විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කප්පාදුවට එරෙහිව දින 79ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඛළ ද බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කප්පාදුවට එරෙහිව දින 79ක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඛළ ද බලධාරීන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බව කියමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය අද කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේට උද්ඝෝෂණ කිරීම හාමුදුරුවරුන්ට අකැපයි. බුදු දහම අනුවත් ඕනෑම ප්‍රශ්නයක් විසඳාගැනීමට අනුගමනය කළයුතු ක්‍රමවේදයන් විස්තර කර ඇත. හාමුදුරුවරුන් විසින් අනෙක් හැමදේටම වඩා ධර්මය ගැන දැනුම වඩවා ගිහි ශිෂ්‍යන්ගේ අභිවෘද්ධිය පිණිසත් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු නිසියාකාරයෙන් නිමකිරීමට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම් කළයුතු වේ. (නි)
විශ්ව විද්‍යාලවලට ගන්නේ ඉසඩ් ස්කෝර් එකෙන් ගන්න සාමාර්ථය බව මේගොල්ලන්ට කියාදෙන්න. (නදී)
වැඩේ හොදයි.හැබැයි ටිකයි .(ම)
ලංකාවේ විතරයි අන්තරේ වගේ විකාර තියෙන්නේ.මම මූලික උපාධිය ලබුවේ ඉන්දියාවේ, පශ්චාත් උපාධිය කළේ ඇමරිකාවේ.ඉන්දියාවේ ශිෂ්‍ය සංවිධාන තියෙනවා.හැබැයි මේ වගේ විකාර නැහැ.ඇමරිකාවේ ළමයි පාට්-ටයිම් රැකියා කරලා ඉගෙනගන්නේ (නි)
නාමල්ට මේව තමයි විකාර විදියට පේන්නේ. අර බෝට්ටු කාරයන් නීති විරෝදිව ජීවිත පරදුවට තියල ඔස්ට්‍රේලියාවට යන එක මහා වීර කමක් .. උසස් අධ්‍යාපනය කලෙත් ලංකාවේ නෙවෙයි නම් ඉන්නෙත් මෙල්බෙර්න් කියල කියනවා නම් මොනවටද මේ ලංකාවේ සරසවි ප්‍රශ්න වලට හොට දාන්නේ. ? (නදී)
නාමල් කියන එක 100% හරි. මෙහෙත් කැම්පස් ළමයින්ට පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා ඉගෙන ගන්න දුන්නනම් මේ ප්‍රශ්න මුකුත් නැහැ. නිකන් දෙන නිසා අගයක් නැහැ. මෙහෙම උද්ගෝෂණ කරන හාමුදුරුවරුන්ගේ ගුරු හාමුදුරුවරු ලව විනය ක්‍රියා මාර්ග ගන්න ඕනේ. මේවද සංඝයා වහන්සේලාට බුදුන් වහන්සේ කියල දුන්නේ. (නදී)
හාමුදුරුවන්ට පිරිවෙන් අධ්‍යාපනය දියුණු කරානම් හරි. කැම්පස් හරියන්නේ නෑ (නදී)
මේගොල්ලෝ දැනටමත් කැම්පස් ඉන්න අයනේ. මොකට මහන්සි වෙනවාද අනාගතයට ගන්න ප්‍රමාණය ගැන? මේක තනිකරම අමාරුවෙන් ඉගෙනගෙන කැම්පස් ගිය දුප්පත් ළමයින්ගේ ඉගෙනීම කඩාකප්පල් කරන අන්තරායකර අන්තරයක්. මේ වගේ ශිෂ්‍ය බල මණ්ඩල තහනම් කරන්නයි ඕනෑ (නි)
නාමල් ඉගෙනගත්තේ පිටරට. ඉන්නේ ඕස්ට්‍රේලියාවේ කියලා පසුගිය පුවතකදී කිව්වා. ලංකාවේ සරසවි ප්‍රශ්න වලට හොට දාන්න වෙන සුදුස්සන් ඉන්නවා නාමල්.(නදී)
