

අපේ පැරණි සිරිත් විරිත් මෑත කාලීන සමාජයෙන් ගිලිහී යන කාලයක ආනන්ද විද්‍යාලයෙන් මේ කළා වූ ඉතා වටිනා ක්‍රියාව අගය කරමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 35 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site