සදාචාරාත්මක කටයුතු සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ අවසන් වන තුරු ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම පාපන්දු සම්මේලන කළමණාකරණ මණ්ඩලයේ (මේ වන විට අහෝසි කර දමනු ලැබ ඇත) හිටපු සභාපතිවරයාද වන මනිලාල් ප‍්‍රනාන්දු මහතාට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය විසින් දින 90ක තහනමක් පනවා ඇත.
මෙම තහනම අනුව මනිලාල් ප‍්‍රනාන්දු මහතාට පාපන්දු සම්බන්ධ කිසිදු කටයුත්තකට සහභාගි විය නොහැකිය.
අන්තර් ජාතික පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබද පරීක්‍ෂණ කමිටුවේ සභාපති මයිකල් ගාශියා සහ විනිශ්චය කමිටු සභාපති හෑන්ස් ජොකිම් යන අයගේ නිර්දේශ මත මෙම තහනම පනවා ඇත.
මෙම තාවකාලික තහනම, 2012 ආරම්භ කරන ලද සෝදිසි කි‍්‍රයාවලියේම ප‍්‍රතිඵලයක් බව අන්තර් ජාතික පාපන්දු සම්මේලනය සදහන් කරයි.
2015 දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සම්බන්ධයෙන් පැවැති ආසියානු පාපන්දු සමුළුවේ කමිටු රැුස්වීමට සහභාගි වීමෙන් අනතුරුව ඔහුට මෙම තහනම පනවන ලදි.
63 හැවිරිදි මනිලාල් ප‍්‍රනාන්දු මහතා වසර 2011 ජනවාරි මාසයේ සිටම අන්තර්ජාතික පාපන්දු සම්මේලන විධායක කමිටුවේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන අතර ශි‍්‍ර ලංකා ඔලිම්පික් කමිටුවේ උප සභාපතිවරයකු ලෙසද කටයුතු කරයි.
ඔහුට විරුද්ධව එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනා වන්නේ ඔහු සහ ආසියානු පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මොහොමඞ් බින් හමාම් මහතා සමග ඇති සමීප සම්බන්ධතාවයි.
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ පසුගිය නිලවරණයට පෙර කැරීබියානු රටවල පාපන්දු නියෝජිතයන්ට අල්ලස් දුන්නේ යයි මොහොමඞ් බින් හමාම් මහතාට චෝදනා එල්ල වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයෙන් මනිලාල්ට මාස 3 ක තහනමක් පනවයි
සයුර Wednesday, 13 March 2013 11:37 AM
චෝදනාව මොකක්ද? (නි)
සිල්වා Wednesday, 13 March 2013 01:07 AM
මොනවා කරන්නද (දී)
පසන් Thursday, 14 March 2013 06:57 PM
දක්ෂයින්ට තැන දෙන්නේ නැති කණ්ඩායමේ අය මිට වඩා සැළකිලිමත් උනොත් හොදයි... මේ සංගමය හොද තැනකට ගෙනාවොත් ලංකාවට මීට වඩා හොද තැනක් ලැබෙයි..!(නු)
සේරිෆ් Thursday, 14 March 2013 11:51 AM
අයියෝ සල්ලි (දී)
දේශාන් Wednesday, 13 March 2013 09:28 AM
අයියෝ සල්ලි. මෙතුමාට එහෙම දෙයක් කියල ඇහුවහම පුදුමත් හිතුනා (දී)
චන්න Wednesday, 13 March 2013 01:35 PM
මොකද්ද කල වැරැද්ද (දී)
සමන් Friday, 15 March 2013 02:45 AM
වරදක් කලොත් දඩුවම නියතයි (දී)
චන්දන Wednesday, 13 March 2013 01:36 PM
අයියෝ සල්ලි (දී)
අනූ Tuesday, 12 March 2013 08:39 PM
මෙයානම් කවදාවත් පිට්ටනියක් දැකපු කෙනෙක් නෙමෙයි (ස)