හම්බන්තොට තිස්සමහාරාම මාර්ගයේ වැලිගත්තේදී හෙදි පුහුණුවකට යමින් සිටි තරුණියක වල් අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇගේ පියා බරපතළ තුවාල ලැබූ සිද්ධියකින් පසුව ගැමියෝ පාරේ ටයර් පුළුස්සා කොට දමා අවහිර කර විරෝධය පෑහ.
වසර පහකදී හය දෙනකු අලි ප්‍රහාරවලින් මියගිය නමුත් අලි වැට ඉදි නොකළැයි ගැමියෝ එහි ආ හම්බන්තොට මහ දිසාපති ආර්.එම්.බී.බී මීගස්මුල්ලට කීහ. වෙනත් වැය ශීර්ෂයකින් රුපියල් තිස් ලක්ෂයක් ගෙන අදම කිලෝමීටර් අටක් දුරට විදුලිවැට ඉදිකිරීම ආරඹන බව දිසාපති ප්‍රතිඥා දුන් පසුව ගැමියෝ උද්ඝෝෂණය අත්හලහ.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ බුන්දල වල් අලි රංචුව අද අළුයම වාසස්ථාන කරා යද්දීය. එහි අලි 30ක් පමණ සිටිති.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැමියන්ගෙ උද්ඝෝෂණය සාධාරණය. එහෙත් මහජන මුදලින් ලක්ෂ ගණනක් වැයකර හදලා තියන මාර්ග වීනාශ නොකරන්න.
උද්ඝෝෂණය කරන් අනිත් අයට කරදරයක් වෙන්නෙ නැති විදියට. බලන්න වාහන යන්නෙ කොහොමද කියලා?