IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අන්තර් පළාත් පළමු පෙළ තරගාවලිය අවලංගු කරයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රධානතම දේශිය ක‍්‍රිකට් තරගාවලිය වන අන්තර් පළාත් පළමු පෙළ (සිවුදින) ක‍්‍රිකට් තරගාවලිය (2013) අවලංගු කර තිබේ. ඒ වෙනුවට තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ජ්‍යෙෂ්ඨතම සහ ප‍්‍රධානතම ක‍්‍රීඩකයන් අයි. පී. එල්. තරගාවලියට සහභාගි වීමත්, ක‍්‍රීඩාංගණ නොමැති වීම සහ තණතීරු සකස් කිරීමට කාලය නොමැති වීමත් සිවුදින තරගාවලිය අවලංගු කිරීමට ප‍්‍රධාන හේතු බව දැනගන්නට තිබේ.

මැයි මස 12 වැනිදා සිට මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සහභාගි වෙති. මෙම තරගාවලිය මැයි මස 20 වැනිදා අවසන් වීමට නියමිතය.

මෙහිදී පළමු වටයේ තරග දිවා තරග ලෙස පැවැත්වෙන අතර දෙවැනි වටයේ සහ අවසන් මහ තරගය දිවා/රාත‍්‍රි තරග ලෙස පැවැත්වේ. මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ජූනි මස 6 වැනිදා එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත ශුරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා කී‍්‍රඩකයන් සූදානම් කිරීමේ අරමුණ ඇතිවය.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති 30 දෙනකුගෙන් යුත් ජාතික සංචිතයෙන් ජාතික කණ්ඩායම තෝරාගැනීමට නියමිතය. එහෙත් ඒ සඳහා අයි. පී. එල්. තරගාවලියට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් ඇතුළත් නොවනු ඇතැයි කියැවේ.

කොදෙව් සංචාරය සඳහා නම් කර ඇති 41 දෙනකුගෙන් යුත් සංචිතයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ පිල තෝරාගැනීමට මේ මස දෙදින තරග තුනක් පැවැත්වේ. මෙම කණ්ඩායම් දෙකටම ඇතුළත් නොවූ ක‍්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායමට ඇතුළත් වෙති.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ක‍්‍රීඩකයන් 22 ක් තෝරා ගැනීමට නියමිත අතර එම ක‍්‍රීඩකයන් සිවුදින, එක්දින සහ විස්සයි20 තරගවලට අවස්ථා තුනකදී බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යෑමට නියමිතය.

‘ඒ’ කණ්ඩායම තෝරා ගැනීමේ දෙදින තරග මේ මස 23-24, 26-27 සහ 29-30 යන දිනවල කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

 
තුන්කොන් තරගාවලියේ කාලසටහන
(සියලූ තරග පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී)

  • මැයි 12 - ජාතික පිල සහ ඒකාබද්ධ පිල අතර
  • මැයි 13 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ඒකාබද්ධ පිල අතර
  • මැයි 14 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ජාතික පිල අතර
  • මැයි 16 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ජාතික පිල අතර (දිවා/රාත‍්‍රි)
  • මැයි 17 - ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ ඒකාබද්ධ පිල අතර (දිවා/රාත‍්‍රි)
  • මැයි 18 - ජාතික පිල සහ ඒකාබද්ධ පිල අතර (දිවා/රාත‍්‍රි)
  • මැයි 20 - අවසන් මහ තරගය (දිවා/රාත‍්‍රි)

 



අදහස් (0)

අන්තර් පළාත් පළමු පෙළ තරගාවලිය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site