කොළඹ නුවර පාරේ යතුරුපැදි අනතුරෙන් මිය ගිය සරසවි සිසුන් දෙදෙනා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් බවද, සරසවි ආචාර්යවරුන්ගේ වර්ජනයට සහාය දෙමින් පේරාදෙණියේ සිට කොළඹට එන ශිෂ්‍ය පාගමනේ සංවිධායකයන් බවද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා කියයි.
පාගමන අවසන් වීමට දවසක් තිබියදී මේ ඛේදවාචකය සිදුවිය.
යතුරුපැදිකරුට නින්ද වාම මේ අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් නින්ද යන්න ඇති..තව කොච්චරකලක් නිදා ගන්නද ඉතින්..(ස)
මේ දෙන්නා නිදිවරාගෙන වැඩ කරන්න ඇති. පව් අනේ..(ස)
කවුද මේවට වග කියන්නේ
මගේ කණගාටුව
අපේ දරුවන්ට මොකද මේ වෙලා තියෙන්නේ?. බලධරයිනි දැන්වත් ඇස් ඇර බලනුමැන.(ස)
මොක කලත් කමක් නැහැ පර හරස් කරන්නේ නැතුව
දැන් ඔක්කොම හරි
හොඳ හොඳම දේය ලොව කිසිම තැනක නෑ නොහොඳ නරක දිනුවේ...(ස)
ඔය විකාර නොකර ඉගන ගත්තානම් තවම ඉන්නවා
මේක අනතුරක්
මේ වගේ දෙයක් වුණු එකේ වගකීම සම්පූර්ණයෙන්ම බලධාරීන් බාර ගත යුතුයි . අධ්‍යාපන ප්‍රශ්න වලට තවම පිලියමක් ලබා දීමට රජය අපොහොසත් වීම නිසා තමයි මේ වගේ සිදුවීමක් සිදුවුනේ.(ස)
රටේ ඇති වෙලා තියෙන වාතාවරනය අනුව නම් මේ මරන නම් සැකයි...ෆාරු ටිකක් බුද්ධිමත් විදියට කොමෙන්ට් දාන්න...(ස)
පරීක්ෂණයක් තිබ්බොත් නම් හොදයි නේ
නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවී කල මෙහෙය වෙනුවෙන් ඔබට අපගේ ප්‍රණාමය හා අජරාමර නිවන් සුව (ස)
හරිම කණගාටුයි , තරුණ ජීවිත නේද මේ (ස)
මේවායේ වගකීම අන්තරය භාරගතයුතුයී (ස)
සිරිපාල කියූ දෙයමයි මමත් කියන්නේ. (නි)
පාලිත මහත්තයා කොහොමද මේක අන්තරයටම භාරදෙන්නේ? (නි)
මේවට මුන්ව එවන දෙමාපියන්ටයි ගස් බැදලා ගහන්න තියෙන්නේ. (නි)
මේ මරණ වලට වගකිව යුත්තේ ජේ.වී.පී. නායකයෝයි. (නි)
අයියෝ සල්ලි කොහොමද එහෙමම උනේ මට නම් සැකයි
රටේ තත්වයත් එක්ක බැලුවහම මේක ටිකක් සැක සහිත සිද්ධියක් (ස)
රටේ තත්ත්වයත් සමග බැලූ විට මේක ටිකක් සැක හිතෙන සිදුවීමක්. (නි)
සිරිපාල වගේ තව දෙන්නෙක් හිටියනම් රට ඉවරයි (ස)
ඇස් පියාගෙන කන් වසාගෙන ඉන්නේ තව කී දෙනෙක් මැරෙනකල්ද? (නි)
පාලිත මොනවත් නොදන්නා බබෙක් වෙන්න එපා. ඒ කොල්ලෝ මැරුණේ තමන් වෙනුවෙන් නෙමෙයි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්. සමහර විට ඒ ඔයාගේ ළමයි වෙනුවෙන් වෙන්න පුළුවන්. අද විතරක් නෙමෙයි. ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. අපි ඒ අයට ගරුකළ යුතුයි. මේකට වගකීම සම්පුර්ණයෙන්ම රජය භාරගන්න ඕනෑ. වගකීම කා අතේ වුණත් දුප්පත් දෙමවුපියන්ට උගත් ළමයි දෙන්නෙක් නැති වෙලා. එච්චරයි. (නි)
