මහරගම සිට නිවාඩුවට තංගල්ලේ යමින් සිටි මව, පියා, පුතා සහ දියණිය රැගෙත් සුඛෝපභෝගී ජිප් රිය අක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී පෙරළී ව්‍යාපාරිකයකු වන පියා මිය ගිය බව පොලීසිය කියයි.
මව සහ දියනිය බරපතල තුවාල ලදහ.
පුතාද, ජිප් රියේ කූඩුවක සිටි සුරතල් ගිරවා ද තුවාල නොලදහ.
ව්‍යාපාරිකයා ජිප් රිය පදවා ඇති බවත්, බඳ පටිය නොපැළඳ සිටි බවත්, මැද වැටේ හැපුණු රිය අඩි පහක් පමණ ඉහළට එසවී ගිය බවත් සිද්ධිය දුටුවෝ කියති.
මහරගම ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරු වන ඒ ජී ඩී ශානක (40) රියෙන් එළියට විසිවී රියට යටවූ බව ද ඔවුහු කියති.
14 වැනි සැතපුම් කණුව අසලදී මේ අනතුර සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සය 100 ට වැඩි වේගයෙන් යන්න ඇති. හුගක් අය කිසිම විනයක් නැහැ, එයාල වෙනත් පාරවල් වල යනවා වගේ මේ අදිවේගී මාර්ගයේත් යන්න හදනවා. මම දැක්ක දෙයක් නම්, අදිවේගී මාර්ගයේත් අනිත් මාර්ග වල යනවා වගේ ලයින් දෙක අතර යන පුරුද්ද බොහෝ දෙනෙකුට නැහැ. (නදී)
ශානක කියනේ මගේ හොදම යාලුවෙක් වගේම නෑදෑයෙක්. වසර 30 තිස්සේ දන්නවා. ගොඩක් හොද ගතිගුණ තියන යාලුවෙක්. ශානක වාහන පදවන්නේ වසර 25 අතීතයක සිට. වැරදීමක් වෙන්න බැහැ. වාහනේ දෝසයක් බව මම හොදටම දන්නවා. දුවට බිරිද සමන්තට සීරීමක් වත් නැතිබව දැනගත්තා. ශන්කුවෝ උබට නිවන්සුව පතනවා. මෙවි ස්තර එතෙර රටක සිට ඉක්මනින් දැනගන ලැබුනේ ලංකාදීපයට හිසනවා ආචාර පුදනවා.(නදී)
කෝටිපතියෝ වාහන වලින් ගිහින් හැප්පිලා මරනයට පත් වෙනවා. දුප්පත් උදවිය පයින් යනගමන් වාහනවලට හැප්පිලා මරණයට පත් වෙනවා දෙකේම වෙනසක් නැහැ. (නි)
ඇමති ගොල්ලොත් මේ අධිවේගී මාර්ගය භාවිතා කරනවා නේද? (නි)
මේකේ අහමඩ් මල්ලිට ලියන්නේ. සාධාරන අසාධාරන කියලා දෙයක් නැහැ එහෙනම්? රිසානාට සාධාරනයක් වුනාද?
