
(අංජුල මහික වීරරත්න)
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ එළඹෙන සඳුදා (3) සාකච්ඡා කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බලාරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ජාතික උසස් අධ්‍යාපන සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වන නීති සම්පාදනය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවද සිසුන්ට විදේශගත නොවී උසස් අධ්‍යාපනය ලබා ගත හැකි ආකාරයට උසස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවද සුරේන් රාඝවන් මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳම විසඳුම... අත්තනෝමතික වෘත්තීය සමිති නායකයින් රැල වැඩ තහනමට ලක්කර එලවා දැමීම.... ලක්ෂ සංඛ්‍යාත සිසු අනාගතය දඩාවතේ යන බල්ලන්ට යටකල යුතු නෑ. ජේ ආර්ට තිබුන කොන්ද දැන් ඉන්න නායකයින්ට නෑ.
ඔය වැඩේ අතීසාරයට අමුඩ ගහන්නා වගේ කරන්න එපා කියලා කියන්න කැමැතියි... අපේ දරුවන්ට ඔය පිරිසගේ වැඩ නිසා බලවත් අසාධාරණයක් වෙලා තියෙනවා.. ඒක වෙන්න තීන්දු තීරණ ගන්න පිරිසගේ නොසැලකිල්ල ප්‍රධාන හේතුවක් වෙනවා. ප්‍රශ්නය මතුවීමට පෙර අදාල කණ්ඩායම් සමග අවම වශයෙන් අවුරුදු එකකට වරක්වත් ඇමැතිවරයා තමා යටතේ තියෙන ආයතනවල කාර්‍ය මණ්ඩල සමග හා වෘත්තීය සමිති නායකයෝ සමඟ සාකච්ඡා කරනවා නම් ඔය ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. අඩුම තරමින් ජනවාරි පළමුවෙනිදා වැඩ ආරම්භ කළ අවස්ථාව හෝ අලුත් අවුරුදු දිනයේ එම කටයුතු කර නිලධාරි හා සේවකයින් තෘප්තිමත් කළොත් තමයි සේවයක් කරන්න පුළුවන් වෙන්නේ... කොහේද ඒකට දැනුමක් තියෙන අයගෙන් ඇමති මණ්ඩලය හදන්නේ නැහැනේ.. හැදුවොත් හදන්නේ අධ්‍යාපන හා මහාමාර්ග වැනි ගොනයි මීමයි වගේ මුදල් වාසි තකා කටයුතු කරන්න පුළුවන් ආකාරයට තමයි. ඒ නිසා දරුවන්ගේ අනාගතය කාබාසිනියා නොවන ආකාරයට අතීසාරයට අමුඩ නොගසා 3 දිනයේ තීරණයක් ගන්න කටයුතු කරන්න කියලා ඉල්ලන්න කැමැතියි...