සුජිත් වගේ අයගෙ අදහස් දැක්කම ලංකාවේ මිනිස්සුන්ට පොදුවේ තියෙන අදහසක් මතු වෙනවා. ඒ තමයි අපි තමයි පොරවල් මානසිකත්වය. අපිට වඩා දන්න අපිට වඩා ඉහළින් ඉන්න කවුරුත් නැහැ කියලා මේ අය හිතාගෙන ඉන්නවා. කාගෙන්වත් ඉගෙනගන්න අකමැතියි. මේ මානසිකත්වය සමාජගත කරන්න මහාචාර්ය නලින් ද සිල්වා වගේ අයත් ඉන්නවා.(නදී)
සැමදා මහමඟ... (නි)
හාමුදුරුවන්ගේ අධ්‍යාපන අවස්ථා කපා දමන්නේ ඇයි? පවතින ඇතුළත්වීමේ ක්‍රමවේදය අවුල් සහගත නම්, ඉක්මනින් නව ක්‍රමවේදයක් හෝ භික්ෂූන් වහන්සේ උදෙසා වෙනම අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටුවිය යුතුයි. තමන් වහන්සේගේ පිරිවෙන්, විශ්ව විද්‍යාල බවට පත්කරන්නට දන්දුන් හාමුදුරුවන් අන්තිමට ඒ විශ්ව විද්‍යාල වලින් එළියට දාන එක හරිද? දැන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය එදා මොකක්ද කියලා කියලා දෙන්න අපේ හාමුදුරුවනේ. (නි)
බුද්ධාගමේ කියන අාර්ය පුද්ගල සංඝයා දැන් නැහැ. බුදු හාමුදුරුවො මේගොල්ලන්ට කිව්වෙ "චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය" කියල.බුදු පිළිමයටයි අම්මාටයි නමස්කාර කරන අත් දෙකෙන් මම නම් මේගොල්ලන්ට වඳින්නෙ නැහැ. (නි)
මේ අයගෙන් අහන්න තියෙන්නෙ මේ නිවනට යන පාරද කියලා. (නි)
හාමුදුරුවරුන් සාමාන්‍ය විශ්ව විද්‍යාල වලට ගැනීම නවතා භික්ෂු විශ්ව විද්‍යාලයට සහ පිරිවෙන් වලට පමණක් ගතයුතු කියලයි මම නම් හිතන්නේ. මෙය බුදු දහමේ උන්නතියට මඟක්. (නි)
ඔබවහන්සේලා මහණ වුණේ උපාධි ගන්නද නිවන් දකින්නද අපේ හාමුදුරුවනේ? ඇයි මේ අරගල කරන්නේ? නිවනට යන්නද..? ලදදෙයින් සතුටු වෙන්න කියලයි අපි නම් අහලා තියෙන්නේ. (නි)
හැමදාම පාරේ ....... කවදද ඉගෙනගන්නේ? (නි)
ගොඩගේ, බලන්න අර බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය පුවතේදී නාමල් කවුදෝ ලියපු කෙනෙකුගේ ඇඟට ගොඩවුණ හැටි. මට ඕස්ට්‍රේලියාව ගැන උගන්වන්න එන්න එපා කිව්වා. බලන්න කාගේද ඔය උද්දච්ච මානසිකත්වය තියෙන්නේ කියලා. මෙයා එහෙ ඉඳගෙන කියනවා එහෙ ඉන්න අනෙකුත් ලංකාවේ උසස් අධ්‍යාපනය ලැබූ ලාංකිකයන් ලංකාවේ කිසිම ආයෝජනයක් කරන්නේ නැතිලු. දැන් බලනකොට මෙයාට එහෙ හරියන්නෙත් නැහැ මෙහෙ හරියන්නෙත් නැහැ. මෙයාට තියෙන්නේ ලංකාවෙන් උසස්පෙළ හොඳින් සමත්වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත් කට්ටිය ගැන තිබෙන කුහකකම. මම මෙතන සරසවි ළමයින් හරි කියලා කිව්වේ නැහැ. මේ ළමයින්ගේ අඩුපාඩු තියනවා කියලා මම පිළිගන්නවා. හැබැයි නාමල් වගේ අයගේ උද්දච්ච අදහස් වලට මෙතැන ලංකාවේ ජීවත්වෙන හැමෝටම යටවෙන්න ඉඩ දෙන්න බැහැ. (නි)
මම මේ මොහොතේ ඉන්නේ සිංගප්පුරුවේ. මේ කිසිම තැනක එක පෝස්ටරයක් නැහැ, බිත්තියක අකුරක් නැහැ.ළමයින්ට සියලු පහසුකම් දීලා තියෙනවා ඉගෙනගන්න.අපේ පාලකයන් වගේම ශිෂ්‍ය සංවිධාන වල නායකයන් ගෙනවිත් මේවා පෙන්නන්න ඕනෑ. හාමුදුරුවරු නිවනට මඟ හොයනවා වෙනුවට රස්සාවල් හොයන්න යාමෙන් මුළු ආගමම විනාශයට යනවා (නි)