ජනගහනය පාලනය කරන්න හදපු වැඩ ඕවා.(නදී)
මේ පාරේ වාහන ලිස්සනවා. මම මේ අත්දැකීමෙන් කියන්නේ. මගේ වාහනෙත් මේකේ හැප්පුනා. වාසනාවට මට මොකවත් වුනේ නැහැ. වාහනේට ගොඩක් හානි වුණා. පාරේ නිෂ්පාදන දෝෂයක් හින්දද කොහෙද වැස්ස තියෙන වෙලාවට තෙල් ගතියක් තියෙනවලු. එක හින්දා වේගය 40 විතරලු තියාගන්න ඕනෑ. (නි)
අහමඩ් , මෝඩ අදහස් පළකරන්න එපා (නි)
අපේ සමහර මිනිස්සුන්ගේ මානසිකත්වය කොයිතරම් පහත්ද කියලා හිතෙන්නේ මේ වගේ සිද්ධියකට ලියලා තියෙන දේවල් බැලුවහම. ලංකාවේ විතරම් නෙමෙයි ලෝකේ තියෙන හැම අධීවේගී මාර්ග වලම අනතුරු වෙනවා, මිනිස්සු මැරෙනවා, තුවාල වෙනවා. ඒක නවත්වන්න කාටවත් බැහැ. නමුත් අඩුකරන්න දේවල් කරන්න පුළුවන්. ඒ ගැනයි කතාකරන්න ඕනැ. නැතුව මියගිය මනුස්සයාගේ ජාතියවත් ඒ මිනිහා හම්බකරපු විදිහවත් නෙමෙයි. ඔයවගේ ලෙඩ වලට කවුරුවත් බෙහෙත් හොයාගෙන නැති නිසා පරිස්සම් වෙන්න. (නි)
කොහොම හම්බකළත් කව්රුත් මැරෙනවා. මැරුණට පස්සේ හම්බකරපු විදිහ අනුව තමා කොතැනට යනවද කියලා තීරණය වෙන්නේ. මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ජාතිබේද එපා. මොකද මේ ලෝකේ ඔකොම රතු ලේ තියන මිනිස්සු. පොඩි වෙනසක් තියන්නේ කතාකරන භාෂාව ඇගේ පාට විතරයි. (නි)
වෙලාව ආවම බෙල්ට් ඕනෑ නැහැ අනේ. ඒ තාත්තට නිවන් සුව! (නි)
පාරවල් හදලා තියෙන්නේ, වාහන තියෙන්නේ තමන්ට යන්න ඕනැ තැනට ඉක්මනින් යන්න තමයි. ඒත් කල්පනාකාරිව යන්න ඕනෑ. මොන පාරක ගියත් හැමෝම කැමැති රස්තියාදු නොවී ඉක්මනින් ගමන යන්න තමයි. (නි)
දැකපු අය නම් කියනවා මෙයා 150 විතර ස්පීඩ් එකකින්ලු ගියේ. මෙයා මැරිලා තියෙන්නේ වාහනෙන් වීසි වෙලා ඒ වාහනේටම යටවෙලා. සීට් බෙල්ට් එක දාගෙන ගියා නම් මේ අනතුරේ හානි අවම වෙන්න තිබුනා (නි)
වාහනයක් හැපුණත් අන්තිමට යන්නේ ආගම්වාදයට. මේක සිතාමතාම කරන පිරිසක් ඉන්නවා. ඒ අය කිසියම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක කොටස්කරුවෝ කියන එක අපටත් පිළිගන්න වෙනවා. (නි)
අර පහු ගිය කාලේ කරපු වේගය වැඩිකරන යෝජනාව ගැන තව ටිකක් සිතා බැලුවා නම් හොදයි නේද? (නි)
දැනගන්න බෙල්ට් තියෙන්නේ ලස්සනට නෙමෙයි කියලා. (නි)
සුඛෝපභෝගී වාහන පදවන අය අඩු තරමින් ආසන පටි පලදින්නටවත් විනයක් නැතිකොට මෙවැනි අනතුරු වෙනවා. අනික අධිවේගී මාර්ග වේග සිමා නිරන්තරයෙන්ම දැක්වීම රජයේ වගකීමයි. (නි)
තම ඇත්මය ශරීරයෙන් බැහැරවන විට තැනක් වේලාවක් නොබලයි. ජීවිතය අස්ථීරය මරණය ස්ථීරය. (නි)
වේගය වෑඩිකරමු කියල පහුගියකාලෙ යෝජනාවක් ආවලු නේද ?(ස)
