කොළඹදී පැවැත්වෙන අන්තර්ජාතික ටෙනිස් සම්මේලන වයස 18 න් පහළ කනිෂ්ඨ ටෙනිස් තරගමාලාවේ (IV වැනි ශ්‍රේණිය) දෙවැනි සතියේ තරගාවලියේද පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ෂාමල් දිසානායක අද (19) සමත්විය.
ෂාමල්, ඉකුත් දා පැවැති මෙම තරගමාලාවේ පළමු සතියේ තරගාවලියේදී ද ශූරතාව දිනාගත් ක‍්‍රීඩකයා විය. ඔහු එහිදී පිරිමි කේවළ සහ යුගල ඉසව් දෙකම ජය ගනිමින් දස්කම් දැක්වීය.
කොළඹ ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මුලස්ථානයේ කෘතිම ටෙනිස් ක‍්‍රීඩා සංකීර්ණයේදී අද නිමා වු පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී කුවෙට් ක‍්‍රීඩක නසීර් ඕ බ්ඞ්ලි පරාජය කිරීමට ෂාමල් සමත්විය.
තරගයේ ලකුණු 4/1 ක් ලෙස ෂාමල් ඉදිරියෙන් සිටියදී කුවෙට් ක‍්‍රීඩකයා තරගයෙන් ඉවත්විය.
ෂාමල්, ලෝක කනිෂ්ඨ ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ 515 වැනි ස්ථානයේ පසුවෙයි. ඔහුට මෙම ජයග‍්‍රාහණයත් සමගින් තවදුරටත් ලෝක කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට ඒමේ අවස්ථාව හිමිවනු ඇත.
රුසියාව, ඉන්දියාව, හොංකොං, කුවෙට්, චීන තායිපේ, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පුරුව යන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ තරගාවලියට සහභාගිවෙති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි මගේ පුතා...ඉස්සරහටම යමු (ස)