ඉන්දිකා රාමනායක
සයිටම් අර්බුදයේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සාකච්ඡාවක් ලබා දෙන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද (4) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කළ බව එම ශිෂ්‍ය බලමණ්ඩලයේ කියයි.
සයිටම් වෛද්‍ය පීඨ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කර උපාධි ලබා දීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද එය සිදුකරන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත ව සඳහන් කර නොමැති බවද එම ලිපියේ සඳහන් වේ.
මෙම සටනේ ප්‍රධාන පාර්ශවයක් ලෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම සදහා මෙම සාකච්ඡාව ලබා දෙන ලෙසට ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේක විසින් මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන මගුල් සාකච්ඡාවක් කළාට අපට නම් කිසිඳු ගැටළුවක් නොමැත. සාමාන්‍ය මිනිසුන්ව පාරේ රස්තියාදු නොකොට... දියවන්නාඔයේ ඉන්න "රෑන" දවසම පාරේ රස්තියාදු කළාට කිසිඳු පවක් නොමැති අතර එය රටට කරන පිනකි.
ඔය අන්තරේ කියන සමිතිය විශාල ඝෝෂාවක් නැගුවට, ඔවුන් රටේ සුළුතරයක් නියෝජනය කරන සමිතියක් පමණයි. මහජනයා පත් කළ රජය සවන් දිය යුත්තේ සෑම වසරකම සරසවියට ඇතුල්වීමට සුදුසුකම් ලබා තිබියදීත්, සරසවිවලට ඇතුල් වීමට නොහැකි වූ 80% බහුතරයක සිසුන් ප්‍රජාවගේ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අයිතිය පිළිබඳවයි.
මෙතෙක් අරගත් තීරණ කොල්ලෝ කියන විදිහට වෙනස් කරයි
සාකච්චා මොකටද? තමන්ගේ උපාධිය අරන් අයින්වෙන්න. තව එකෙක්ට ඇතුලට යන්න ඉඩ දීලා. මේ අය නිසා තියන විශ්ව විද්‍යාල වලටවත් යන්න ඉඩ නෑ. අවුරුදු 4ට ඇතුලට යනවා 8 කටවත් එලියට එන්නේ නෑ.
මේ අය මොනවද වෛද්‍ය අධ්‍යාපනය ගැන දන්නේ? පිනට දෙන අධ්‍යාපනයෙන් වත් ප්‍රයෝජනයක් ගන්නේ නැති මිනිස්සු. රටේ අනාගත පරම්පරාවත් විනාශ කරනවා.
මේගොල්ලන්ට දිගටම වර්ජන කරකර ඉන්න කියල සාකච්චා වලට කාලය අපතේ නොයවන්න. පුලුවන්නම් ඔය කට්ටියව මනෝ චිකිත්සාගාරයකට යවන්න. විශ්ව විද්‍යාලයෙන් පිටවූනහම මේගොල්ලෝ තමයි වැඩිපුරම දුෂිත මාර්ගවලින් සල්ලි හොයන්න බලන්නේ. පුරුදුවෙලා ඉන්නේ ගෙදරින් නිකන් කාල රස්තියදුවේවි ඉන්න එකනේ.
මොන සාකච්ඡද? වැඩක් ඇති දෙයක් කරන්න.
සාකච්චා මාර්ගයෙන් බොහෝ ප්‍රශ්න විසඳාගත හැක
අද ලෝකයේ බොහොමයක් රටවල් උසස් අධ්‍යාපනයට සිසුන්ගෙන් අය කරද්දී, අපි හැමදේම නිකන් දීලා ඉල්ලන් කනවා. අන්තරේ නෙවෙයි ගොන්තරේ කියලා නම දමා ගත්තා නම් ඉවරයි. ඉගෙන ගන්නා කෙනෙකුට ඒ වැඩේ කරගන්න දෙන්නෙත් නැහැ. අපේ බදු මුදල් කකා සරසවියටම නාකි වෙනවා.
අන්තරේ වුණත් කරන්නේ රස්සාවක් ජීවත් වෙන්න. අපේ අයට ඒක තේරෙන්නේ නැති එකයි පුදුමේ... උසස් පෙළ සමත් වුණත්...