සෙන්තිල් අහලා තියෙනවා මැරුන කෙනා සිංහලද කියලා. බොහොම කණගාටුයි (නි)
වාහනයක වේගයෙන් යනවා වගේම එය හැසිරවිමට දක්ෂතාවයත් තිබිය යුතුයි (නි)
මම නම් හිතන්නෙ මේ අනතුර සිදු වෙලා තියෙන්නේ මිය ගිය රියදුරා වෙතත් වාහනයකට ඉස්සර කිරීමට දකුණු මන්තීරුවට තම වහනය ප්‍රවේශ කිරීමේදී අධික වේගය නිසා වෙන්න ඇති කියල. අනෙක් වාහන නියමිත වේගයට ධාවනය කලත් සමහර වාහන පස්සෙන් යන්න කැමති නැහැ. තමන්න්ගේ වහනයට අනෙක් වාහන වලට වඩා වේගයෙන් යන්න පුළුවන් බව පෙන්වීමට සමහර රියදුරන්ට ඕන. තවත් රිදුරන් මං තීරු දෙකක් මැද්දේ රථ ධාවනය කරනවා. තවත් අය සිග්නල් ලයිට් නිවන්නේ නැතිව ධාවනය කරනවා. ඉතින් මේවගේ වැරදි දරුණු වාහන අනතුරු වලට හේතු වෙනවා, වෙනත් රට වලනම් මේ වගේ වැරදි වලට දඩුවම් කරනවා. අධි වේග මාර්ගවල වාහන පැදවීමේදී වාහන අතර නියමිත දුරක් තැබිය යුතු වෙනවා. මේ නීති ලංකාවේ අධි වේගී මාර්ගයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලංකාවේ අධි වේගී මාර්ග වල වාහන ධාවනය කල යුතු ආකාරය පිළිබඳව රුපවාහිනි හා ගුවන්විදුලිය මාර්ගයෙන් ජනතාව දැනුවත් කරන්නත් පුළුවන්.(නදී)
තව වේගේ වැඩි කරන්න කතා කරන්න පෙර මිනිසුන්ට හරියට වාහන එලවන්න කියලා දුන්නොත් හොඳ නැද්ද? (නි)
කණගාටුයි..... මොහු යහපත් කෙනෙක් කියලා තංගල්ල ප්‍රදේශයේ අය කියනවා. (නි)
මෙතැන වෙලා තිබෙන්නේ රියදුරාගේ නොසැළකිලිමත් භාවය නිසා රිය අනතුරක් සිදුවීම. මෙම ප්‍රශ්නයට ජාතිවාදය පටලවා ගන්නේ මෝඩයෝ. අදකාලේ ලෝකය දියුණු වෙලා. ලංකාවේ අපිත් ඒ විදියට හැඩ ගැහෙන්න ඕනෑ. (නි)
වේගය වැඩි කරන තරමට මැරෙන සංඛ්‍යාවත් වැඩි වෙයි වගේ (නි)
අහමඩ්, මක්කම යන අය මැරුණහම මොකද කියන්නේ? (නි)
ගෙදරින් පිටත් වෙන්න ඇත්තේ රාහු කාලය බලල නෙමෙයි වෙන්න ඇති. එක්කෝ සෙනසුරු අපලයක් ඇති. (ස)
මෙතන වේගයේ නොවේ ප්‍රශ්නය තියෙන්නේ.. යන කෙනා හරියට නීති පිළිපදිනවද කියන එකයි. පාරේ ඔච්චර ඉඩ තිබියදිත් කොහොමද මේක කණුවේ හැප්පුනේ... (ස)
රිස්වාන්/ ඉන්දික, මෙතන තියෙන්නේ මාර්ග නීති ප්‍රශ්නයක් නෙමෙයි. රිය පැදවීමේ තාක්ෂණය ගැන ගැටළුවක්. අධිවේගී මාර්ගයේදී සුක්කානම හැසිරවීම ගැන වෙනමම හිතන්න ඕනෑ. පදවන වේගයට අනුකුල වන අන්දමින්,අවශ්‍ය දුරක ඉඳලම යාන්තමින් හරවන්න හදන්නේ නැතිව සාමාන්‍ය මාර්ගයකදී කරනවා මෙන් අතට දැනෙන විදියට හරවන්න ගියොත් හැපෙන එක වළක්වන්න බැහැ. රියදුරු බලපත්‍රයකින් කියන්නේ වාහනයක් පාරේ ධාවනය කරන්න නීතිමය අවසරය ලැබුනා කියලා විතරයි. ඔහුට රිය ධාවන තාක්ෂණය ලැබුනා කියලා ඒකෙන් කියවෙන්නේ නැහැ. (නි)
