තමාට හිඟ විශ්‍රාම වැටුප් සහ දීමනා ලබා නොදීමට එරෙහිව විශ්‍රාමික ආබාධිත සෙබළුන් පිරිසක් ගොනු කල රිට් පෙත්සමක් ලබන සැප්තැම්බර් 28 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද(21) තීරණය කළේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා , හමුදාපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කොට සිටින එම පෙත්සම විශ්‍රාමික ආබාධිත සෙබළුන් 291 දෙනෙකු විසින් ගොනු කර තිබිණි.
අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැදවිණි.
එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමග පැවති ක්‍රියාන්විත වලදී සුවිශාල කාරය භාර්යක් කර ඇති තමන් ඒ වෙනුවෙන් ආබාධිත තත්තවයට පත්වූ බවද පෙත්සම්කරුවන් කියා සිටිති.
එසේ තිබියදී තමන්ට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු ඇතැම් දීමනා ලබාදීමට වගඋත්තරකරුවන් කටයුතු නොකල බවද පෙත්සම්කරුවන් සිය පෙත්සමේ කියා සිටිති.ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ට ඉල්ලීම් ඉදිරිපත් කලත් එය ඉටු නොවූ බවට පෙත්සම්කරුවන් කියා සිටී.එබැවින් තමන්ට හිමි දීමනා සහ වරප්‍රසාද ලබා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි ඔවුන් පෙත්සමින් ඉල්ලා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද මේ මිනිස්සුන්ට සලකල තියෙන හැටි ? (ර)
යුද්දේ ගැන හැම තිස්සෙම පාරම්බාන්නේ රට කන දේශපාලුවෝ මිසක් දේශය වෙනුවෙන් යුද්ධේට හැබැහින් මුහුන දුන්න සෙබල පිරිස නොවෙයි. එහෙම අයත් දේශපාලුවන් නිසා අදත් අසරණයි. (ර)
නඩු මොකටද පාලකයෝ ඉදිරිපත් වෙලා මේ මිනිසුන්ට සාදාරණයක් කලානම් නරකද බොරුවට රණවිරුවන් සමරමින් කරන බොරු වියදම් වල සල්ලිත් සමග සමහරක් දෙසපාලුවන්ගේ නම පවතින්නේත් මේ අහිංසක මිනිසුන් නිසා. (ර)
බොරුවට රණවිරුවන් සමරන්න කියලා කෝටි ගණන් වියදම් කරනවා.හැබෑ රණවිරුවෝ පාරේ. (නි)
අපේ මිනිස්සුන්ට දැන්වත් මොලේ පෑදුන එක ගැනට ගොඩක් සතුටුයි. ඔය හැම දේශපාලකයෙක්ම තමන්ගේ ගිණුමට විජයග්‍රහණය බැර කරගන්න හදන්නේ මේ රට දැය වෙනුවෙන් ජීවිතය කැපකරපු මේ මිනිස්සු අමතක කරලයි.(නදී)
යුද්ධයට සක්‍රියව දායකත්වය සැපයු උදවියට ගිය කල ! (නි)
අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම අධිකරණයෙන් ඔවුනට සාධාරණයක් සිදුවේවි. (නි)
ඉතින් ජෙනරාල් සරත් ෆොන්සේකගේද විශ්‍රාම වැටුප කපා හරියේ ගිය රජයෙන් ඉතින් තව මොනවද ?( කේ)
ඇත්තටම යුද්ධය දිනුවේ මේ මිනිසුන්ගේ ඇස් මස් ලේ කැපකරලා. පපුවට ගහගෙන දේශප්‍රේමීත්වය පාරම්බාන පාලකයන්ගේ අවදානය හා මහජන අවදානය මේ විරුවන්ගේ ඉල්ලීමට යොමුනොවීම ජාතියේ අමතකවීම මනාව පිළිබිඹුවෙන කණගාටුදායක උදාහරණයක්. අපිට නිදහසේ අපේ රටේ ඉන්න අවස්ථාව හදලා දුන්න ඇත්තටම යුද්ධ කළ මේ මිනිසුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේදී නිවැරදි තීන්දුවක් ලබදෙත්වා! (නි)
කෝ මේ කට්ටිය අඩුයිනේ .. වෙනදාට අයියා මලෝ සේරම එනවානේ (ම)
අපි වෙනුවෙන් අපි. (ර)