IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘අනේ ඉතින් නඩු කිව්වත් අපි යාළුයි‘

ඌව පළාත් මහ ඇමැතිවරයා ලෙස එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දුන් අභියාචනාධිකරණය හරීන් ප්‍රනාන්දු මහ ඇමැතිකමින් ඉවත් කරමින් අතුරු නියෝගයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

එම ඉල්ලීම් සම්බන්ධ  නියෝග ප්‍රකාශ  කරමින් විනිසුරු මඩුල්ල සදහන් කළේ පෙත්සම්කරුවන්  අතුරු නියෝග මගින් ඉල්ලා  සිටින සහන, එම පෙත්සම මගින්  ඉල්ලන සහන වලට සමාන නිසා මේ අවස්ථාවේ දි එම නියෝග නිකුත්  කිරිම ප්‍රතික්ෂේප කරන බවය.

  හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඇතුළු ඌව පළාත් සභාවේ  මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා වෙන වෙනම පෙත්සම් අභියාචනාධිකරණයට ගොනු කර තිබුණි.

එම පෙත්සම්වලට අදාළ මූලික විභාගයක් කිරීමෙන් පසුව එය ලබන ජූනි මස 15දා විභාගයට ගැනීමටත් එදිනට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සී.ජේ.මඩවල මහත්මිය හමුවේ පෙත්සහ කැදවන ලදී.

RDS_8685 RDS_8690 RDS_8697 RDS_8708 RDS_8711 RDS_8722 RDS_8744 RDS_8747 RDS_8755 RDS_8757a RDS_8764



අදහස් (0)

‘අනේ ඉතින් නඩු කිව්වත් අපි යාළුයි‘

පතිරණ කපිල Thursday, 21 May 2015 09:08 AM

මරා ගන්න අයට හොඳ පාඩම් (නදී)

:       0       0

ජස්ටින් Thursday, 21 May 2015 09:41 AM

හරීන් ශෂින්ද්‍රගේ ඉන අල්ලලා බලනවා පිස්තෝලයක්වත් ඉනේ තියනවද කියලා. බලන්න 10 වෙනි රූපය (නදී)

:       0       0

ජස්ටින් Thursday, 21 May 2015 10:48 AM

අධිකරණයේ තවම මහින්දගේ හෙන්චයියල ඉන්නේ.. අපි ඉතින් තීන්දු දිහා බලල ස්වධීනයි කිය කියා ඉන්නවා ... හොරුන්ට දඬුවම් නොදී. (ස)

:       0       0

පද්මිණි Thursday, 21 May 2015 10:58 AM

දෙන්නගෙම හිනාව නම් ලස්සනයි. කාලෙකට පස්සේ මෙහෙම ලස්සන ක් දැක්කේ දේශපාලකයින් අතර. (ම)

:       0       0

පෙරේරා Friday, 22 May 2015 04:06 AM

ජස්ටින් , ඔබ කියන දේ හරි. නොයෙකුත් විෂමාචාර වලට සම්බන්ධ කෙනෙකුත් ඔය ඉහළ උසාවියට කලින් ආණ්ඩුව පත් කරලා එයා තාමත් එතන. (බ)

:       0       0

නිර්මාල් Wednesday, 27 May 2015 07:21 AM

බොරුවට ඔය කරන්නේ. (ත)

:       0       0

රහීම් Thursday, 21 May 2015 03:43 PM

"හිනාවෙන් හා කතාවෙන් බැහැ මනින්නට මිනිසා " (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 21 May 2015 07:58 AM

මතවාද වශයෙන් ගහ මරා ගත්තට දෙන්නගේ හිනවානම්... (ර)

:       0       0

නිස්සංක Thursday, 21 May 2015 08:01 AM

යූඑන්පී බහුතරය ටයිපටි පළඳින බවක් මට පෙනෙනවා (නි)

:       0       0

නිශාඩ් ප්‍රීනා Thursday, 21 May 2015 08:13 AM

අන්න ඒකයි මහත්මා දේශපාලනය. බලන්න තීන්දුව මොනවා වුණත් දෙන්නා බොහොම සුහදව කතා‍බහ කරන හැටි. ගහ මරාගන්න යන අයට මේ දෙදෙනා හොඳ ආදර්ශයක්. (නි)

:       0       0

ටිෂාන් Thursday, 21 May 2015 08:16 AM

දැන් අධිකරණය ස්වාධීනනේ... (නි)

:       0       0

හේතුක Thursday, 21 May 2015 08:23 AM

නිශ්ශංක, ඔබට ජාතික ඇඳුම පෙනෙන්නේ නැද්ද? (නි)

:       0       0

සරෝ Thursday, 21 May 2015 08:28 AM

සුසිල් මහත්තයෝ පැරදුන ආණ්ඩුව කළේ සදාචාරාත්මක වැඩමද? (නදී)

:       0       0

උදිත් Thursday, 21 May 2015 08:35 AM

බලනකොට ඇත්ත තමයි රාජපක්ෂලා කොහොම හරි ට්‍රයි කරන්නේ බලය ගන්න තමයි.(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site