මේ ඉල්ලීම් සාධාරණද කියලා අපි බලන්න ඕනෑ. ජීඩීපී කියන්නේ මුළු රටේම සමස්ත නිෂ්පාදන වල වටිනාකම. ජීඩීපී එකෙන් 20% ක් පමණයි රජයේ අදායම. එතකොට කොහොමද 6% වෙන් කරන්නේ? රජයේ ආදායමෙන් 30% කට වැඩි ප්‍රමාණයක් මේ ගොල්ලෝ ඉල්ලන්නේ. මේවා සාදාරන නැහැ. හෙට දොස්තරලා 10% ඉල්ලලා පාරට බැස්සොත්? (නි)
මේවායේ වගකීම අන්තරය භාරගත යුතුයි . ඕක කරගන්න තමයි කට්ටිය දැගලුවේ. දැන්වත් මේ ඵන්.ජි.ඕ. සෙල්ලම නතර කරවු. මේ රට විනාශ කරන්නේ නැතුව ලේ පිපාසිත පාපතරයන්ට දරුවන් බිලි දෙන්නෙ නැතුව... (නි)
ඉතාම කණගාටුදායක සිද්ධියක්. මේ අර්බුදය දුරදිග ගියා වැඩියි. (නි)
ජාතියේ පියාණෙනි, මේ මියයන්නේ ඔබේම දරුවන් නොවේද? (නි)
බුදුන් පා තැබූ මගේ මවුබිම....? (නි)
දෙමාපියන් ගොඩක් දුක් විදලයි මේ දරුවන් මෙහෙම තැනකට ගේන්නේ. දැන් පේනවනේ වෙලා තියෙන දේ. (නි)
අයියෝ සල්ලි
පරීක්ෂණයක් තියන්න
ඔබ ගැන කනගාටුයි
ගැමුණු, ඔයා නම් මහ එපාකරපු කෙනෙක්. (නි)
අන්තරේ තමයි තරුණ ජීවිත මුලාකරලා අකාලයේ නැතිකරවන්නේ. (නි)
රිය අනතුරකින් මැරුණ දෙන්නාගේ මරණයට හේතුව නින්ද ගිය එකනම් ඒකත් රජයේ වරදක්ද? (නි)
රටේ ඇති වෙලා තියෙන වාතාවරනය අනුව නම් මේ මරණ ගැන සැකයි. ෆාරු ටිකක් බුද්ධිමත් විදියට ප්‍රතිචාර දාන්න. (නි)
මෝටර් බයිසිකලයක් හැපිලා දෙන්නෙක් මැරිලා. එච්චරයි. (නි)
ඩයනාගේ මරණය මතක් වුණා. (නි)
කොහොමද එහෙම උනේ
ජිවිතයේ ආයුෂ ඉවර වෙලා
රජයේ අයට සතුටු ඇති නේද? (නි)
නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ නුඹට අපට සදාතනික සිසු විරුවන්.. අපේ හදවත තුළ නුඹ සදා අමරණියයි.. අප මැරිය හැක.. නමුත් අප නගනා හඩ අමරණීයයි..!(නු)
අනතුරකද ? මිනි මරුමක්ද
සුදුසු තැනට සුදුස්සා පත් නොකිරීමේ ප්‍රතිඵලයි මේ.. මගේ බලවත් කණගාටුව..!(නු)
අපෙ ගෙවල් ළග මිනිහෙක්ව බල්ලෙක් කාලා. වගකිම රජය බාරගත යුතුයි. (නි)
අන්තිමේ පාඩුව අසරණ දෙමවුපියන්ටයි. (නි)
නිදහස් අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ නුඹට අපට සදාතනික සිසු විරුවන්. අපේ හදවත තුළ නුඹ සදා අමරණියයි. අප මැරිය හැක. නමුත් අප නගනා හඩ අමරණීයයි. (නි)
පාගමනේ සිටිය දෙන්නා මොකටද යතුරුපැදියකින් ගියේ? (නි)
සාස්තර බලලද නින්ද ගිහින් කියලා කියන්නේ..(ස)
ආනන්ද, හරියටම හරි. රජයෙන් ඉසසර වගේ බලු වෑන් දැම්මා නම් එහෙම වෙන්නෙ නැහැ. හැමදේටම රජය වගකිවයුතුයි කියන එක සාධාරණ නැහැ. හැබැයි වගකියන්න ඕනෑ තැන්වලදි ඒ වගකීමෙන් ගැලවෙන්නත් බැහැ. මේ මරණ දෙකට කෙසේ වෙතත් විශ්ව විද්‍යාල ප්‍රශ්න වලට මීට වඩා උනන්දුවක් දක්වන්න ඕනෑ. (නි)
ආනන්ද, මේකට නම් රජයම තමයි වගකියන්න ඕනෑ. (නි)
නැවත හිතලා බලද්දී අනෙක් දරුවොත් කල්පනාවෙන් ඉන්න එක හොදයි. (නි)
අනෙක් දරුවොත් පරිස්සමින් ඉන්න එක වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සිසු දරුවන්ගේ ප්‍රශ්න වලට මෙහෙම විසදුම් දෙන එක හරිද? (නි)
මට අසනීපයි. ඊට රජය වගකිවයුතුයි. (නි)
මෙතන කුමක් හෝ දෙයක් වී ඇති බව පෙනේ. නිකම්ම අනතුරක් විය නොහැක. (නි)
හරිම කණගාටුයි අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිථලය මේකද ????????? අන්තිමට උනේ රටක් වටින දරුවෝ දෙන්නෙක් අහිංසක දෙමව්පියන්ට අහිමිවීම විතරයි (ස)
මේ මරණය ඉතා පැහැදිලිව සැකසහිතයි. නිසි පියවර වහා ගත යුතුයි. (නි)
ආනන්ද, ඔවු. බල්ලෙක් කාපු එකට නම් රජය වග කියන්න ඕනෑ. මොකද දඩාවතේ යන බල්ලෝ ඇල්ලීම නතර කළේ ආණ්ඩුව නිසා. මට හැබැයි සැකයි ඒ කාපු බල්ලා ඔයාද කියලා. මොකද ඔයා දාපු ප්‍රතිචාරයක් නිසා. මේ කොල්ලෝ මැරුනේ මේ ප්‍රශ්නේ මෙචර දුර ගෙනියපු නිසා. නැත්නම් රුහුණේ කොල්ලෙක් සහ කැලණියේ කොල්ලෙක් බයිසිකල් එකක උදේ පාන්දර විනෝද වෙන්න යන්නේ නැහැ. (නි)
කැම්පුස් ගියේ මොකටද කියලා අමතක වුණහම ඔහොම වෙනවා. අනවශ්‍ය දේවල් වලට අත දාන්න ගියාම තමා තමන්ගේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ. අනේ පවු අසරණ දෙමාපියෝ. මෝඩකමට බෙහෙත් නැහැ කියලා කියනවනේ. මොනවා වුණත් ඔබ දෙදෙනාට නිවන් සුව. (නි)
තමන් ආව වැඩේ කරගන්නේ නැතුව වෙන වැඩ වලට යනවට මේවා හොද පාඩම්. කොහොම නමුත් ඉතා කණගාටුදායකයි. (නි)
බලධාරියන් නෙමෙයි මේවට වගකියන්න ඕනෑ, මේවගේ වැඩ කරන්න උඩ ගෙඩි දෙන අයයි. පවු අසරණ අම්මලා. නිදහසේ තමන්ගෙ පාඩුවෙ ඉගෙන ගත්තා නම් කොච්චර හොද අනාගත දෙකක්ද මේ? (නි)
මේ වගේ අනතුරු මීට කලිනුත් සිද්ධ වෙලා තියෙනවනේ. (නි)
දිනේෂ්, ඔයාගේ කතාව ගැන ඇහුවම දුක හිතෙනවා ඔයාගේ චින්තනය ගැන. තමන්ට අද මේ තැනට එන්න උදවු කළ නිදහස් අධ්‍යාපනය රැක ගන්න එක අනවශ්‍ය වැඩක් හැටියට ඔය දකිනවා නම්, ඔයා වගේ අය ඉස්කෝලේ ගියාද කියලත් සැකයි. අනික ඔයාලා වගේ හිතන අය ඉන්නකම් මේ රට හදන්න බැහැ. (නි)
තමන්ගෙ වැඩේ විතරක් කරගන්න අත්තනෝමතිකයො (අ)
ප්‍රතිචාර දාන සමහර මෝඩයන් ගැන හිතනකොට රටට දෙවියන්ගේම පිහිට තමයි. (නි)
