වත්තල දී සොයා ගැනුණු ත්‍රීරෝද රියේ තිබූ මළ සිරුර රිය අනතුර නිසා සිදුවූවක්ද, එසේ නැතිනම් මළ සිරුරක් රැගෙන යද්දී අනතුර සිදුවූවාද යන්න පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
වත්තර ප්‍රීතිපුර වෙරළ පැත්තේ සිට ආ ත්‍රීරෝද රිය පල්ලියවත්ත හංදියේ දී තවත් ත්‍රීරෝද රථ දෙකක හැපී පෙරළී ඇත.
ත්‍රීරෝද රියේ සිටියවුන් පෙරළුණු රිය කෙළින් කරගෙන නොනවත්වා ධාවනය කරද්දී, අනතුරක් සිදුවූ පසු හානි වූ ත්‍රීරෝද රිය නැවත ධාවනය කිරීම ගැන සැක සිතී එය පරීක්ෂා කර තිබේ.
පරීක්ෂා කරද්දී තුවාල ලැබූවන් දෙදනෙකු සහ හිසේ තුවාලයක් සහිත මිය ගිය පුද්ගලයකු සිටි බවත්, තුවාල ලැබූ දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කළ බවත්, මිය ගිය පුද්ගලයා හා ත්‍රීරෝද රිය එම ස්ථානයේම තිබිය දී මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනතුරකට ලක් වූ පුද්ගලයෙක්ව රෝහල කරා ගෙන යන විට මේ අනතුර වෙන්න ඇති. රෝගියා ගැන හිතලා අනතුර නොතකා දිගටම යන්න ඇති.(ම)
අපේ ලංකාවනම් දැන් අන්තිම ජරා මිනිසුන් වාසය කරනා රාජ්ජයක් වෙලා නිව්ස් එකක්වත් බලන්න නොහිතෙන තරමට මට නම් එපාවෙලා දැන්, දරුපැටව් ටිකයි ස්වාමියයි එක්ක රටෙන් පිට උනේ පෙර පිනකටයි කියල හිතෙනවා දැන්...! (ස)
දැන් ත්‍රී වීල් එකෙත් මිනී අදිනවද.(කේ)
මේ මොකක්ද දෙවියනේ මේ වෙලා තියෙන්නේ? (නි)