
(ආරියරත්න රණබාහු)
රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.
නීතිඥ මහානාම හේවා මහතා එසේ පැවැසුවේ එම නඩු තීන්දුව සම්බන්ධයෙන් ඔහුගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.
මහානාම හේවා මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරුන් අතරින් ඩී.බී විජේතුංග මහතා හැර අනිකුත් අය මෙම ජනාධිපති සමාව අයුතු ලෙස භාවිතයට ගත් බවය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද ඇතැම් පිරිසක් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිය ද ඒ මෙතෙක් සිදුව නැති බව ද ඔහු කීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි එක් වැනි වගන්තියේ තුන්වැනි පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති බව පැවැසූ නීතිඥ මහානාම මහතා ඒ අනුව ජනාධිපතිවරයකු මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කළහොත් ඕනෑම පුරවැසියකුට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු කළ හැකි බව ද හෙතෙම පැවැසීය.
ජනාධිපතිවරයකුට අධිකරණය මගින් දඩුවම් ලැබ සිටින යම් පුරවැසියකුට ජනාධිපති සමාව ලබා දෙන්නේ නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සලසා ඇති බව ද මහානාම හේවා මහතා කීය.
ඒ අනුව කමිටුවක් පත් කළ යුතු බවත් ඊට අදාළ නඩුව විභාග කළ විනිසුරුවරයා නීතිපති හෝ ඔහුගේ නියෝජිතවරයකු අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයකු සහ විශ්‍රාමලත් විනිසුරුවරයකු එම කමිටුවට ඇතුළත් කළ යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් බව ද පැවැසීය.
එම කමිටුව මගින් ලබා දෙන නිර්දේශ මත ජනාධිපතිවරයාට සිය තීරණය ලබා දිය හැකි බව ද මහානාම හේවා මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මිනීමැරුම් කලොත් මරණ දඩුවම ලැබුනොත් ජීවිතාන්තය දක්වාම දඩුවම් විදින්න වෙනවා කියලා සමාජයේ අදහසක් ඇතිවෙන නිසා සමාජයට යහපතක් වෙනවා සාමාන්‍යයෙන් ජනතාවට පීඩනයක් ඇතුවෙන ගෙවතු හා වතුපිටි වලට පැන හොරකම් මැරකම් කරලා හිරගත වෙන සිරකරුවන් විවිධ අවස්ථාවල රංචුපිටින් නිදහස් කිරීමත් තහනම් වුනොත් මහත්ම සේවයක් රටේ ඇතිවෙනවා එයිනුත් අධිකරණයට පැමිණෙන නඩු අඩුවෙන්න පුළුවන් කියලා හිතෙනවා
මුත් පට්ට රාජපක්ෂ කෙනෙක්
මෙම නඩු තීන්දුව අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් වෙන්න හරි පූර්වාදර්ශයක් කර ගන්න හරි පුළුවන් වෙන්නේ ඒ සදහා අවබෝධයක් සහ දැක්මක් සහිත නිහතමානී පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත්කර ගතහොත් විතරයි. බලයෙන් ඉස උදම්වා ගත් මෝඩ උද්දච්ච පුද්ගලයෙක් නැවත වරක් ජනාධිපති උනොත් වෙන්නේ තව තවත් නරක පූර්වාදර්ශයන් රටට ඉතිරි වෙන එක විතරයි.
කාටහරි තේරුම්ගන්න පුලුවන් කෙනෙකුට ඔය විදියටම අර කුප්‍රකට කමිටුවක් පත්කරල රාජපක්ෂ පවුලට සහ හිතවතුන්ට එරෙහිව තිබුන නඩු සියල්ල අහෝසිකර දැමූ ආකාරය නැවත සලකා බලන්න කියල ඉල්ලන්න හැකිනම් .... ඒක අනාගත පාලකයන්ට පාඩමකට හොඳ වෙයි නේද? රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන තරුණ පරපුර අතර විශ්වාසය තව ඉදිරියට යයී.
ඒතකොට ගෝටාභය දුමින්දට දුන්න සමාව කැන්සල් වෙනකොට ඔය වාගෙ නිති තර්ක පැහැදිලි කරන්න මෙතුමා හිටියේ නැත්තෙ මොකො