IMG-LOGO

අනේ මෙහෙම ගෙරවිල්ලක්

2016-08-12-ent-13පසුගිය දවසක ඉතාලියේ පැවැති සංගීත ප්‍රසංගයකට ලංකාවෙන් ජනප්‍රිය ගායක ගායිකාවන් කීප දෙනෙක් සහභාගි වුණා.

එහිදී මේ ශිල්පීන් වෙනුවෙන් තරැ පහේ හෝටල් ලෑස්ති කරලා තිබුණා. ජනප්‍රිය ගායකයින් දෙදෙනෙකු වන කීර්ති පැස්කුවල්ට හා ඇනස්ලි මාලවනට එක කාමරයක් ලබාදීලා තිබුණා. ඉතා සුවපහසු කාමරේ අලි ඇඳක් තිබ්බලු හතර දෙනෙකුටත් නිදා ගන්න පුළුවන් තරමට.

දැන් මේ දෙන්නම රූට කාලා බීලා පොඩි චැට් එකක් එහෙම දාලා නිදාගන්න ගියාලු. විනාඩි දහයක් ගියේ නැතිලු. කීර්තිට තදබල ගෙරවිල්ලක සද්දයක් ඇහිලා තියෙනවා. ඔහු කොට්ටෙකින් එක කනක් වහගත්තලු. තව ටිකකින් අනිත් කනත් තදින් වහගත්තලු. වැඩේ එන්න එන්නම දරැණු වෙන නිසා කීර්ති ඇනස්ලිට තට්ටුවක් දාලා කිව්වලු ඕක පොඩ්ඩක් නවත්තන්න කියලා.

"හරි හරි මචං" කිව්වට ඒක නැවතුනේ විනාඩි දෙක තුනකට විතරලු. වැඩේ හරි යන්නෙ නැති නිසා කීර්ති කොට්ටෙකුයි ෂීට් ඒකයි අරගෙන එළියේ ලොකු සාලෙ නිදාගත්තලු.

උදේ ඇනස්ලි ඇහැරිලා බැලුවම කීර්ති ඇඳේ නැහැ. ඇනස්ලි හිතුවා කලින් දවසේ රූ උදේට පොඩි වෝක් එකක් දාන්න හිතපු නිසා කීර්ති තනියෙන් ගියාවත්ද කියලා.

දොර හැරලා බැලුවම කීර්ති සාලෙ නිදි. කීර්ති කාමරේට ඇවිත් වැඩිවෙලාවක් ගියේ නැහැ ඇනස්ලිගේ මොබයිල් එකට එයාගෙ නෝනාගෙන් කෝල් එක්ක ආවලු.

කීර්තිට ඇනස්ලිගේ නෝනත් එකත් කතා කරන්න ඕනෙ කියපු නිසා ෆෝන් එක කීර්තිට දුන්නලු.

"අනේ ඊයේ රූ මම පුදුම දුකක් වින්දනෙ ඇනස්ලිගේ ගෙරවිල්ල නිසා. අපට මෙහෙ තව මාසයක් ඉන්න වෙනවා. මට මුකුත්ම හිතාගන්න බෑ* කියලා කිව්වලු එයාට.

එයා උත්තර දීලා තියෙන්නෙ මෙහෙම "අනේ කීර්ති ඔයාට රුයකින් එපා වුණා. හිතලා බලන්නකො මම විඳින දුක..."

 

DESHAYA



අදහස් (0)

අනේ මෙහෙම ගෙරවිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 333 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 503 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site