ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහයෝගයෙන් එයාර්ටෙල් සමාගම සංවිධානය කළ දිවයින පුරා සිටින නැඟී එන පාපන්දු ක‍්‍රීඩකයන් අතරින් දක්‍ෂතම ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ වැඩසටහනේ විශිෂ්ටතම ක‍්‍රීඩකයන් 12 දෙනාට පසුගියදා කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩා සමාජයේදී ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. මෙම ක‍්‍රීඩකයන් 12 දෙනාට ලෝකයේ ප‍්‍රමුඛතම පාපන්දු ක‍්‍රීඩා සමාජයක් වන මැන්චෙස්ටර් යුනයිටඞ්’හි පුහුණුව ලැබීමේ අවස්ථාව හිමිවීම විශේෂත්වයයි.
ඉකුත් ජුලි මාසයේ සිටම දිවයින පුරා මධ්‍යස්ථාන 14 කදී ක‍්‍රියාත්මක වු මෙම වැඩසටහනේදී 8000 කට අධික පාපන්දු ක‍්‍රීඩකයන් සඳහා පුහුණු කඳවුරු සහ තරග පවත්වමින් ක‍්‍රීඩකයන් 48 දෙනෙක් තෝරා ගන්නා ලදි. අවසානයේදී ඔවුන් අතුරින් දක්‍ෂතම ක‍්‍රීඩකයන් 12 දෙනා තෝරා ගත් අතර එය මැන්චෙස්ටර් යුනයිටඞ් පාපන්දු පුහුණු ඇකඩමියේ පුහුණුකරුවන්ගේ අධීක්‍ෂණයෙන් සිදු කෙරිණ.
අවසන් ක‍්‍රීඩකයන් 12 දෙනා:
එල්. ඒ. ප‍්‍රනාන්දු (කළුතර), සුජාන් පෙරේරා (කොළඹ), ආර්.ඒ.චතුරංග (ගාල්ල), ආර්. සරන්රාජ් (මහනුවර), දුලිප් මධුෂංක (කළුතර), සුජිත් කුමාර (ගාල්ල), එම්. සී. බී. රත්නායක (කුරුණෑගල), එම්. සර්වාන් ජොහාර් (කොළඹ), ජී. ඊ. ප‍්‍රසාද් (කොළඹ), එච්. ඞී. චන්ද්‍රරත්න (මහනුවර), ආර්. ඒ. ෂාස්නි (කොළඹ) සහ ජේ.එම්.නියාස් (ත‍්‍රිකුණාමලය)
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනාගත පාපන්දු ශූරයෝ 12 දෙනෙක් මැන්චෙස්ටර් යුනයිටඞ්හි පුහුණුවට යති
චන්ද්‍රසිරි Friday, 14 September 2012 11:17 PM
පාපන්දු අනාගතයට හොඳයි...ප්‍රමාද වෙලා හරි ගත්ත තීරණය හොඳයි...(ස)
පෙරේරා Friday, 14 September 2012 05:35 PM
නියමයි. නියමයි අපිට ලංකාවෙන් නියම කෙනෙක් ඕනේ . (දී)
ප්‍රසාද් Friday, 14 September 2012 01:28 PM
බොහොම අගෙයි
ස්ටීවන් Friday, 14 September 2012 02:05 PM
අනේ හොදයි
වරුණ Friday, 14 September 2012 11:04 AM
යැවිය යුතු සුදුස්සන්මද ඔය යවන්නේ? නැත්නම් යූ19 ටීම් එක ඕස්ට්‍රේලියා ගියා වගේ තියෙයි. (නි)
ජනක Friday, 14 September 2012 03:59 PM
ලංකාවට හොදක් වෙනවනම් ඕන දෙයක් (දී)