නව පරිවේණාචාර්යවරුන් සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් එම අමාත්‍යාංශයේදී සඳුදා (15) පත්වීම් ලිපි ප්‍රදානය සිදුවූ අතර පරිවේණාචාර්ය භික්ෂුන් වහන්සේලාට නමස්කාර කරමින් පත්වීම් ලිපි ප්‍රදානය කරන අතරතුර අතපසුවීමකින් අධ්‍යාපන අමාත්‍යවරයා ගිහි පරිවේණාචාර්යවරයකුට ද නමස්කාර කළේය.
(ඡායාරූපය - ෆෙස් බුක් වෙබ් අඩවිය ඇසුරිනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ගුරුකමේ ගරුකම දන්නා ඇමති කෙනෙක් (නදී)
අධ්‍යාපන ඇමතිතුමා හැටියට සිහිකල්පනාවෙන් වැඩ කරනවා නම් හුඟක් හොඳයි. (නි)
ලැජ්ජයි! (නි)
ජනප්‍රිය වෙන්න ඕවා විතරක් කරලා මදි වෙයි නේද ? (බ)
පිරිවෙනක උගන්වන්ට දැනුම පමණක් නොව, ශීලයද තිබිය යුතු බව සිතමි, එසේනම්, ගරු කිරීම වරදක් නොවේ. නමුත් මගේ මතය කිසිවෙකු කිසිවෙකුට වැඳීම උචිත නොවන බවයි. ගරු කිරීම යනු දන ගැසීම නොවේ. ආශීර්වාද ලැබීමට දන නැමිය යුතුද නොවේ. (බ)
මේ වඳින්නේ ගුරු ගෞරවයට නෙවෙයි. සිහි කල්පනාව නැති කමට කරපු වැඩක්. (ස)
මේ දරුවට හොඳ අවස්ථාවක් මන්ද මේ පොටො එකගෙදර එල්ල්ලගත්තා නම් මාර ගති (නදී)
"අයියා නම් මාර ලකී -ඇමැතිතුමත් වැන්ද සකී" (නි)
බුදු අම්මෝ ,,,,, මගේ කොන්ද ... (ම)
ඔන්න අයියේ කොනක් අල්ලාගෙන පලුයන්න කියන්න පුලුවන්. (නි)
අනේ කාලේ වනේ වාසේ! (නි)
ඡන්දය ලබා ගන්න වඳින නිසා කාට වැන්දත් කමක් නැති නිසා වෙන්න ඇති. ගරු කිරීමට වඳිනවා නෙවෙයි නේ. (ර)
අන්දමන්ද වෙලා වගෙයි (නි)
අර මනුස්සයට තරු පේන්න ඇති ඇමතිවරයාගේ වන්දනාවට. (නි)
පිරිවෙනි වල ගිහි පරිවෙණාධිපති වරු ඉන්නවද? (ම)
දේශපාලකයන් සිහි නුවනින් වැඩකල යුතුයි කියන එකට උදාහරණයක් මෙක.. තමන් කරන දේ කෘත්‍රීමව කරන්නන් වෙග් කරන්න ගියාම මෙහෙම වෙනවා.. (ම)
අය්යා නම් මරු හ්හ්හ්හ්.........(ම)
අත්වැරදීම් වෙන එක ස්වභාවිකයි (නි)
සිහිකල්පනාවෙන් වැඩ නොකිරීමේ ප්‍රතිඵල. ඉන්න තැනක් දන්නෙ නැහැ. කරන්නෙ මොනවද දන්නෙ නැහැ. අනේ මන්ද.(ම)
මේක අත්වැරැද්දක්. ඒ කාලේ මතකද? දණගැස්සුවා, ගස්බැන්ඳා... (නි)
අවුලක් නැහැ. මොන විදියට පින්තූරේ තිබුනත් අපේ ටීම් එක මොනවාහරි ලියලා කාඩ් එක බේරනවනේ (නි)
ගුරුවරු දණගස්සපු පලබබාලා හිටිය යුගයක මෙතුමා කරලා තියෙන්නේ ආදර්ශවත් වැඩක් (නි)
ගුරුවරු දණගස්වන මන්ත්‍රීලා ඉන්න රටේ අධ්‍යාපන ඇමති ගුරුවරයෙකුට වැන්ඳහම මොකද? (නි)
කිසි වරදක් නැහැ. මේකේ මෝඩයන් හැමදාම ඉන්නේ අඳුරේ. (නි)
අකිල බබා ඇමතිගේ බබා වැඩ (ම)
මෙහෙවු අසිහියෙන් වැඩකරන, ඇස්පනාපිට තියන දේ පේන්නෙ නැති මේ වගේ අය රටට මොනවා නොකරයිද? (නි)
අනේ ගනන්ගන්ඩ එපා, වැඩ කරන්න ගියහම ඔහොම තමයි. වැදගත්ම දේ හාමුදුරුවරුන්ට හරියට වැඳලා සහතික දීපු එක. (ම)
මේක හිතලම කළාද කියලත් හිතෙනවා මට (නි)
අනේ අම්මේ! ඇස් පෙනුනේවත් නැද්ද මහත්තයෝ? (නි)
කෙනෙකුට වඩා තවකෙනෙක් උසස් විය හැකි විධි කීපයක් තිබෙනවා. ශීලයෙන්, වයසින්..... (නි)
අපි නම් මොකුත්ම කියන්නේ නැහැ මේවට (නි)
ඉස්සෙල්ල වැදපු පුරුද්දට නිකම්ම වැදුන ද කොහෙද.. (ර)
සහතිකයේ තිබුනේ ස්වාමින්වහන්සේ කෙනෙකුගේ නමක්ද දන්නේ නැහැ? (බ)
හිත තියෙන්නේ කරන වැඩේට නෙමෙයි . වෙන දෙයක් ගැන. එකයි මෙහෙම වෙන්නේ. (ම)
එ්කෙන්ම තේරෙනවා කිසිම හැගීමකින් යුක්තව නෙමෙයි, ඔහේ වඳින්නම් වාලේ වැඳලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලාටත්.. මේ අපේ රටේ අධ්‍යාපන අැමැතිනේ ... අනාගත දරුවන්ට දෙයියන්ගේම පිහිටයි. (බ)
හොඳට නැමිලා පුරුදුයි නේද? (ස)
ගුරුවරයෙකුට වැන්ඳාට පවු නැහැ (නි)