තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදී පැවැති 40 වැනි ඔලිම්පියාඞ් අන්තර්ජාතික චෙස් ශූරතාවලියේදී ෆිඬේ මාස්ටර් තත්ත්වය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකා අනුත්තරා සමාධි චන්ද්‍රසිරි සමත්වුවාය.
ෆිඬේ මාස්ටර් තත්ත්වයක් ලබාගත් පස්වැනි ක‍්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා චෙස් ක‍්‍රීඩා ඉතිහාසයට එක් වන 14 හැවිරිදි අනුත්තරා, මහනුවර උසස් බාලිකා විදුහලේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නීය.
ප‍්‍රමෝද්‍යා සේනානායක, නිර්මලා චන්ද්‍රසිරි, දිනුෂ්කි පේ‍්‍රමනාත් සහ සුපේෂලා තිලකවර්ධන මීට පෙර ෆිිඬේ මාස්ටර් තත්ත්වය ලැබු ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ වෙති. විදේශගතව සිටින සුනිල් වීරමන්ත‍්‍රී, ෆිඬේ මාස්ටර් තත්ත්වය ලබා තවමත් තරගවලට ඉදිරිපත්වන එකම ශ්‍රී ලාංකික ක‍්‍රීඩකයා වේ.
හරිල්ලාල් අතුරුපාන සහ හර්ෂ අතුරුපාන සොහොයුරෝ ෆිඬේ මාස්ටර් තත්ත්වය ලබා සිටින නමුත් ඔවුන් තරග සඳහා සහභාගි නොවෙති. අනුත්තරා, ජාතික චෙස් ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩිකාවන්) පස්වැනි ස්ථානයේ සිටින ක‍්‍රීඩිකාවයි.
රටවල් 168 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 2000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 10 දෙනෙක් සහභාගි වුහ.
ෆිඬේ මාස්ටර් තත්ත්වය ලබා ගැනීමට කී‍්‍රඩිකාවක් තරග වට නවයකදී ලකුණු හයක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතු අතර අනුත්තරා තරග වට නවයකදී ලකුණු හයක් ලබා මෙම තත්ත්වයට ල`ගා වූවාය.
ශ්‍රී ලංකා චෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් ඉහළම සහතිකය ලබා සිටින්නේ ජාතික චෙස් ශූරී සචිනි රණසිංහයි. සචිනි, අන්තර්ජාතික චෙස් ප‍්‍රවීනතා සහතිකය (ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වය) ලබා සිටියි.
අනුත්තරා ඇතුළු සංචාරක ශ්‍රී ලංකා පිල අද (11) පෙරවරුවේ දිවයිනට පැමිණියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරුනේ.(නදී)
ලක් මාතාවෙග් පුංචි දියණියට මගෙි උණුසුම් සුභපැතුම් දුවේ ඔබට ජයෙන් ජය (ස)
ඔබගේ ජය අපි හැමෝගෙමයි අක්කේ. සුභ පැතුම්! (නි)
සුභපතනවා මම
මගේ සුභපැතුම් අනුත්තරා...!(නු)
නියමයි..නංගියෝ..!(නු)
ජය වේවා මගේ ගමේ පුංචි දුවේ...(ස)
අක්කි, ඔයාට අපෙන් සුභ පැතුම්! (නි)
ඔබේ අනාගතයට අපෙන් සුභ පැතුම්! (නි)
තරංග, ඔබ හරි. ඒත් අපි අපේ දියණියට සුභ පතමු. (නි)
හොද වැඩක් ඉහලට ඔසවා තැබිය යුතුයි
ඔබට සුබ පතමි (දී)
නියමයි. ඉදිරියටම යන්න. (නි)
මම ඔයාට සුභ පතනවා නංගා..(ස)
නියමයි. අනුත්තරා ඇතුළු කණ්ඩායමට සුභ පැතුම්! (නි)
සුභ පැතුම්! (නි)
ඔබේ අනාගතයට සුභ පැතුම් (දී)
මගෙන් සුභ පැතුම් අක්කි. (නි)
සුභ අනාගතයකට සුභ පැතුම්. (ස)
පුංචි දුවේ. හරිම සතුටුයි. සුභ අනාගතයකට සුභ පැතුම්! (නි)
නියමයි. අපේ සුබ පැතුම්! (නි)
ජයයවේවා රටට ආඩම්බරයක් (ස)
අපේ සුභ පැතුම්! හැබැයි අපේ රටේ කිසි තල්ලුවක් නැති එක තමයි ප්‍රශ්නේ. (නි)
ජය වේවා !!! හොඳ වැඩක් දුවේ. (ස)