අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු ටෙනිස් තරගාවලි තුනක් මාර්තු මස 19 වැනිදා සිට 29 වැනිදා මීගමුව සහ කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා ටෙනිස් සංගමය කටයුතු යොදා තිබේ. පළමු තරගාවලිය මාර්තු මස 19 වැනිදා සිට 21 වැනිදා දක්වා මීගමුව ටෙනිස් ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහිදී පිරිනැමෙන ත්‍යාග මුදල ඩොලර් 2000 කි. ඩොලර් 10,000 ක ත්‍යාග මුදලක් පිරිනැමෙන දෙවැනි තරගාවලිය මාර්තු මස 23 වැනිදා සිට 25 දක්වා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. මාර්තු මස 27 වැනිදා සිට 29 දක්වා එස්. එස්. සී. විවෘත තරගාවලිය කොළඹ සිංහල ක‍්‍රීඩා සමාජයීය ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. එහි ත්‍යාග මුදල ඩොලර් 2000 කි. මැලේසියාව, දකුණු අප‍්‍රිකාව, රුසියාව සහ යුක්රේනය යන රටවල කී‍්‍රඩකයන් මෙම තරගමාලාවට සහභාගිවීමට නියමිතය. දකුණු අප‍්‍රිකාවද මෙම තරගමාලාවට සහභාගිවන බව ස්ථීර කර ඇතැයි ද වාර්තාවේ. ජාතික ටෙනිස් ශූර උපාලි රාජකරුණා, ගාමිණී දිසානායක සහ සුනිල් පෙරේරා තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලේ ප‍්‍රබල ක‍්‍රීඩකයෝ වෙති. රාජකරුණා ලෝක ශ්‍රේණිගත කිරීමේ 92 වැනි ස්ථානයේ පසුවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd