තම මව වන හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක, තම පියා, නැන්දා සහ මාමා මෙන්ම තමාද දේශපාලනඥයන් නොවන බවත්, එනමුත් ගිය රජය තම පවුල පීඩනයට පත් කළ බවත් හිටපු අගවිනිසුරුවරියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් ෆේස්බුක් වෙබ් අඩවියේ සටහන් කර ඇත.
හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ගෙන්වීම මේ රජයෙන් කරන පලිගැනීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සටහන් කළ පණිවුඩයට ප්‍රතිචාර ලෙස ශවීන් එම පණිවුඩය සටහන් කර තිබේ.
ශවීන්ගේ පණිවුඩය මෙසේය.
‘මගේ මව, පියා, , නැන්දා, මාමා සහ මම ද දේශපාලනඥයන් නොවේ. පහුගිය අවුරුදු දෙක හමාරේ ඔබගේ ආණ්ඩුව මගේ දෙමාපියන්ට කළ පීඩා මට කොපමණ දැනුනාදැයි සිතන්න. මගේ දෙමව්පියන් අල්ලස් කොමිසමට ගෙන ගිය අවස්ථාවේ මට මොනවද දැනුණේ? හරකුන් දක්කාගෙන යනවා වගේ මගේ දෙමාපියන් අධිකරණයට ගෙනයද්දී මට කොහොමද දැනුණේ? හේතුවක් නැතිව රජයේ මාධ්‍ය මගේ දෙමාපියන්ට නිග්‍රහ කරද්දී මට කොහොම දැනෙන්නට ඇත්ද?
ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.‘
ශවීන්ගේ මෙම ප්‍රතිශාරයට 2532 දෙනකු කැමැත්ත පළකර ඇති අතර 53 දෙනකු ප්‍රති උත්තර සපයා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන් යනකොට ගඩාෆිට දර පලපු රෙදි අපුල්ලපු කට්ටිය ඉන්නෙත් අපේ රටේ ! (බ)
සුමුදු හේවා, ලිබියාවේ අපි ඉතින් ඔය කියන විදියට සුඛිත මුදිත රටට ඇමෙරිකාව බොරු කියල විනාශ කළා කියල කියමුකෝ. ලංකාවේ තිබුන සුඛිතයි මුදිතයි හැටි අපි දන්නවනේ.(බ)
ඇයි අර විනිසුරුවෙකුට තඩි බාපු , විනෝදයට වාහන වලින් ආගමික ස්ථාන වල කරක් ගහන පුංචි හාමුලා ටික ප්‍රවේශම් වෙන්න ඕන නැද්ද ? ඔක්කොටම කලින් හොරට විභාග වලට ලියල පට්ටම් ගහ ගත්ත පුංචි මහත්තරු ටික කවුද කියල රටට හෙළි කරන්න ඕන. (බ)
ගඩාෆිටත් රෙදි අපුල්ලපු දර පලපු කට්ටිය මෙතන ඉන්නවා. (බ)
අපෝ අපි දැක්ක නේ යහපාල තුමෝ පහුගිය කාලයේ හිටපු පුංචි මහත්තුරු ටික. සමහරු සමාජ ශාලා වල වලි , තව සමහරු ක්‍රීඩා විනිසුරුවන්ට තඩි බෑවා, මාලිගාව ඉස්සරහ කාර් රේස් ගියා. අහගන්න එපා අපෙන් ! (බ)
ඇයි යහපාල ගේ බේබිලාට කියල රටේම කොල්ලන්ට ගස්සන්නද ? හිතුව මදි ! (බ)
ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න ඒ ගැන දැනගෙන ඉන්න එපැයි (බ)
සාධාරණයි ඔබගේ ප්‍රතිචාරය (බ)
මේ තරුණයාගේ අම්මාට අඩු ගානේ නිවැරදි අංකයක් සහිත නීත්‍යානුකුල ජාතික හැඳුනුම් පතක් තියනවා යහපාල. ඒ නිසා උඩ බලන් කෙල ගහන්න එපා (බ)
මෙවැනි බුද්ධිමත් තරුණයින් දේශපාලනයට පැමිණ රටට පිළිලයක් වී තිබෙන පුස් නාම්බන්ව පන්නා දැමිය යුතුයි. (බ)
මෙන්න යහපාල උන්නාන්සේ තර්ජනය කරනවා පරිස්සම් වෙන්නලු. ! ඔය මැද මුලන බජාර් එකේ චණ්ඩින්ට ඔච්චරයි පුළුවන්. (බ)
මහානායක හිමිවරැන් තරයේ විරුද්ධ වෙද්දී දළදා මාලිගාව ඉදිරිපිට රේස්පැදීම,අගනුවර මාර්ග වසා රේස් පැදීම,තංගල්ලේ නගරාධිපති අකුරැස්ස නගරාධිපතිගේ ස්ත්‍රීදූෂන, නූරීවතුයාය කොටකෙත ශ්‍රීලංකන් ගුවන් සේවිකාවට අදාල සිදුවීම මේවාට වගකියයුතතෝද මොවුන්මය (බ).
තමන්ගේ අම්මා අනුන්ගේ රත්තරන් මංචාඩියක්වත් අරන් නැති නම් , මහජන මුදල් වලින් ලක්සෙට කොඩිය දාල හිටියේ නැතිනම් අපි කවුරුවත් බය වෙන්න හිතේ අමාරු ඇති කරගන්න ඕන නැහැ. (බ)
මොකටද යහපාල මේ තරුණයට පරිස්සම් වෙන්න කියන්නේ ? පැරදුනාම ක්‍රීඩා විනිසුරුවෙකුට පත බාලා නම සවුත්තු කරගත්ත කට්ටියට ඔය ටික කිව්වා නම් හරි ! (බ)
බලන් යනකොට සුමුදු හේවා ගඩාෆිගේ ගෙදර ලෝන්ඩරියේත් වැඩ කරලා තිබෙනවා. සෑහෙන්න පළපුරුදු ගෙදර අප්පු කෙනෙක් ! (බ)
ඒගොල්ල දැන් සුදනෝ වෙලා . රටේ අනෙකුත් මිනිස්සුන්ගේ අම්මල තමයි වැරදි කාරියෝ. මේ තරුණයාගේ හිතේ අමාරුව සාධාරණයි. (බ)
නාමල් බේබි නිකම් ම මන්ත්‍රීවරයෙක් පමණයි අතේ බදින අත් ඔරලෝසු ලක්ෂ ගණන් මිල අධිකයි එයට යාලුවෝ දුන්නලු යාළුවොත් වෙලේ සුදා වගේද නැතිනම් පියා මුදල් ඇමැති මේ මහජනතාවගේ මුදල් දෙවියන්ගෙන් සමාවක් නැත අම්මි තාත්ති මල්ලි අය්යා මේ සේරමලා විදවනවා (බ)
සංජු තාත්තාට කියන්න එයාට විතරක් නෙමෙයි ලංකාවේම මිනිස්සුන්ට පිස්සු හැදෙව්වේ යු ඇන් පී කාරයෝ කියල (බ)
මා හැමදාමත් කිව්වා , මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදු වූ ලොකුම වැරදි නම් ශිරානි බන්ඩාරනායක මැතිනිය ගෙන් පළිගැනීම හා සරත් පොන්සේකා මහතා හිරේ දැමීම . මෙතුමියගේ වරදක් නම් මා දැක්කෙම දැක්කේ නැත , හැබැයි සුදුසුකම් නැති මෙතුමියගේ මහත්තයාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති කරපු එක වැරදියි , මම නොවේ කිව්වේ එජාපය හා ජවිපෙ ඒ දවස්වල , කොහොම නමුත් වැරදි දේ වැරදියි , සරත් ෆොන්සේකා මේ රට වෙනුවෙන් සුවිසල් සේවයක් කරපු කෙනෙක් , නමුත් එතුමා කිරි කලයට ගොම බින්දුවක් දැම්ම වගේ වුනා සුදු කොඩි සිද්ධිය , එහි ප්‍රතිපල සැප්තැම්බර් මාසේ දී බලා ගන්න පුළුවන් , කොහොම නමුත් මෙතුමා සිර ගත කිරීම හා නිලයෙන් පහ කිරීම සමාව දිය නොහැකි වැරදි වේ . මා පෞද්ගලිකව මේ ලිපියේ සදහන් දේ ගැන හිටපු අග විනිසුරුවරියගේ පුතු සමග 1000% එකගවේ සහ නාමල් රාජපක්ෂ මහතා ගේ නීති සුදුසුකම් ගැනද සැක සහිත බව පිළිගනී (බ)
