ඌව පළාත් මහ ඇමැතිවරයා ලෙස එම පළාත් සභාවේ විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහතා (එජාප) පත් කිරීම බල රහිත කරන ලෙස ඉල්ලමින් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට අවසර දුන් අභියාචනාධිකරණය හරීන් ප්‍රනාන්දු මහ ඇමැතිකමින් ඉවත් කරමින් අතුරු නියෝගයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
එම ඉල්ලීම් සම්බන්ධ නියෝග ප්‍රකාශ කරමින් විනිසුරු මඩුල්ල සදහන් කළේ පෙත්සම්කරුවන් අතුරු නියෝග මගින් ඉල්ලා සිටින සහන, එම පෙත්සම මගින් ඉල්ලන සහන වලට සමාන නිසා මේ අවස්ථාවේ දි එම නියෝග නිකුත් කිරිම ප්‍රතික්ෂේප කරන බවය.
හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තනතුරෙන් ඉවත් කර හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතා ඇතුළු ඌව පළාත් සභාවේ මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා වෙන වෙනම පෙත්සම් අභියාචනාධිකරණයට ගොනු කර තිබුණි.
එම පෙත්සම්වලට අදාළ මූලික විභාගයක් කිරීමෙන් පසුව එය ලබන ජූනි මස 15දා විභාගයට ගැනීමටත් එදිනට පෙර විරෝධතා ඉදිරිපත් කරන ලෙසත් දැන්වීය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ විනිසුරු එච්.සී.ජේ.මඩවල මහත්මිය හමුවේ පෙත්සහ කැදවන ලදී.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරා ගන්න අයට හොඳ පාඩම් (නදී)
හරීන් ශෂින්ද්‍රගේ ඉන අල්ලලා බලනවා පිස්තෝලයක්වත් ඉනේ තියනවද කියලා. බලන්න 10 වෙනි රූපය (නදී)
අධිකරණයේ තවම මහින්දගේ හෙන්චයියල ඉන්නේ.. අපි ඉතින් තීන්දු දිහා බලල ස්වධීනයි කිය කියා ඉන්නවා ... හොරුන්ට දඬුවම් නොදී. (ස)
දෙන්නගෙම හිනාව නම් ලස්සනයි. කාලෙකට පස්සේ මෙහෙම ලස්සන ක් දැක්කේ දේශපාලකයින් අතර. (ම)
ජස්ටින් , ඔබ කියන දේ හරි. නොයෙකුත් විෂමාචාර වලට සම්බන්ධ කෙනෙකුත් ඔය ඉහළ උසාවියට කලින් ආණ්ඩුව පත් කරලා එයා තාමත් එතන. (බ)
බොරුවට ඔය කරන්නේ. (ත)
"හිනාවෙන් හා කතාවෙන් බැහැ මනින්නට මිනිසා " (නදී)
මතවාද වශයෙන් ගහ මරා ගත්තට දෙන්නගේ හිනවානම්... (ර)
යූඑන්පී බහුතරය ටයිපටි පළඳින බවක් මට පෙනෙනවා (නි)
අන්න ඒකයි මහත්මා දේශපාලනය. බලන්න තීන්දුව මොනවා වුණත් දෙන්නා බොහොම සුහදව කතාබහ කරන හැටි. ගහ මරාගන්න යන අයට මේ දෙදෙනා හොඳ ආදර්ශයක්. (නි)
දැන් අධිකරණය ස්වාධීනනේ... (නි)
නිශ්ශංක, ඔබට ජාතික ඇඳුම පෙනෙන්නේ නැද්ද? (නි)
සුසිල් මහත්තයෝ පැරදුන ආණ්ඩුව කළේ සදාචාරාත්මක වැඩමද? (නදී)
බලනකොට ඇත්ත තමයි රාජපක්ෂලා කොහොම හරි ට්‍රයි කරන්නේ බලය ගන්න තමයි.(ම)