ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සහයෝගයෙන් මොරටුව විශ්ව විද්‍යාලය 5 වැනි වරටත් සංවිධානය කරන ‘මෝරා කිංග්ස් කුසලාන’ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය ලබන අගෝස්තු මස 4 වැනිදා සිට 8 වැනිදා දක්වා මොරටුව විශ්ව විද්‍යාලයේදී පැවැත්වේ. තරග වට නවයකින් සමන්විත තරගාවලියේ ජයග‍්‍රාහී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට පිරිනැමෙන ත්‍යාග මුදල 250,000 කි. එහිදී ශූරයාට කුසලානයක්, රන් පදක්කමක් සමග රුපියල් 50,000 ක්ද, අනුශූරයාට රිදී පදක්කමක් සමග රුපියල් 25,000 ක් සහ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා තරගකරුට ලෝකඩ පදක්කම සමග රුපියල් 15,000 ක්ද ලෙස 10 වැනි ස්ථානය දක්වා මුදල් ත්‍යාග පිරිනැමේ. පසුගිය වසර කිහිපයේදී මෙම තරගාවලියට ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවලින් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් සහභාගිවුහ. එම රටවලින් කිහිප දෙනකුම මෙවරත් තරගාවලියට ඉදිරිපත්වන බවද වාර්තාවේ. තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩිකාවට රන් පදක්කමක් සමග රුපියල් 10,000 ක්ද, දෙවැනි දක්‍ෂතම කී‍්‍රඩිකාවට රිදී පදක්කමක් සමග රුපියල් 6,000 ක් සහ තෙවැනි දක්‍ෂතම කී‍්‍රඩිකාවට ලෝකඩ පදක්කම සමග රුපියල් 4,000 ක් ලෙස ත්‍යාග පිරිනැමේ. 15 න් පහළ, 12 න් පහළ, 10 න් පහළ සහ 8 න් පහළ (බාලක/බාලිකා) වයස් කාණ්ඩ හතරකින් හා ශ්‍රේණිගත කිරීම් අතර සිටින හා ශ්‍රේණිගත කිරීමට ඇතුළත් නොවන ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන් වෙනුවෙන් ද තරග එහිදී පැවැත්වේ. ජයග‍්‍රාහී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට පදක්කම් සහ මුදලින් ත්‍යාග පිරිනමන බව සංවිධායකවරු පවසති. තරගාවලියට සහභාගිවන කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් බාර ගැනීම මේ මස 31 වැනිදා අවසන් වේ. තරගාවලිය පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 0715397829 ඔස්සේ ලක්‍ෂමන් විජේසුරිය මහතා ඇමැතීමෙන් ලබා ගත හැකිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි නොදන්න චෙස්. (නි)
අනේ හොඳයි. දැන් සරසවිය වහලා මාසයක් විතර වෙනවා. වෙන වැඩකුත් නැති එකේ දැන් ඉතින් ඕව තමයි කරන්න වෙන්නේ. මොරටුව සරසවියේ ලොකු පිට්ටනියකුත් තියන එකේ රගර් තරගයකුත් පැවැත්වුවොත් නරකද? තව අවශ්‍ය නම් බොල්ගොඩ ගඟේ බෝට්ටු රේස් එකක් තියලා, රැ වුණාම කාර් රේස් එකකුත් තියමු. (නි)