පුද්ගලික ආයතනයක මානව සම්පත් අංශයේ වැඩකරන මට සම්මුඛ පරීක්ෂණ වලදී නොයෙකුත් උපාධිධාරීන් හමුවෙනවා. කණගාටුයි බහුතරයක් ආකල්පමය හිඩැස් එක්ක එන්නේ. අහන්නේ පඩිය කීයද ඊළඟ උසස් වීම ගන්න කොච්චර කල්යාවිද, මට මෝටර් සයිකලයක් ගන්න ණයක් ගන්න අවුරුදු කීයක් සේවා කාලය ගෙවන්න වේවිද? ඔන්න අපි මොකුත් ප්‍රශ්න අහන්න තිබේද කියලා කිව්වම අපෙන් අහන ප්‍රශ්න! තනතුරට අදාළ වැඩ ගැන ඇහුවේ එකම එක තරුණියක්. පසුගිය සතියේ අපි ඒ තරුණිය තෝරාගත්තේ ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න ගමන් තොග කඩයක අර්ධකාලිනව වැඩ කරමින් තමන්ගේ පොත්පත් වියදම් සොයාගත්තා කියලා අවංකව කියපු නිසා. අපිට අවශ්‍ය අන්න ඒ වගේ මහන්සිවෙලා වැඩකරන්න ලැහැස්ති සේවකයන් මිසක් තමන්ගේ පුද්ගලික පහසුව ගැන විතරක් හිතන උදවිය නෙමෙයි. (නි)
හැබැයි මේ නාමල් කියන කෙනාත් ලොකු ජාතියෙන් තමයි ලියන්නේ. අපි දැක්කා අර බෝට්ටුකාරයන්ගේ පුවතට මෙයා හරියට ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ වාගේ අදහස් ලියලා තිබුනේ. මෙයාට කොහොමත් ලංකාවේ උපාධිධාරින්ව පෙන්නන්න බැහැ වගේ. මම මේ කියන්නේ ඒ පුවතේ ලියපු දේවල් අනුව. (නි)
මේකට අන්තරේ කියන්නේ නැතුව ‘සැමදා මහ මඟ‘ වගේ නමක් දැම්මා නම් හරි. (නි)
අපේ රටේ සමහරු හිතාගෙන ඉන්නේ විශ්ව විද්‍යාල වල ඉන්න ළමයි පාරට බැහැලා කෑගහන්නේ ඇඟේ අමාරුවට කියලා. එහෙම හිතන අය නිසා තමයි රටේ දේශපාලුවෝ මේ අමිල මිණිකැට වගේ වටිනා තරුණ ජීවිත නැතිකර දාන්නේ. මෙය මුළු ආසියාවේම ලක්ෂණයක්. (නි)
මේ ඇඟේ අමාරුව තිබෙන්නේ අපේ රටේ සමහර සරසවි ළමයින්ට විතරයි තමයි. අනෙක් රටවල ළමයින් අර්ධකාලීන කම්කරු රැකියා කරමින් දුක් විඳිමින් ඉගෙනගන්නේ. නිකම් ලැබෙන අධ්‍යාපනයේ වටිනාකම දන්නෙත් නැති, ඉගෙනගන්න ළමයෙකුට ඉගෙනගන්න දෙන්නෙත් නැති අයගෙන් රට මොන වැඩක්ද? (නි)
රැකියා බලාපොරොත්තුවෙන උපාධිදාරී තරුණ තරුණියන් මේක කියවනවා නම් භානු මහතා කියා තිබෙන දේවල් වලින් යමක් පුළුවන් නම් හිතට ගන්න. තරුණ උගතුන් බොහොම දෙනෙක් රැකියා සොයනකොට වරද්දාගන්න තැනක් තමයි ඔය කියලා තියෙන්නේ. හැබැයි ඉතින් සමහර බක පණ්ඩිත උදවියට නම් ඕවා වැදගත්වෙන එකක් නැහැ. (නි)
දහම් පාසල් අවසානයෙන් හරි මහණ කරලා ඔය ඉල්ලීම් ඉටුකරන්න (නි)
රටේ විනයක් ඇත්තෙම නැද්ද? පොලිසිය මොකද කරන්නේ? (නි)
හරියටම හරි රුවන් (නි)
මගෙත් එක්ක සේවය කරන ඉන්දියානුවන් ඉන්නවා. ඔවුන් අවුරුදු 3 න් උපාධිය අවසන් කරලා. එහෙ අන්තරේ වගේ කඩාකප්පල්කාරයෝ නැහැ. (නි)
මේ වගේ හාමුදුරුවරුයි උගත්තුයි දැක්කහම ලංකාවේ ශාසනයයත් අනාගතයත් ගැන අපිට විශාල විශ්වාසයක් ඇතිවෙනවා. (නි)