මැරුණ කෙනා සිංහලද? (නි)
අධික වේගය මරුවාට අතවැනීමක් කියලා මුදලාලිට අමතක වෙලා (නි)
ලංකාවේ වාහන පදවන මිනිසුන්ට කිසිම විනයක් නැහැ. මම අධිවේගී මාර්ගයේ යන විට දැක්කා සමහර මිනිස්සු යන හැටි. පාර තිබුන පමණින් සහ වාහනේට හයියෙන් යන්න පුළුවන් වුනු තරමින් අදහස් වෙන්නේ නැහැ පරීක්ෂා කාරීව වාහනයක් පදවන්න පුළුවන් කියල. (ස)
ජීවිතේ අස්තිරයි. මුදල් තිබුනට කාලය ආවම යන්න වෙනවා. කල හොඳ නරක පමණක් තමන් සමග ඒවි. (ස)
මම නම් හිතන්නේ ආසන පටි පැළඳීම හැම වාහනයකටම අනිවාර්ය කල යුතුයි. අපේ රටේ කිසි දාක ප්‍රමිතියක් නැති නිසා මිනිස් ජීවිත ගොඩක් අපරාදේ මිය යනවා.(ස)
මැණික් මුදලාලි කෙනෙක්නම් ඉතින් දෙවියන් බුදුන් අදහාගෙන පිරිසිදු ලෙස මුදල් හොයන්න ඇතිනේ. (නි)
මහරගම පැත්තේ එක්කෙනෙක් නිසා මෙයා අරගොල්ලන්ට සපෝර්ට්ද දන්නෙ නැහැ. (නි)
මේ මුදලාලි දියුණු වුණේ කොහොමද දන්නෙ නැහැ. දෙවියන් දුන් දඬුවමක්වද්ද මේක? (නි)
පහුගිය දවසක කිවුවා නේද වේගය තව ටිකක් වැඩිකරමු කියලා. (නි)
තාක්ෂණයේ දියුණුව අපි පාවිච්චි කරන්න ඕනෑ අපේ කටයුතු පහසු කරගන්න කියන දේ ඇත්ත වුණත් ඒවා ප්‍රයෝජනය කරන ආකාරය ගැන හිතන්න තමා අපට මොළයක් කියලා දෙයක් තියෙන්නේ. (නි)
ලංකාවේ පාරවල් වල හරියට නීති ක්‍රියාත්මක වෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ විනයක් නැතිකම. මම දවස ගානේ මෙහේ දුර ගමන් ගිහින් තියනවා. වැරදි කළොත් ලොකු දඩ තමයි. ලංකාවට මේවා ගෙන්න ඕනේ. නැත්නම් ජීවිතවල වටිනා කමක් නැතිවෙනවා.(නදී)
පව්! (නි)
එකනේ අපි කියන්නේ ලංකාවෙන් ගිහින් ඉතාලියේ ඉන්නෙම මෝඩයෝ සහ හොරු කියල.(නදී)
දැන් වේගය ටිකක විතරයි වැඩි කරන්න අනුමැතිය ලැබිලා තියෙන්නේ. සුපිරි පාර නිසා ටිකක් වැඩිකරලා තියෙනවා. එළියටම විසි වුනේ ඒකයි.(නදී)
හෝන් ගගහා වෙට්ටු දදා ගිහින් වගේ. මෝඩ ජාතියකට අධිවේගය විනාශයත් නුවණැති විනයගරුක ජාතියකට එය සමෘධියත් ගෙනෙන බවට ලෝකේ පුරාම ශාක්ෂි අඩු නැතිව දැක ගත හැක. (නි)
අවශ්‍ය තැනදී අවශ්‍ය වේගය නැත්තම් එත් හැප්පෙනවා. සමහර රටවල්වල අවම වේගය පැයට කිලෝම්ටර් 40 යි.(නදී)
අපිට ජාත්‍යන්තර පාරවල් තියෙනවා කියලා වේගෙන් ගියාට කමක් නැහැ කිව්වා නේද? මෙත් එහෙම ජාත්‍යන්තර පාරක් නේද? (නදී)
මියගිය පියාට නිවන් සුව පතනවා, අනිත් යට ඉක්මන් සුවය පතනවා. අනිත් හැමදෙනාම මේක පාඩමක් කරගෙන පරිස්සමෙන් නීතිගරුකව යන එන ගමන් පරිස්සමෙන් යන්න එන්න. අනිත් අයට ගරුකරන්න. (නි)