නිදහස් අධ්‍යාපනය අනතුරේ (ස)
නදීශා අධ්‍යාපනය පවත්වාගෙන යාම රජයේ වගකීමක් (අ)
අම්මට තාත්තා බණිය අය ප්‍රතිචාර දමන්න එපා (අ)
සංජු වරදක් වුනොත් ගුටිකන්න ඕනේ සංජුගේ දෙමව්පියන්ද? අඩු නින්දෙන් ඇහැරිලා ලෝකය දිහා බලන්න එපා.(නදී)
මේ ප්‍රශ්නය දෙස පාට කණ්ණාඩි ගළවා බලන්න (නි)
දිනේෂ් තුෂාර ඔයාලා වගේ අය තව හිටියොත් වැඩි කාලයක් යන්න කලින් බුද්ධිමත්තු නැතිවේවි..(ස)
දිනේෂ්, ඔයාට කැමිපස් යන්න බැරි උනා නේද? දුක් වෙන්න එපා.ඔයා කැමිපස් ගියත් වැඩක් නෑ. ඔයා වගේ හිතන අය තමයි ඉතිහාසේත් මේ රට පාවල දුන්නේ.(ස)
වෙලාව තමයි
මේ අපරාධය ගැන දෙවියොම බලාගන්න ඕන...(ස)
අනුෂ්ක, ඔයාගේ ප්‍රශ්න වලට එකින් එක උත්තර දෙන්නම්. ඔවු, මම ලංකාවේ පාසල් ගියා. හැබයි ඔයාට වැඩිය හොදට ඉගෙන ගත්තා. ඔයාලා වගේ අය මේ වගේ දේවල් වලට උඩ ගෙඩි දෙන හින්දා තමා මේ වගේ දේවල් වෙන්නේ සහ ඔයාල ඔය කියන විදියට නිදහස් අධ්‍යාපනය රැකගන්න කියලා පාරට බැහැල කෑ ගහන එක නෙමෙයි කරන්න ඕනෑ. ගොඩක් දේවල් තියෙනවා වුණත් ඔයාලා දකින්නේ ලංකාවේ ඇතුළේ වෙන දේවල් විතරයි. ඒකයි ඔයාලා ඔය වගේ පටු විදියට හිතන්නේ. ඔයා වගේ ගොඩයෙක් නෙමෙයි මම. මම රටවල් 7 ක ජීවත් වෙලා තියෙනවා සහ දැන් ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඔයාට වෙන මුකුත් ප්‍රශ්න තියෙනවා නම් කියන්න, මම උත්තර දෙන්නම්. (නි)
ප්‍රබෝධ : ඕය ලංකවේ බුද්ධිමත්තු කරන වැඩ තමා පේන්නේ...ඔයාට මගේ බුද්දි මට්ටම පෙන්වන්න එන්න ඇමෙරිකාවට..කොහොමත් ලංකවට එන්නේ නැ තමා ඔයාල වගේ නුඋගත් මිනිස්සු එක්ක ජීවත් වෙන්න ..(ස)
දිනේෂ්, සුද්දට ආවඩන හැකියාවටද ඔබ බුද්ධි මට්ටම කියන්නෙ? ඒක එහෙමනම් ඔබ සෑහෙන බුද්ධිමතෙක් වෙන්න ඕනෑ. ඒ වගේම අපිටත් ඔබේ බුද්ධි මට්ටම බලන්න ඇමරිකාවට එන්න ඕනෑ. (නි)
සමහර අය මාර ප්‍රතිචාර දාන්නේ. අවම වශයෙන් සමාන්‍යවැසියෙකු ලෙස හෝ සිතිමේ හැකියාව තිබිය යුතුයි. ආනන්ද මහත්තයෝ, එය ගෙවල් ළග කෙනෙකුගේ කෑ බල්ලාට සමාන නැහැ. ඔබට එය සමාන නම්, බල්ලා ද රැක ගනිමින් බල්ලා පාරේ වහරන මළ ඔබේ අතින්ම සුද්ද කරන්න. (නි)
අනෙක් දරුවොත් පරිස්සමින් ඉන්න එක වටිනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)
