හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වැලිගත්තේදී හෙදි පුහුණුවකට යමින් සිටි තරුණියක වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇගේ පියා බරපතළ තුවාල ලැබූ සිද්ධියකින් පසුව ගැමියෝ පාරේ ටයර් පුළුස්සා කොට දමා අවහිර කර විරෝධය පෑහ.
වසර පහකදී හය දෙනකු අලි ප්‍රහාරවලින් මියගිය නමුත් අලි වැට ඉදි නොකළැයි ගැමියෝ එහි ආ හම්බන්තොට මහ දිසාපති ආර්.එම්.බී.බී මීගස්මුල්ලට කීහ. වෙනත් වැය ශීර්ෂයකින් රුපියල් තිස් ලක්ෂයක් ගෙන අදම කිලෝමීටර් අටක් දුරට විදුලිවැට ඉදිකිරීම ආරඹන බව දිසාපති ප්‍රතිඥා දුන් පසුව ගැමියෝ උද්ඝෝෂණය අත්හලහ.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ බුන්දල වල් අලි රංචුව අද අළුයම වාසස්ථාන කරා යද්දීය. එහි අලි 30ක් පමණ සිටිති.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අනාගත හෙදිය අලි පහරින් මරුට
ශාන් - සෞදි අරාබි Wednesday, 22 February 2012 03:56 PM
ගැමියන්ගෙ උද්ඝෝෂණය සාධාරණය. එහෙත් මහජන මුදලින් ලක්ෂ ගණනක් වැයකර හදලා තියන මාර්ග වීනාශ නොකරන්න.
ජී එච් ශ්‍රීමාල් Thursday, 23 February 2012 02:41 AM
උද්ඝෝෂණය කරන් අනිත් අයට කරදරයක් වෙන්නෙ නැති විදියට. බලන්න වාහන යන්නෙ කොහොමද කියලා?