මෙතන ප්‍රශ්නය රාහු කාලය නොමෙයි . බෙල්ට් දා ගෙන හිටියා නම් නොමැරී බේරෙන්න තිබුනා (නි)
වෙරෝනා අතුල, මේ වගේ සංවේදී ප්‍රශ්නයක් දිහාවත් දේසපාලන කන්නාඩිය ගලවලා බලන්න පුරුදු වෙන්නකෝ. (නි)
ඕක තමයි මම, වේගෙන් යන්න කොළ එලි දෙන්න කලින් මිනිස්සුන්ට වාහන පදවන හැටි උගන්නන්න කියලා. අලියෙක් ගත්තට වැඩක් නැහැ හෙන්ඩුව හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම්. (නි)
ලංකාවට අධිවේගයක් ඇත්තෙන්ම අවශ්‍ය නැහැ (නි)
වේගය නෙමෙයි ප්‍රශ්නේ. වේග සීමා ඉක්මවා යෑම, බඳ පටි නොපැළදීම වගේ නීති රීති වලට අවනත නොවීමයි අනතුරු වලට හේතු වෙන්නේ. (නි)
රාහුකාලේ හෝ සීට් බෙල්ට් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ප්‍රවේශමෙන් හා මහත්මා ගතියෙන් වාහනය පැදෙවුවා නම් (නි)
සාධාරණව හම්බ කරන කට්ටියට මේ වගේ දේවල් වෙන්නේ නැති බවයි මගේ නම් අදහස වෙන්නේ. (නි)
හරිම දුකකි හිතට දැනුනේ. තුවාල ලැබූ අයට ඉක්මන් සුවයත් මියගිය පියාට නිවන් සුවත් මම පතමි! (නි)
සාධාරණව ව්‍යාපාර කරනවා නම් මේ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ නැහැ කියලයි මම නම් අහලා තියෙන්නේ. (නි)
අනිච්චාවත සංඛාරා උප්පාද වයධම්මිනො උප්පජ්ජිත්වා නිරුජන්ති තෙසන් රුප සමො සුකො.. (නි)
අහමඩ් ,හම්බකරන විදිහ කොහොම වුණත් කාලය අවම කරගෙන යන්න වෙනවා. ඒක ඔයාටත් පොදුයි. (නි)
මෙතන ප්‍රශ්නය අධිවේගී මාර්ගයේ හෝ වේගයේ නෙමෙයි. අධිවේගී මාර්ග හදන්නේ වේගෙන් යන්න. ඒත් ලංකාවේ මිනිස්සු තාම දන්නේ නැහැ මේවා පාවිච්චි කරන්න. කොහොමත් මේක හුරු වෙන්නත් ටික කාලයක් යනවා. (නි)
දැන් ආණ්ඩුවට බනින්න. තුවාන්, ඔයාට පිස්සුද? ඔයාලා වගේ අය ඉන්නකන් රටක් දියුණු වෙන්නේ නැහැ . (නි)
ජීපි, පැජරෝ, බෙන්ස් කොහොමත් පොලිසියටත් වෙට්ටු දාගෙන උඩින් තමයි යන්නේ (නි)
මෙම අනතුර බද පටිය පැලද සිටියා නම් මීට වැඩිය ගොඩක් අඩු වෙනවා. (නි)
මේ ජීවිතේ කොතන කොයි මොහොතේද කියන්න බැහැ. කෙනෙක් අහිමිවීම දුකයි. මම අහලා තියෙන විදිහට පින්,පව් දෙක තමා අපි පසු පස්සේ එන්නෙ. (නි)
ඉතින් ඒ වුණාට දැන් තිබෙන වේග සීමා යල් පැනලලුනේ... (නි)
අධිවේගී මගේ රිය පදවන්න දෙන්නේ ඒ සදහා බලපත්‍ර ඇති රියදුරන්ට පමණි. ලංකාවේ කිසිවෙකුට අධිවේගී මගේ ගොස් පරීක්ෂා කර බලපත්‍ර ලබා දී නැහැ . ඉතින් මෙහෙම වෙන එක අහන්න දෙයක්ද? (නි)
අධිවේගී මාර්ග ගැන අවබෝධයක් නැති වුනහම තමයි මෙහෙම විපත් අසන්ට ලැබෙන්නෙ. රෝද කරකැවුනට මදි. වාහනය ගැනත් තමන්ගෙ ශරීර සෞඛ්‍ය ගැනත් සිතන්න වෙනවා.අනවශ්‍ය වේගය සහ පාලනය කිරීමේ අපහසුතාව මත අධිවේග මාර්ගයට වාහන දැමීමෙන් වළකින්න. (නි)