ශිරාණි නෝනගේ බැංකු ගිණුම් ගැන මුලින්ම කිව්වේ යුඑන්පී එක. එයාගේ මහත්තයට බැංකු සභාපතිකම දීපු වෙලාවේ ඉඳල ඒක කියන්න ගත්තේ. එහෙම නම් යුඑන්පී ඒක ඒ කාලයේ කිව්වේ බොරුද? (බ)
වැඩි දුර ඕනේ නැහැ. ඔබගේ අප්පච්චි ඡන්දය දාන්න ගියේ සිරිසේන මහත්තයාගේ ඩමියක් එක්ක. කොපමණ කැතද? (බ)
වැදගත් අදහසක්.(බ)
මේ අය හදන්නේ බටහිර රටවල් සමග අපේ මව්බිම තවත් ලිබියාවක් කරන්ට (බ)
රාජකීය රජපචුලවත් ඔච්චර උඩ ගියේ නැහැ (ත)
එතකොට ඔය අතේ කරේ පැළදගෙන ඉන්නේ කොහොමද? (බ)
වාසගම අම්මගේ අරගෙන තියෙන්නේ මේ දරුවට තමන්ගේ තාත්තා ගැන ප්‍රශ්නයක් වත් තියෙන හින්දද?..(බ)
ගරු කරනවා ඔබේ අදහසට, වසරේ හොදම කනේ පහර මන් හිතන්නේ ඡන්දෙන් පස්සේ ලැබිච්ච (බ)
මෙතන කොමෙන්ට් දාන අයට මතකද දන්නේ නැ හිටපු අගවිනිසුරුතුමියගේ බෑන්ක් බැලන්ස් එහෙම. සමහර එකවුන්ට්වලට ජනවාරි සිට දෙසැම්බර් මුලවනතෙක් කෝටි 2, 3 සල්ලිවැටිලා තිබ්බ. නමුත් දෙසැම්බර් අවසානවනවිට සියලු මුදල් ඇදල හිස් කරනවා. නීතිය දන්නා නිසා ගේම ගහල තිබ්බ සුපිරියට, බේරෙන විදියට. නමුත් පුතාට දැනුන දුක නම් සාධාරනයි. (බ)
කුමාර ලිබියාවට වුනේ එ්කාධිපතිකම නිසයි (බ)
අපේ මිනිස්සු හරිම නුවනක්කරයි... මොකද මේ වගේ අයවමනේ අායෙමත් පාර්ලිමේන්තු යවන්නේ..(බ)
අද මට හෙට උඹට, මෙය ස්වභාධර්මය විසින් දන්වන ලද්දකි.(බ)
රොෂාන්,ඒ ඒකාධිපති එළවලා මුළු ලෝකයේම අධිරාජවාදී රටවල් ඔල්වරසන් දුන්න. අද ගලේ පහරපු බලල්ලු වගේ හැසිරෙනවා.ලංකාවටත් එයාල කළේ එ්කයි.අපි අපිම මරාගන්න දවස වැඩි ඈතක නෑ (බ)
රටක් ගැන හිතන අපිටනම් ඔබේ තාත්තා ජාතික ඉතිරිකිරීමේ බැංකුවට කළ දේ ගැනනම් දුකහිතෙනවා.(බ)
තුෂාන්, බොරු ලියන්න එපා ,රජයේ සහ බැංකුවල මුදල් වර්ෂය ගණන්ගන්නේ සැම වසරකම අප්‍රියෙල් පළවෙනිදා සිට ඊලඟ මාර්තු 31 දා වනතෙක් බව දන්නවාද (ත)
එයාට එකම බැංකුවේ ගිණුම් 5 යි. හිටපු ජනාධිපති මිනිස්සු අදුනා ගත්තේ නැ.හැමෝටම කරුණාව , මෛත්‍රී කරන්න ගිය නිසයි මේවට මුල (බ)
