අන්තර්ජාලය හා දුරකථන මගින් ළමා හා තරුණ පිරිසට අනිසි බලපෑම් කරන්නන්ට එරෙහිව ක්‍රියාත්මක කාර්ය සාධන බලකායක් ස්ථාපිත කිරීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය කටයුතු කර ඇත.
ළමයින් අන්තර්ජාලය හා ජංගම දුරකථන ආදී උපකරණ භාවිතයෙන් පීඩාවට පත් කර මුදල් කොල්ලකෑම, බිය ගැන්වීම ආදි ක්‍රියා සිදුකරන පුද්ගලයන්ට එරෙහිව විමර්ශන කටයුතු සිදුකිරීමටත් , නීතියෙන් නඩු පැවරීමටත් මෙම බලකාය කටයුතු කරයි.
නීතිපති දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය, පොලිස් දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශය සහ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන්ගෙන් කාර්ය සාධන බලකාය සමන්විතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියා විසින් කරදරයට පත් කල දියණියන්, මව විසින් අනිසි වැඩට යොමු කල දියණියන් ගැන ප්‍රවෘත්ති එමටයි. අන්තර්ජාලයෙන් බේරන්න කලින් තමන්ගේම අයගෙන් මේ අහිංසක දරුවන් බේරගන්න වැඩ පිළිවෙලක් ඕනේ (නදී)
මේ වගේ වැඩවලට නම් සල්ලි ඕනේ තරම් (නදී)
ඒක ගොඩක් වටින වැඩක්. ඒ වගේම අසභ්‍ය දේවල් පෙරා හරින්නත් කටයුතු කරන්න. (නදී)