සමහර අය මාර ප්‍රතිචාර දාන්නේ. ගෙවල් ළග බල්ලෝ කාලාලු. අන්තරේ වගකීම ගන්න ඕනෑලු, ජවිපේ වගකීම ගන්න ඕනෑලු. පුදුම බුද්ධියක් මෙයාලාට තියෙනනේ. මා සිතන තරමට මෙය වී ඇත්තේ කාලයක් පුරාවට ඔවුන් ආරක්ෂා කරන පාලකයන්ට කඩේ යාමේ ප්‍රතිඵලයක් නිසා කියා. නැත්නම් අවම වශයෙන් සමාන්‍ය වැසියෙකු ලෙස හෝ සිතිමේ හැකියාව තිබිය යුතුයිනේ. නැතිවුනේ අපේ සොයුරෙක්, අහිංසක දෙමාපියන්ගේ දරුවන් දෙදෙනෙක්, රටේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට කොදු නැති උන් වෙනුවෙන් පෙනී සිටි සිසු විරුවන් දෙදෙනෙක්. ආනන්ද මහත්තයෝ, ඒක ගෙවල් ළග කෙනෙකුගේ කෑ බල්ලට සමාන නැහැ. (නි)
මෑරිච්ච පනුවෙක් හරි කරේ තියාගෙන මිනිස්සු කුලප්පු කරන්න තියෙනවා නම් ජේ වී පී එකටයි, අන්තරේටයි ඊට වෑඩිය දෙයක් නැහැ. මෙයාලට රට කරන්න ප්‍රතිපත්තියක් නැහැ. හෑම දේටම විරුද්ධයි. (නි)
දිනේෂ්, ඔයාලා වගේ මෝඩයෝ හිටියා නම් අද අපේ දරුවන්ට නිදහස් අධ්‍යාපනය ලබන්න වරම් නැහැ.(නදී)
නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන පාරට බහින ආචාර්යවරු දුප්පත් දෙමාපියන්ගේ දරුවන් පාරට දාලා මිනී පෙට්ටිවල යවලා සුර ලොව යන්න දගලන හැටි. (නි)
මට පෙනෙන්නේ නම් පොලිසියට නින්ද ගිහින් වගෙයි. (නි)
OYA BORU OYA DENNAWA MAEALA
ඔය බොරු. ඔය දෙන්නව මරලලු. (නි)
දිනේෂ්, ඔය කියන ඇමරිකාවෙ මෙහෙ විශ්වවිද්‍යාල වලින් ගිය ආචාර්යවරු ගොඩ දෙනෙක් වැඩ කරනවා. එහෙම වෙලා තියෙන්නෙ මේ රටේ ඔවුන්ව රදවගන්න වැඩ පිළිවෙලක් නැති නිසා. මතුවට එහෙම දෙයක් වෙන එක වළක්වන්න තමා මේ අරගලය කරන්නෙ. ඇමරිකාවෙ බුද්ධිමතුන් ගොඩක් ඉන්නවා. ඒ වගේම ඔබ වගේ පල් මෝඩයොත් ඇමරිකාවෙ ඉන්න බව පේනවා. (නි)
මෙම අපරාධ වලට හෙණ හතම ගහන්න ඕනෑ. (නි)
තුෂාර සහ දිනේෂ් පාසලකට ගිය අය නෙමෙයිද? (නි)
විශ්වය අප කරන සියළු දේ බලා සිටිනවා..!(නු)
කාටද නින්ද ගියේ කියල අපි දන්නවා. (නි)
දිනේෂ් වගේ අයට තමයි කියලා තියෙන්නේ පිරුණු කළේ දිය නො සෙලේ.. කියලා..!(නු)
දිනේෂ්, ඇමරිකාවේ වගේම කැනඩාවෙත් ගොඩක් කට්ටිය ලංකාවෙන් ඇවිත් ඉගෙන ගන්නවා. සමහරුන් උගන්නනවා. හැබැයි ඔය වගේ මෝඩ අදහස් දාන කෙනෙක් දැකලා නෑ. අපි ඔය පාර්ශව දෙකටම කැමති නෑ. නමුත් ඒ ළමයි දෙන්නට ඇමරිකාවෙ එන්න බැරි නිසානෙ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරලා මැරෙන්න වුනේ. (ස)
අපේ කොල්ලො දෙන්නෙක් ඉවරයි.. තව කොපමණ අනතුරු වෙයිද දන්නෙ නැහැ..!(නු)
මොනවා වුනත් මනුස්ස ජීවිත... (නි)
දිනේෂ් මහත්තයෝ, අපි නම් අහලා තියෙන්නෙ “උගත්කම ගැන ආඩම්බර වීම තරම් නූගත් කමක් තවත් නැහැ“ කියලයි. ඔයාගෙ උගත්කම ගැන අපිට හරීරීරී...ම සතුටුයි. ඔයා ඇමරිකාවෙම ඉන්න. මොකද ඔයාලා වගේ විෂබීජ ලංකාවට නොඑන එකමයි හොඳ. (නි)
ඔලු දෙකම කුඩු වෙලා නම් හෙල්මට් වලට ාමාකද වුණේ? (නි)