සංජු මහත්තය මට ඕන දේ කියල කලින්ම..තව වැඩි දවසක් නැහැ. අගමැතිත් එක්ක ආණ්ඩුව ගෙදර ගියාම උසාවියේ නඩුවකුත් තියෙද්දී පාර්ලිමේන්තුවෙන් නිත්‍යානුකුලව අගවිනිසුරු කමෙන් පහ කළ අයෙක් බලෙන් ඇවිත් අගවිනිසුරු වෙලා විශ්‍රාම ගිය එකට වග උත්තරනම් බදින්න වේවි ඉදිරියේදී නොවරදවාම..(බ)
මෙතන ප්‍රතිචාර දාන බොහෝ දෙනා මේ රටට වන හානිය ගැන කිසිවක් නොදන්නා බවක් පෙන්වයි. (නි)
තුෂාන්,නිකම් කටට එන පළියට මිනිස්සුන්ට බොරු චෝදනා කරන්න එපා.ඔය සල්ලි එවලා තියෙන්නේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ සහෝදරිය.ඇයට අවශ්‍යවෙලා තිබුනා සුපිරි නිවසක් ලංකාවෙන් මිලදී ගන්න.ඉතින් ඇය මුදල් සහෝදරියගේ ගිණුමට එවවුවා.සහෝදරිය ඒ මුදල් බැංකුවෙන් අරගෙන අර සුපිරි නිවස සහෝදරියට අරගෙන දුන්නා.එ්කයි කතාව.එ්ක නඩුකාරයෝ ඔක්කොම දන්නවා.බණ්ඩාරනායක මහත්මියට විරුද්ධව කිසිම චෝදනාවක් නිතියානුකුලව ඔප්පුකරගන්න බැරිවුනා....එතුමියට නිරපරාදේ කරපු අපහාසයට ස්වභාව ධර්මයාගෙන්ම ඒ පාලකයන්ට දඬුවම් ලැබේවි..(බ)
හිටපු අග විනිසුරුතුමියට බැංකු ගිණුම් විසි ගණනක් තිබුන බව කාට කාටත් අමතක වගේ දැන්. (බ)
ෂවීන්ගෙ පණිවිඩයෙ මෙහෙම තියෙනව 'Audi alteram partem' මම හිතන්නෙ නාමල්ට ඒක තේරන්නෙ නැහැ. නීති විභාගය පාස් නැති නිසා. ඒ කියන්නේ ලතින් පිරුළක් අනෙක් කෙනාටත් සවන් දෙන්න කිසිවකු ඔහුගේ නිර්දෝෂිභාවයට ඇති සාක්කිවලට සවන් නොදී විනිශ්චය කරන්න එපා (බ)
මොන රටේද තමන්ගෙ ගිණුමෙ විස්තර දෙන්න ලක්ෂ ගානක් ඉල්ලන්නෙ, ඒකෙන්ම තේරෙනව හොර වැඩක් බැංකුව පැත්තෙන් කරලා අති බව. (ත)
බැංකු ශේෂය එක මහ බැංකුව කළ වැඩක් කියලා තුෂාන් දන්නේ නෑ වගේ නේද (ත)
ඉල්ලාගෙන කෑවද මන්දා... (ත)
එතුමිය උගත් ,රටේ ඉහලම තනතුරක් දරපු වැදගත් නිලදරිනියක්, (ත)
තුෂාන්,නොදන්නා දේ නොකිය ඉන්නවා වැදගත් නෝනා කෙනකුට අවමන් නොකර ,මොකද මේවා තැම්පත් කළේ තමුන්ගේ තාත්තගේ බැංකුවේද ? (බ)
අපිත් දුෂ්ඨ මිනිස්සු දැකල තියනවා. එ්ත්, ඔවුන්ට එරෙහි වෙන්නන්ගෙන් මේ තරම්ම පළි ගත්තු දුෂ්ඨ පරම්පරාවක් මම නම් මගේ ජීවිතේටම දැකල නැහැ. ඔය දුෂ්ඨයෝ මෝඩ මිනිස්සුන්ව රවට්ටලා කළ දේවල් පල දෙන්න තව පටන් ගත්ත විතරයි. (බ)
කෝ මේ පිවිතුරු යහපාල? කෝ මේ යහපාල ?(බ)