අයියෝ සල්ලි! (නි)
බඳ පටි නොදා යාමේ වැරැද්ද තමයි ඔය (නි)
පාරේ ප්‍රශ්නයක් නම් නෙමෙයි මේක . 100 කියන්නේ මහා වේගයක් නෙමෙයි, අඩි 5ක් උඩ යන්න තරම්. අඩුම ගානේ 200 ටවත් යන්න ඇති ! (නි)
සම්පත් කියන පුග්ගලයා ඉතාලියට ඒමට පුළුවන් තරම් උත්සාහ කර, නොහැකි වීම ගැන ඊර්ෂ්‍යාවක් හිතේ ඇති බවත් , තැන නොතැන නොබලා එය ප්‍රකාශ වෙන බවත් පෙනේ...... (නි)
අනේ සෙන්තිල්, ඔයාට ඔතන වැදගත් වෙන්නේ ජාතියද? අනේ මෙහෙමත් මිනිස්සු ! (නි)
ලලිත්, පසන්, මාලක, බඳ පටි නම් දාගෙන යන්න ඇති. සීට් බෙල්ට් තමා දාගෙන ගිහින් නැත්තෙ (නි)
වේගය වැඩි කරන්න කලින් රටේ රියදුරු බලපත්‍ර දෙන වැරදි ක්‍රම නවත්වන්න ඕනේ' රටේ විනයක් ඇති කරන්න කව්රු හරි ජනාදිපති උපදේශකෙයෙක් අපේ ජනාදිපති තුමන්ට උපදෙස් දෙත්වා'(නදී)
ආදී වේගේ යනකොට අනිවාර්යෙන්ම සීට් බෙල්ට් දමන්න ඕන. එහෙම උනානම් මේ මනුස්සය මැරෙන්නේ නැහැ. නිවන් සුව පතමි. ඉස්ප්රිතලේ ඉන්න කට්ටියට කඩිනම් සුව පතමි.(නදී)
සෙන්තිල් , අහමඩ් ඔය දෙන්න වගේ අය ලංකාවේ ඉන්නකන් ජාති වාදේ නැති වෙන්නේ නැහැ. අහමඩ් කියන්නේ කොහොමද ඒ මිනිහ හම්බ කලේ හරාම් කියල? සෙන්දිල්ට මිනුස්සු මැරෙන්න ඕන සිංහලද, දෙමළද මුස්ලිම්ද කියල බලලද? (නදී)
අමින්, ඔයා කියන දෙය හරි. මැරුණු කෙනා කොහොම හම්බ කළත් එයාගේ ජාතිය මෙතනට වැදගත් නැහැ. මාර්ග නීති හරියට අනුගමනය කළාද කියන එකයි වැදගත්. (නි)
මේ අනතුර දිහා හොඳ සිතින් බලන්න මිනිසුන්ට ගරහන්න එපා. මියගිය ඔහුට නිවන් සුව පතමි !(නදී)
අපේ අයට අධිවේගේ කියන්නේ වඳුරන්ට දැලිපිහිය ලැබුනා වගේ තමයි ඉතින්. (නි)
අමින්, ඔයා හරි. ඒත් අර සෙන්තිලුයි, අහමඩුයි ඇත්ත නම් වලින් නෙමෙයි ලියලා තියෙන්නේ. (නි)
සල්ලි තිබුනට මදි මොලේ තියෙන්නත් ඕනෑ. (නි)
කණගාටුව ප්‍රකාශ කරමි. මෙම මහත්තයාට පින් ලැබේවා! (නි)
බුද්ධි, මීට වඩා බුද්ධිමත්ම අදහස් ප්‍රකාශ කරන්න . රාහු කාලයවත් සෙනසුරු කාලයවත් නෙවෙයි වරද. මිනිසාගේ වේගය. දුක දරුවෝ දෙන්නයි නෝනයි ළඟ ඉඳලත් අවුරුදු 40ක පුද්ගලයෙක් මෙලෙස අකාලයේ මියයාමයි. (නි)
සෙන්තිල්,අහමඩ්, ඔයාල දෙන්නා තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. ඇත්තටම ඔයාල දෙන්නා මෝඩයෝ දෙන්නෙක්. (නි)
මේ අනතුරත් එක්ක ඉතාලියේ මෝඩයෝ සහ හොරු සම්බන්ධ වුනේ කොහොමද ? (නි)
අමින් කියන දේ හරි. (නි)
සාදාරනවා හම්බ කළා නම් මේ වගේ අඩ් 5ක් උඩ යන්නේ නැහැ.(නදී)