
(යොහාන් භාසුර)
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට වහාම ඉල්ලාඅස්වන ලෙස බලකරමින් අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය අද (8) පැවැත්වූ විරෝධතා පෙළපාළියට කොළඹ කොටුව ලංකා බැංකු මාවතේදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් විරුවා හැරීය.
කැලණිය විශ්වවිද්‍යාලය අසළින් අද පස්වරුවේ ආරම්භ වී කොළඹට ළගාවූ විරෝධතා පෙළපාළියට ඇතුල්විය නොහැකි ලෙස ලංකා බැංකු මාර්ගය අවහිකරමින් දමා තිබූ මාර්ග බාඳක බිදගෙන සිසුහූ එම මාවතේ ඉදිරියට ගමන් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් වලක්වාගමින් පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විරුවාහැරීමට කටයුතු කළේය.
(ඡායාරූප: හිමත් මතීෂ)


(ඡායාරූප: ශාන්ත රත්නායක)



(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම විනාශ කළ, පෙළපාලි ගිය සැමට... විදේශික සංචාරකයින් මේවා දැකලා ඇසළ පෙරහැර බලන්න ලංකාවට එයිද..? ඊයේ එංගලන්තය හා නවසීලන්තය එරට වැසියන්ට කියලා තියෙනවා මේ දිනවල ලංකාවට සංචාරය කරන එක හරිම භයානකයි කියලා..! ඒ නිසා බොහෝ සංචාරකයින් ලංකාවට ඒම නවත්තලා..! පොසොන් පෝයට පෙරත් ඔය විදියටම පෙළපාලි ගියා..! මෙවර ඇසළ පෝයට පෙරත් පෙළපාලි යනවා...! සීගිරිය, දඹුල්ල, ඇල්ල, නුවර හෝටල් කාරයින් පව්...!
ගෝඨාභය කොහොමත් යන්න ඕනෑ. ඒක අපිත් කියනවා. ඒත් රනිල්ව යවන්න මොකද්ද අන්තරේට තියෙන අමාරුව... වතාවක් රනිල්ගේ අගමැතිකම නඩුවක් කියලා බේරලා දුන්නේ ජවිපෙනේ. දැන් මතක නැද්ද...?