අවුරුදු 30ක කුරිරු යුද්දය දිනා දුන් ඔබගේ පියාට අපගේ ප්‍රණාමය!! නමුත් නූගත් හෙන්චයියල වටකරගෙන කරපු හොර මැරකම් පිලිබදව කතා නොකර හිටියොත්, තරාදිය සමබර වෙන්නේ නැහැ නේද? (බ)
ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකම දුන්නේ ඊට වැඩිය සුදුසුකම් පුරවලා තිබුන අපේ නෑදෑ කෙනෙකුව පහුකරලා. ඒක කළේ රාජපක්ෂ ආණ්ඩුවෙන්. ශිරානිට ඉහළ උසාවියේ පත්වීම දුන්නේ ඊටත් කලින් චන්ද්‍රිකා ආණ්ඩුවෙන්. ඒකත් සුදුසුකමට නැතුව ඇඳුනුම්කම නිසා වුනේ. දෙපාරම එයා තිබුණු ආණ්ඩුවලට හිතවත් නිසාත් එයාට වැඩි සුදුසුකම් සහ අත්දැකීම් දෙකම තිබුණු අයට හිතවත්කම් මදි නිසා වුනේ. මේවා මගේ කතා නෙවෙයි. ඒ බව ඒ කාලයේ නීතිඥ සංගමය විරෝධතා පළකරමින් උඩ පැන්නා, ඒ කාලයේ හිටිය විපක්ෂයත් කෑගැසුවා. දැන් ඒ විරුද්ධ වුණු අයම ශිරානිව දේවත්වයට පත්කරලා. සුදුසුකම් ඇතිව නියම තැන නොලැබුන විනිසුරුවන්ට හුලන්. (බ)
තුෂාන් සහ කුමාර් ලෝකය ගැන නොදන්නා ළිං මැඩියන් වගේ කතා කරන්න එපා.. හිටපු අගවිනිසුරුතුමියගේ බෑන්ක් බැලන්ස් තිබුනා නම් රාජපක්ෂ රජය එතුමියට නිදසසේ ඉන්නදෙනවද? (ත)
එලිනා ජයවර්දන මහත්මිය ආදර්ශයට ගතයුතු කාන්තාවක්.ජනපති බලතල නිසා හිස උදුම්මා ගත්තේ නැහැ. (ත)
සමහරුන් විභාග සමත් වුණු විදිය මුළු ලෝකෙම දන්නවා. (ත)
අගවිනිසුරුතුමියගේ බෑන්ක් බැලන්ස් බලන්න කලින් රාජපක්ෂලාගේ බෑන්ක් බැලන්ස් බලාගත්තොත් හොදයි. .. හිටපු අගවිනිසුරුතුමියට එල්ල කරපු කිසිම චෝදනාවක් මේ වෙනතුරු ඔප්පු කරන්න බැරි වෙලා තියනවා .. 2015 ජනවාරි වෙනකම් උත්සාහඑ කළා. කෝ හරි ගියාද? (ත)
තුෂාන් බැංකුවේද වැඩ කරන්නේ ? එහෙම නැති නම් දැක්කා වගේ මෝඩ දේවල් ලියන්න එපා. බැංකුවේ වැඩ කරන කෙනෙක් නම් හෙට වෙනකොට ඔබතුමාගේ බැංකු රැකියාව නැහැ. මොකද ගනුදෙනුකරුවෙකුගේ බැංකු ශේෂය පුවත් පතක ප්‍රසිද්ධ කරලා ලිව්වාට බැංකු නීතිය කඩලා. ! (ත)
