විනීතා එම් ගමගේ
අධිවේගී මාර්ගවලින් මෙතෙක් ලැබූ දිනෙක ඉහළම ආදායම වන රුපියල් කෝටි තුනක ආදායමක් ඉකුත් 11 වැනිදා උපයා ගෙන ඇතැයි අධීවේගී මාර්ග නඩත්තු හා කළමණාකරණ අධ්යක්ෂ එස් ඕපනායක මහතා ලංකාදීපයට අද පැවැසීය.
එදින වාහන 105,000 ක් පමණ අධිවේගී මාර්ගවලට ඇතුල් කර ඇතැයි ද එයින් වැඩි ප්‍රමාණය කොළඹින් පිටට යන වාහන බව ද ඕපනායක මහතා කීය.
14 වැනිදා සවස් භාගයේ විශාල වාහන තදබදයක් තිබූ බවත් පැය කිහිපයක් තුළ වාහන 40,000 කට වඩා අධිවේගී මාර්ගයට ඇතුල් වීම නිසා ඇතිවූ මෙම තදබදය හේතුවෙන් අනතුරු ගණනාවක් සිදුව ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 15 වැනිදා ද වාහන 80000 කට ආසන්න ප්‍රමාණයක් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල් වී ඇති අතර දෙකෝටි අනූ ලක්ෂයකට ආසන්න ආදායමක් ලබා ඇති බවත් පැවසූ ඒ මහතා මේ අතරින් ද වැඩි ප්‍රමාණයක් කොළඹින් පිටවූ වාහන යැයි ද කීය.
මෙතෙක් කොළඹින් පිටට යන වාහන වැඩි ප්‍රමාණයක් තිබුණත් අද සිට කොළඹට ඇතුල්වන වාහන සංඛ්‍යාව වැඩි වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්ද මහින්දගේ... කියලා තමයි මට හිතෙන්නේ...
කොහොමද අදායම් කියන්නේ? ඉදිකිරීම් වෙනුවෙන් ගත්තු ණය අවුරුදු 20ට ගෙවන්න තියෙනවා කිව්වනේ.
හයිවේ කන්නද කියල ඉස්සර කියපු අයත් හිටියා.
ඇඹුල්තියල් ගේන්න යන කට්ටිය වෙන්න ඇති. අනුර කුමාර දිසානායක තමයි හරියටම ඕක දැනගත්තේ...
මේ ආදායම ඇත්තටම ලබන්නේ තවමත් මේක භාරව කටයුතු කරනා චීන සමාගමයි. මේ ආදායම ශ්‍රී ලංකාවට ඇත්තටම ලැබීමට තවත් කොපමණ කාලයක් සිටිය යුතුද? හැම දිනම මෙවැනි ආදායම් ලැබුවත් ගත් ණය ආපසු ගෙවීමට කොපමණ කාලයක් ගත වේද?
ඇත්තටම මෙයට වඩා වැඩි මුදලක් රටේ ඉතිරි වෙනවා අධිවේගය භාවිතයෙන්. මේක නොතිබුනානම් පැය කීයක් පිටකොටුවේ රස්තියාදු වෙන්න ඕනෑද? වාහන තදබදය තියෙන පැරණි පාරවල් වල යාමෙන් වැඩිපුර තෙල් පිච්චීම නවතිනවා. ඉතිරිවෙන මිනිස් ශ්‍රමය ඵලදායී වැඩකට යොදවන්න පුළුවන්... ආතතිය ඇතිවීම අඩුකර ගන්න පුළුවන්, වාහන අබලන්වීම අඩුවෙනවා. රියදුරෙකුට ගමන් වාර 2 ක් ලේසියෙන් යන්න පුළුවන්. ඒ වුනාට තවම කොළඹ නුවර පාර හැදෙන්නේ ගොලුබෙලි ගමනින්....
චීනෙට වාසි එහෙනම් මේ අවුරුද්ද
මේතරම් ඇඹුල් තියල් කිරි පැණි කන්න හොදද මන්දා.
අපෝ හොඳටම මදි.. අපේ දියවන්නාවේ තුමෙකුට, වාහනයක් ගන්නවත් ඔයගාන මදි, එතුමන්ලාගේ එක වාහනයකටම කෝටි හතරහමාරක් විතර යනවා..
අාදායම අරගෙන පුටු රත්කර කර හිටියට වැඩක් නැහැ. ඒ සල්ලි කොහෙද යන්නේ මොනවද කරන්නේ කියලා සොයලා බලන්න. පාරවල ප්‍රමිතිය පවත්වා ගෙන යන්න අනතුරු අඩු කරගන්න.
අධික වේගය මරු කැඳවයි. එම නිසා මෙම මාර්ගයේ උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 70 ව දක්වා පහල දමන මෙන් අප අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.