දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (15) උදේ හතෙන් අවසන් වූ පැය 24ට රුපියල් පනස් ලක්ෂයක ආදායමක් උපයා ගත්තේය.
වාහන 18300ක් එම කාලයේ ගමන් කළේය.
වැඩිම ආදායම ලැබුණේ පින්නදූවෙනි. එය රුපියල් ලක්ෂ 22කි.
එහි පිටවීමේ දොරටුවේ වාහන පෝලිම කිලෝමීටර් එක හමාරක් දුරට පැවතියේය.
ඇතුළුවීමේ දොරටු දෙකක් ද, පිටවීමේ දොරටු ලෙස පාවිච්චි කරමින් එම තදබදයට පිළියම් යෙදීය.
ඒ අනුව මුළු පිටවීමේ දොරටු ගණන පහක් විය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආදායම් බැර වෙන්නේ අධිවේගී මාර්ගය ඉදිකළ විදෙස් සමාගමටද? (නි)
අධිවේගී මාර්ගයේ යන්න වාහන පෝලිම පැය එක හමාරක්? නියමයි දක්ෂිණ අධිවේගී මාර්ගය.... (නි)
අදායම ගැන සතුටුයි. හැබැයි මම ඊයේ පැය 2ක් පෝලිමේ හිටියා. ඒකටත් ස්තූතියි (නි)
නියමයිනේ.. කාටද ආඩම්බර? අපිටනේ .... (නි)
එන්න පැය බාගයයි. පිටවෙන්න පැය එකහමාරයි. එහෙම තමයි අවුරුද්දට නැගම් යනකොට. සුබ අලුත් අවුරුද්දක් ඔබ සැමට ! (නි)
ඉතින් හොදයිනේ ආදායම එන එක (නි)
ඕවා වැඩිය ප්‍රසිද්ධ කරන එක ටිකක් හොඳ මදි. ඔය වගේ දේවල් අහනවිට කොටසකගේ ඉහ මොළ දනවනෙ . (නි)
ලැබෙන ආදායම් ජනතා සුබ සිද්ධිය සදහාම වියදම් කෙරෙත්වා! (නි)
ඔය ටිකටි දෙන අයට අවුරුදු හොදට සරු ඇතිනේ. රජයත් ගොඩ ඒ අයත් ගොඩ.(නදී)
ඇත්තටම මේ අධිවේගී මාර්ගය දකුණේ අයට විශාල පහසුවක්. අධිවේගී පාර නැති දවස් වල ඔය වාහන ඔක්කොම ගියේ ගාලු පාරේ. එතකොට ගාලු පාරේ ඇතිවෙන තදබදය හිතාගන්න පුළුවන් නේද? (නි)
රුපියල් පනස් ලක්ෂයක් ? එහෙනම් ඉදිරියේදී ජීවන වියදම අඩු වෙයි වගේ (නි)
දේශද්‍රෝහී අයටට අධිවේගී මාර්ගයේ වටිනාකම දැන් පෙනෙනවා ඇති (නි)
මේ මුදල් බැර වෙන්නේ මොන ගිණුමටද? මේ මුදල් වලින් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ ? (නි)
එහෙනම් මේ පාර කට්ටිය අවුරුදු කයි (නි)
මිනිස්සුන්ටත් වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා? (නි)
ජේ.වී.පී, යූ.එන්.පී, එල්.ටි.ටී මොකද තවම සද්ද නැත්තේ.(නදී) J
ද සිල්වා, අපි මේ මුදල් ඇමරිකාවට පරිත්‍යාග කරනවා, එහේ මානව හිමිකම් නගා සිටුවීමට (නි)