තුෂාන් මෙතැන කට්ටියට මේ කාන්තාවගේ බෑන්ක් බැලන්ස් මතක් තියෙන්නේ මෙතැන ලියන මිනිස්සු ඔක්කොම බැංකුවේද වැඩ ? හරියට දැකල වගේනේ කියන්නේ. ඒ මිනිස්සුන්ගේ පවුලම ඉගෙන ගෙන වැදගත් රැකියාවල් කරනවා. සහෝදරිය ඔස්ට්‍ර්ලියාවේ ඉහලම වැටුප දරන රැකියාවක් කරන්නේ. පිටරට මිනිස්සු තමන්ගේ පවුලේ කට්ටියට සල්ලි එවන්නේ නැද්ද ? (ත)
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කොටස් ගනුදෙනුව ගැන මුකුත් නොකියන්නේ ඇයි? (ත)
ශවීන් ඔබට දේශපාලනයට එන්න දැනුම උගත් කම තියෙනවා. එන්න පුළුවන් නව ශ්‍රීලනිපයෙන් හෝ නව එ ජා පයෙන් (ත)
තුෂාන් එම සල්ලි ඇයගේ සහෝදරියගේ නිවසක් ගන්න එවා තියෙන්නේ. මෙහෙ කෝටිටි 50,000 විතර වටින හෝටල් තියෙන අයත් ඉන්නවා. එන්න බලන්න බැංකු ගනුදෙනුවේ ඔයත් මමත් කරන්න වෙන්නේ ඔය ටිකම තමා එය හොර කමක් ම නොවේ (ත)
තුෂාන් කොහොමද ශිරාණි නෝනාගේ බැංකු ගිණුම් වාර්තාව දැක්කේ ? එතන මහ විගණන කාරයා ඔයාද ? ඇහින් දැකලා වගේනේ කතාව! (බ)
පුතා සත්‍ය ජයගනී. ඔබට සහ ඔයාගේ පවුගේ අයට සුබ අනාගතයක් පතමි (බ)
කතාව නම් නියමයි. (ත)
තුෂාන් හරියට දැකලා වගේ බැංකු ශේෂය ගැන කියන්නේ ඔයා ශිරානි මැතිනියගේ පුද්ගලික ලියන මහත්තයද ? (බ)
තුෂාන් ඇහැට දැක්කද ඔය කියන බැංකු ශේෂය ? බැංකු ගිණුම් බලන්න ඕන දැන උගත් වෘත්තීය කාන්තාවන්ගේ නෙවෙයි. දේශපාලුවන්ගේ සා පෙළ වත් සමත් නැති, කිසිම පිළිගත් ආදායමක් වෘත්තීයක් නැති නුගත් නෝනලාගේ (බ)
යහපාල උන්නැහේ , මේවා තමන්ටත් එක්කයි දාල තියෙන්නේ හොඳට බලාගන්නවා ! නිර්දෝෂී මිනිසුන්ට දුන්වද හිංසා දැන් ඔවුන් කරාම ඇවිත් නේද ?(බ)
අපි හැමදෙනාම පිළිගත්තත් මැදමුලන සහ පාක්ෂිකයන් මේවා පිළිගන්නේ නැහැ (බ)
ප්‍රකාශය සියදහස් වරක් සාදාරණයි (බ)
කවුද මේ තුෂාන් ? බැංකුවේද ඔයා වැඩ කරන්නේ ? නැති නම් කොහොමද ගනුදෙනු කාරියකගේ බැංකු ශේෂය මේ දැන් දැක්කා වගේ කියන්නේ ? (බ)
ශවින් සහෝදරයා ඔබ හරි ,ඔබට දැනුන වේදනාව නාමල්ලට දැනෙන්නේ නැහැ ,වැරදි කරලා ඒවා වහගෙන නැවත බලය ගන්න මාධ්‍ය සංදර්ශන පවත්වන්න එයාල හදන්නේ (බ)
ඉල්ලගෙන කෑවා නේ (බ)
බලාගෙන පුංචි මහත්තයෝ.අම්ම තාත්තට පරිස්සමින් ඉන්න කියන්න...යම පාලනෙට තව වැඩිආයුෂ නැහැ....ඔය වැහුණු ඒවා ආයේ එලියට ඒවි .ඔය අම්ම විශ්‍රාම ගිය අකාරය ගැන පාර්ලිමේන්තුවට වග කියන්න සිද්ධ වෙන දවසක් ඉදිරියේදී ඒවි..එදාට ඔය වින්දට වඩා වේදනා විදින්න වේවි..(බ)
