ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ සහ ඉෂාන් සංජීව








ඉන්දිකා රාමනායක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පාගමනට මීට ටික වේලාවකට පෙර පොලිසියේ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල විය.
ඡායාරූප - ළහිරු හර්ෂණ සහ ඉෂාන් සංජීව








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාල දරුවන් මහපාරට ඇද දමන ශිෂ්‍ය සංගම් නායකයින්ට විරුද්ධව පියවර ගත යුතුයි.
ශිෂ්‍යයන්ට ප්‍රශ්න තියෙනවා. ඒක අපට අනිවාර්යයෙන්ම පිළිගන්න වෙනවා. ඒත් ඒකට මෙතරම් දඩබ්බර වැඩ කරාම මේ අයව ලෝකෙටම එපා වෙනවා. මෙහිදී මා ශිෂ්‍යයන්ට දොස් කියන්නේ නැහැ. මේ සියලු දේම පසුපස සිටින්නේ ජේ වී පී එකයි. මේ රැවුල් කාරයින් ටික දෙනා තමයි මේකේ නායකයන්. බොහෝ ළමයි අහිංසකයි. බයට තමයි මේ එන්නේ. විජේවීරගේ පාරේ තමයි මේ නායකයන් යන්නේ. රතු පටි, රතු බැනර් මේවා ඔක්කොම ජේ වී පී සලකුණු. දැනට වසර කිහිපයකට පෙර මා, මාහට ඉගැන්වූ එක්තරා ප්‍රසිද්ධ කීර්තිමත් මහාචාර්යවරයෙකු හමුවීමට එක්තරා විශ්ව විද්‍යාලයකට ගියා. මහාචාර්යවරයා මා හඳුනාගෙන ඉහල මහලේ විශාල ජනේලයෙන් බලා සිටියා. එක්වරම හතලිහක පමණ ශිෂ්‍ය කණ්ඩායමක් මා අත්අඩංගුවට ගත්තා. වෙලාවට මගේ පෙර වී.වී. හැඳුනුම් පත තිබුණා. නැතිනම් වෙන්නේ ගුටිකාලා මැරෙන්නයි. " සමාවෙන්න මහත්තයා. අපි හිතුවේ සී.අයි.ඩී. එකෙන් කියලා". ඔවුන් ලජ්ජාවෙන් කීවා. " ඔන්න ඔහොමයි. විශ්ව විද්‍යාලේ ඇතුලේ තත්වය. අයිඩෙන්ටිය නැතත් මං ඇවිත් ඔයාව බේරා ගන්නවා. ඒත් එතකොට ඔයාව බේරාගෙන වැඩක් නොවන්න පුළුවන්. " මහාචාර්යතුමා පැවසුවා.
සපුමල් ඔබ හා එකඟ වෙමි. රටේ ඉන්න බුද්ධිමත්තු මෙහෙමද වැඩකරන්නෙ. අනුන්ගෙ අතකොලු වෙලා.
ඔය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තස්ත්‍රවාදී සංවිධානයක්. හැම දේකටම විරුද්ද වන එක තමයි වැඩේ.
විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට පමණක් නොව, පාසල් වලින් නික්ම ගොස් වෘත්තීය පුහුණුව ලබා රැකියා සොයන අයටත්, දැනට රැකියාවක් කරමින් පවුලක් නඩත්තු කරන අයවලුන්ටත් නොයෙකුත් ආකාරයේ "ප්‍රශ්න" තිබේ. යථාර්ථය නම්, අද විශ්ව විද්‍යාල වලින් රටට අවශ්‍ය ශ්‍රම බලකායට එක්වන්නේ ඉතාමත් සුළු ප්‍රතිශතයක් වන අතර, ශ්‍රම බලකායට අවශ්‍ය බොහෝ දෙනා ඊට ඇතුල්වන්නේ වෘත්තීමය පුහුණුවක් ලබා හෝ අනිකුත් උපාධි ප්‍රධානය කරන ආයතන වලින් තමන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබා ගෙනයි. එබැවින්, මේ විරෝධතා වලින් මහජනයට සිදුවන හිරිහැරය හැරුනුකොට, රටේ ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවන්නේ නැහැ.
මෙතන අදහස් දාන නගරයෙ ජීවත් වෙන නෝනා මහත්තුරුන්ට දැනගන්න කියන්නේ. රටේ 50%ට වඩා එ්කපුද්ගල අාදායම ඩොලර් 2යි. රටේ 80% ගම්බදයි. ජාතික ධනයෙන් 80%ක් භුක්ති විඳින්නේ ජනතාවගෙන් 20%ක්. මම නෙමේ කියන්නේ මහ බැංකුව. ගොඩක් අය කරන්නේ ගොවිතැන්, කුලිවැඩ හෝ කර්මාන්තශාලවල රැකියා. මේවා ස්තීර අාදායම් මාර්ග නොවේ. එහෙම තියෙද්දි පාසලේ ගොඩනැගිලි හදන්න ඩෙස්පුටු හදන්න. ගුරු උපහාරවලට අරකට මේකට සල්ලි එකතු කරනවා. පෙලපොත් ටිකත් සල්ලිවලට. කලා විෂය අැරෙන්න වෙන එකක් කරනවානම් හැතැම්ම 100ක් විතර එහා තියන පාසලකට යන්න ඕනේ. ටියුෂන් අද නැතුවම බැරි දෙයක් වෙලා. මේ දුක් වින්ද දුක තේරෙන ළමයි තමා මේ අසාධාරණයට විෂමතාවයට එරෙහි වෙන්නේ. කැලණිය අවට තියන තේ ෆැක්ටරි වලට ගිහින් බලන්න සරසවි සිසුන් කී දෙනෙක් දවසකට මුට්ට කර ගහනවද ඉගෙනගන්න කියලා. පාලකයො හරිහමන් අාර්ථිකයක් රටේ හදලා තිබ්බනම් මිනිස්සු කිසි දෙයක් නිකන් ඉල්ලන්නෑ.
මේ කැඳවුම්කරු මහින්ද මහතා ජනාධිපති කාලයේදීත් පෙළපාලි ගියා. අත්අඩංගුවට පත්වුණා. මෙයාගේ විශ්ව විද්‍යාල ඉගෙනුම් කාලය අවුරුදු 3න් හෝ 4න් අවසන්වන එකක් නොවෙයිද ? පාසලෙන් සාමාන්‍ය පෙළ ගත හැක්කේ දෙපාරයි. සරසවියට ඇතුල් වීමට 3න් පාරයි. මෙයාට 60 වෙනකම්ම ව්ශ්වවිද්‍යාලයේ ඉන්න ඉඩ දෙනවද?