දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (15) උදේ හතෙන් අවසන් වූ පැය 24ට රුපියල් පනස් ලක්ෂයක ආදායමක් උපයා ගත්තේය.
වාහන 18300ක් එම කාලයේ ගමන් කළේය.
වැඩිම ආදායම ලැබුණේ පින්නදූවෙනි. එය රුපියල් ලක්ෂ 22කි.
එහි පිටවීමේ දොරටුවේ වාහන පෝලිම කිලෝමීටර් එක හමාරක් දුරට පැවතියේය.
ඇතුළුවීමේ දොරටු දෙකක් ද, පිටවීමේ දොරටු ලෙස පාවිච්චි කරමින් එම තදබදයට පිළියම් යෙදීය.
ඒ අනුව මුළු පිටවීමේ දොරටු ගණන පහක් විය
2025 දෙසැම්බර් මස 04
747
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
567
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධිවේගයට අධිවේගයෙන් ලක්ෂ පනහක්
ගාමිණී Monday, 15 April 2013 10:49 AM
මේ ආදායම් බැර වෙන්නේ අධිවේගී මාර්ගය ඉදිකළ විදෙස් සමාගමටද? (නි)
ප්‍රසන්න Monday, 15 April 2013 10:54 AM
අධිවේගී මාර්ගයේ යන්න වාහන පෝලිම පැය එක හමාරක්? නියමයි දක්ෂිණ අධිවේගී මාර්ගය.... (නි)
ප්‍රභාත් Monday, 15 April 2013 11:01 AM
අදායම ගැන සතුටුයි. හැබැයි මම ඊයේ පැය 2ක් පෝලිමේ හිටියා. ඒකටත් ස්තූතියි (නි)
ෂෙරිෆ් Monday, 15 April 2013 11:09 AM
නියමයිනේ.. කාටද ආඩම්බර? අපිටනේ .... (නි)
අරුණ Monday, 15 April 2013 11:12 AM
එන්න පැය බාගයයි. පිටවෙන්න පැය එකහමාරයි. එහෙම තමයි අවුරුද්දට නැගම් යනකොට. සුබ අලුත් අවුරුද්දක් ඔබ සැමට ! (නි)
ශෙනාල් Monday, 15 April 2013 11:33 AM
ඉතින් හොදයිනේ ආදායම එන එක (නි)
ජයන්ත Monday, 15 April 2013 11:53 AM
ඕවා වැඩිය ප්‍රසිද්ධ කරන එක ටිකක් හොඳ මදි. ඔය වගේ දේවල් අහනවිට කොටසකගේ ඉහ මොළ දනවනෙ . (නි)
දුමින්ද Monday, 15 April 2013 12:15 PM
ලැබෙන ආදායම් ජනතා සුබ සිද්ධිය සදහාම වියදම් කෙරෙත්වා! (නි)
නිරෝෂන් Monday, 15 April 2013 12:29 PM
ඔය ටිකටි දෙන අයට අවුරුදු හොදට සරු ඇතිනේ. රජයත් ගොඩ ඒ අයත් ගොඩ.(නදී)
විහග Monday, 15 April 2013 12:35 PM
ඇත්තටම මේ අධිවේගී මාර්ගය දකුණේ අයට විශාල පහසුවක්. අධිවේගී පාර නැති දවස් වල ඔය වාහන ඔක්කොම ගියේ ගාලු පාරේ. එතකොට ගාලු පාරේ ඇතිවෙන තදබදය හිතාගන්න පුළුවන් නේද? (නි)
රිස්වාන් Monday, 15 April 2013 12:39 PM
රුපියල් පනස් ලක්ෂයක් ? එහෙනම් ඉදිරියේදී ජීවන වියදම අඩු වෙයි වගේ (නි)
පණ්ඩුක Monday, 15 April 2013 01:05 PM
දේශද්‍රෝහී අයටට අධිවේගී මාර්ගයේ වටිනාකම දැන් පෙනෙනවා ඇති (නි)
ද සිල්වා Monday, 15 April 2013 01:31 PM
මේ මුදල් බැර වෙන්නේ මොන ගිණුමටද? මේ මුදල් වලින් මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ ? (නි)
චතුල වෙරෝනා Monday, 15 April 2013 02:42 PM
එහෙනම් මේ පාර කට්ටිය අවුරුදු කයි (නි)
සම්ජේ Monday, 15 April 2013 03:40 PM
මිනිස්සුන්ටත් වෙන වැඩක් ඇත්තෙම නැද්ද මන්දා? (නි)
සුනිල් Monday, 15 April 2013 03:48 PM
ජේ.වී.පී, යූ.එන්.පී, එල්.ටි.ටී මොකද තවම සද්ද නැත්තේ.(නදී) J
සුනිල් Monday, 15 April 2013 05:30 PM
ද සිල්වා, අපි මේ මුදල් ඇමරිකාවට පරිත්‍යාග කරනවා, එහේ මානව හිමිකම් නගා සිටුවීමට (නි)