ඕක තමා කියන්නේ කර්මේ කියල බොරු චෝදනා කරලා අනිත් මිනිසුන්ව හිරි හැර කරාම ඕක තමා වෙන්නේ (බ)
පස්ස දොරෙන් නීති විද්‍යාලෙන් පිටවු අය යුක්තියක් සාධාරනයක් ගැන මොනවද දන්නේ.(බ)
ඔක්කොටම මුල රාජපක්ෂලා තමයි. ෆොන්සේකාව උඩට ගෙනාවෙත් එයාල. ශිරානිව අනික් අයව අභිබවා අග විනිසුරු කරෙත් එයාලා. ඔය දෙපාරම යුඑන්පී එක කැගැහුව වැඩේ වැරදියි කියා. ඇහුවේ නෑ. ඒ මදිවට ශිරානිගේ මහත්තයාටත් උඩම තනතුරු දුන්න සුදුසුකම් නොබලා. මතක නේද ඒකටත් විපක්ෂයෙන් ප්‍රශ්න ඇතිකළා ඉස්සර. කුම්බලා කුරී දෙක කාපු පුසන් (රාජපක්ෂලා) දැන් විඳවනවා. අපේ තාත්ත යුඑන්පී, දැන් ඒ අයට පිස්සු හැදිලා ඉන්නවා මේ විගඩම් දැකල.(බ)
තුෂාන් කොහොමද ශිරානි නෝනාගේ බැංකු වාර්තාව දැක්කේ ? අනෙක සල්ලි තිබුනත් මොකද උගත් පිළිගත් ජීවන වෘත්තියක් තිබෙනවා. සා පෙළ වත් නැති රැකියාවක් නැතිව උද්දච්චකම ඔලුවට ගහපු දේශපාලු භාර්යාවන්ගේ තමයි බැංකු ගිණුම් බලන්න ඕන. (බ)
රෝසාන් ප්‍රනාන්දු, ලිබියාවෙත් එරටට හිතවත් පාලනයක් තිබුණු නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට එරට සූරා කෑමට බැරි වුනු නිසයි එරට පාලනය ඒකාධිපති පාලනයක් බවට කලක් තිස්සේ අන්තර්ජාලයෙන් බේගල් ප්‍රචාරය කරලා ජනතාව උසිගන්වලා ආණ්ඩුව පෙරලුවේ. එසේ නැතිව එරට පාලකයන්ගේ වරදක් නිසා ආණ්ඩුව පෙරළුවා නොවෙයි. එයින් පසුවත් සැලකිය යුතු කාලයක් ගඩාෆිට රට තුලම රහසේ සැඟවී සිටීමටත් ජනතා සහයෝගය ලැබුනේ ඔහු අගය වටහා ගත් ජනතාවක් ද එරට සිටි නිසයි. ඔහුගේ පාලන කාලයේදී ධනවත් සුඛිත මුදිත රටක් වුනු ලිබියාව ඉන් පසු අන්ත දිළිඳු අනාරක්ෂිත රටක් බවට පත් වී දැනුත් එහි වැසියෝ තමන් කළ පව් කම් විඳවනවා. (බ)
2015 රාජපක්ෂට වැදුනු නියම කනේ පාරක් ,මේකෙන්වත් පාඩමක් ඉගැන ගත්තොත් හොඳයි (බ)
තුෂාන් බැංකුවේද වැඩ කරන්නේ ? ඔය කොහොමද ඔය බැංකු ශේෂය හරියටම කියන්නේ ? බැංකුවේ වැඩ කරන්නේ නැතිනම් නොදන්නා දේවල් දැක්ක වගේ කියන්න එපා. බැංකුවේ වැඩ නම් ඔබතුමාගේ රැකියාව හෙට වෙනකොට අවදානමේ. බැංකු නීතිය අනුව ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය විස්තර පුවත් තීරයකට දුන්නට. ඒ නිසා කට අරින්න කලින් කල්පනා කරන්න. (බ)
දැන් ශිරානි නෝනාගේ විතරද බැංකු ශේෂය බලන්න ඕන. ? සා පෙළ වත් සමත් නැති , පිළිගත් වෘත්තියක් ආදායම් මාර්ගයක් නැති නෝනලා දේශපාලක මහත්තයාගේ පිහිටෙන් ලක්සෙට කොඩිය දාල ඉන්නේ කොහොමද කියල සොයන්නේ නැද්ද ? මේ රටේ ඉන්න උද්දච්ච දේශපාලක හාමිනේලාගේ ගිණුම් ටික තමයි ඉස්සෙල්ලාම විගණනය කරලා බලන්න ඕන. (බ)
ගඩාෆිගේත් ගෙදර පිළිකන්නේ රෙදි අපුල්ලන කට්ටිය ලංකාවේ ඉන්නවනේ ! මෙහෙමත් නිවට කමක් ! (බ)
අපිටම කෙළවෙන්න ඕනේ දුක දැනෙන්න.(බ)
හ්ම්ම්ම් කතාව සහමුලින්ම ඇත්ත. තමුන්ටත් ඒ සෙතම වෙනකොට තමා ඒවා තේරෙන්නේ. (බ)
නාමල්, සිය ෆේස්බුක් වෙබ් අඩවියේ අනම් මනම් දේවල් දමන හේතුව කවුරුත් දන්නා දෙයක්. ඒක රාජපස්ස පවුලට අලුත් දෙයක් නොවෙයි. එයාගේ අම්මගේත් සහෝදරයන්ගේ "අහිංසක" භාවය ලොවට හඬගා කීමටත්, තාත්තාගේ කුරකන් සාටකයෙන් ඇදගෙන ඇවිල්ලා යලිත් වරක් දේශපාලන පුටුවේ උස්සා තැබීමට බව ලෝක ප්‍රකට රහසක් !!! එයාට, පවුලේ අය ගැන "අනුකම්පාවක්" ඇතිවී අඬමින්, මේ වගේ දේවල් ෆේස්බුක් එකට ඇතුලත් කරනවිට, අනිත් අයටත් තමන්ට සිදුවූ අසාධාරනකම් ගැනත් "ලොවට හඬගා කිව යුතු වෙනවා". [ඔබ සාධාරණය අනුකම්පාව අයදින්නට පෙර නීතීඥයකු ලෙස ස්වභාවික යුක්තියේ මූලධර්මය ගැන බලන්න.] සහතික ඇත්ත.....(බ)
තුෂාන් බැංකුවේ මහා විගණන කාරයාද ? සල්ලි තියෙන්න ඕන උගත් පිළිගත් රැකියාවක් කරන කාන්තාවන්ගේ බැංකු ගිණුම් වල ද එහෙම නැති නම් පහ පාස් නැති මෝස්‌තර කරන්න විතරක් දන්නා නුගත් දේශපාලු හාමිනේලාගේ ගිණුම් වලද ? (බ)
ඔබ හරියට හරි ශවීන්(බ)
අම්මගේ වයස 93. හැදුනුම් පතේ අංකය 222222222. (බ)
රාජපක්ෂ පවුල සුද්ධවන්තයෝ වෙන්න හැදුවට මුළු රටම දන්නවා එයාලගේ කෙරුවාව. (බ)
තුෂාන් කියන කෙනා බැංකුවේද වැඩ කරන්නේ ? නැති නම් මේ ගිණුම පරික්ෂා කළ විගණන නිලධාරියා ඔහුද ? හරියට ඇසින් දැක්ක වගේනේ කියන්නේ (බ)