ගාල්ල සිට කොළඹට ධාවනය වෙමින් තිබූ කාරයක් අධිවේගී මාර්ගයේ කිලෝ මීටර 30 ත් 31 ත් අතර දී මහා ගිනි ජාලයක් බවට පත්ව ඇතැයි පොලීසිය කියයි. ජීවිත හානි වාර්තා නොවූ බව ද පොලිසිය කියයි.
මත්තේගොඩ ව්‍යාපාරිකයකුට අයත් කාරයක් එසේ ගිනිබත් විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගය ජීවිත කෙටිකරනවා නේද?(නු)
මේක හදපු දා ඉදලා යන වාහනවලට අපලයි..!(නු)
අධි වේගයෙන් එලොව යන්න පුලුවන්.(ස)
ඉතිං මේ දියුණුවෙන් වැඩක් තියෙනවද? (නි)
පාරවල් හොදට තිබුණට මදි.. තම තමන්ගේ වාහන පිළිබදව හොද අවබෝධයක් තියෙන්න ඕන..!(නු)
පාරට බැනල වැඩක් නෑ...පරණ පාරෙම යන්න..(ස)
දැන් ඔය අධිවේගයේ විතරද වාහන හැපෙන්නේ? ගිනි ගන්නේ? සමහරුන්ට මේක ඇස් වල කටු අනිනවා වගේනේ. (නි)
ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක් විය හැකියි. එම රථයට 100කිමි.පැයට වේගය බොහෝ වෙලාවක් දරා සිටින්නට නොහැකියි. එමෙන් ම අධික හිරු රශ්මියේ නවතා තැබීම ද භයානකයි. එවන් අවස්ථාවල ඇල්ටෝ මෝටර් රථ ගිණිගත හැකියි. ඇල්ටෝ මෝටර් රථයේ තාපය සිසිල්විමට පවතින අවකාශය සහ තාපය ඉන්ධන නාල වෙත ළගාවිම (හිට් සින්ක්) බාධා කරන පද්ධති ඉතා දුර්වල තත්වයේ පවතින්නේ. ඒ නිසා මෙම රථය ඇල්ටෝ රථයක් නම්, එය 100%ක් ම එම මෝටර් රථයේ නිෂ්පාදන දෝෂයක් බව ඉංජිනේරුවරයෙක් වශයෙන් තහවුරු කොට පැවසිය හැකිය...(ස)
මේක දෙමුහුම් (හයිබ්‍රිඩ්) වාහනයක්ද?(නු)
මේකට විසදුමක් ලබන සතියේ සිට ක්‍රියාත්මකයි..!(නු)
නිමල්කා ඔයාවත් බලන්නකො වැඩක් ගන්න..!(නු)
නිමල්ක.. මොකද්ද දියුණුව කියලා අදහස් කළේ.. අනිවාර්යයෙන්ම කාර්මික දෝෂයක් හරි හදිසි අනතුරක් වෙන්න ඇති.. ඕනමනම් මේකටත් ආණ්ඩුවට බැනලා ආශ්චර්යයද කියලා අහන්න..!(නු)
අධිවේගයේ නරක පැත්තකුත් තියෙන බව දැනගත යුතුයි . (නි)
වාහනනේ ගිය අයට කරදරයක් නැහැ නේද?(ස)
මාර්ග ආරක්ෂාවට හිටිය කට්ටිය අධි වේගී මාර්ගයේ නොව අතුරු මාර්ගවල ගමන් කිරීම හැමෝම දකින දෙයක්.මේ කට්ටිය ඒ වෙලාවේ කොහෙද හිටියේ.(ස)
අයියෝ සල්ලි කියුවලු
වාහනවල තත්ව පරීක්ෂාව මාස 6 න් 6 ට කරන්න ඕනි. අධිවේගි මාර්ගයේ යන විට සුළු දෝෂයකින්ද මෙය සිදුවිය හැක..(ස)
මේ අනතුර සම්බන්ධයෙන් අධිවේගී පාරට බනින එක නම් මෝඩ වැඩක්. පාරක් අයිනේ නවත්වලා තිබුන වාහනයක් ඉබේම ගිනිගන්න හැටිත් මම වරක් දැකලා තියෙනවා . සමහර විට වාහනයේ විදුලි පද්ධතියේ දෝෂයක් හෝ ඉන්ධන කාන්දුවක් මේකට හේතුවෙන්න ඇති. පාරේ ප්‍රමිතිය ගැන ප්‍රශ්න තියෙනවා. එත් ඒවා වෙනම කතා කලයුතු මාතෘකාවක්. (ස)
ජයා මහතාගේ කතාව හරි. නමුත් මේ ගිනි ගෙන තියෙන්නේ දෙමුහුම් වාහනයක්.. ඉංජිනේරුවෙක් වෙලත් අදුනාගැනීමට නොහැකි වීම ගැන දුක් වෙනවා..!(නු)
ඉන්ද්‍රජිත් , ඔබේ අදහස නිවැරදියි (ස)
මේක හොද ෆිට් කියනවා නම් , මෙන්න, ගිහිල්ලාම බලන්න. (නි) http://news.bbc.co.uk/2/hi/business/8487475.stm (නි)
මොකද මේ සමහරු අදිවේගී මාර්ගයට බනින්නේ ? මේක ගිනිගත්ත එකට පාර පලිද ? ඔය විදිහට මේ පාරෙන් ගෙදර ගිය කෙනෙකුට බඩේ අමාරුවක් හැදුනත් එකේ වැරැද්දත් අධිවේගී පාර කියාවි (ස)
ගොන්කරත්ත නැවතත් පාරට දමමු ,සල්ලි තියන අය අශ්ව කරත්ත ගන්න. අතීතය සිහිකරන් දැන් තියෙන වාහන ටික රට පටවන්න...(ස)
මේකට ප්‍රතිචාර දාලා තියෙන්නේ වාහන ගැන දන්නේ නැති මිනිස්සු. මේ ගිනි ගත්ත කාර් එක හොන්ඩා වර්ගයේ කාර් එකක් කියලයි මම හිතන්නේ. මේ කාර් වර්ගය මීට කලින් ගිනි අරගෙන තියෙනවා. නමුත් ලංකාවේ නෙමෙයි.වාහනවල ලෙඩ අහුවෙන්නේ දුරගමනක් යනකොට. කිලෝමීටර් 10ක් 12ක් ගියාට ලෙඩ හොයාගන්න බැහැ. දැන් එන අලුත් වාහන කොච්චර හොද වුණත් ඉක්මනට ලෙඩ දෙනවා. ගරාජ් වලට ගිහින් බලනකොට තමයි පෙනෙන්නේ අලුත් වාහන කියක් තියෙනවද කියලා. විශේෂයෙන් ඉන්දියන් වාහන කොච්චර ලාභ වුණත් වැඩක් නැහැ පරණ ජපන් කාර් ඊට වැඩිය හොදයි. (නි)
මෝඩ අදහස් දක්වන්න එපා. වාහනේ ආබාධයට පාරවත්, ආණ්ඩුවවත් පලි නෑනේ..(ස)
ඇයි දැන් කව්රුවත් ජපානෙට බනින්නෙ නැත්තෙ.. මේක ජපන් වාහනයක් නේද..? (ස)
ආරක්ෂාව පළමුවෙන්..(ස)
සම්පත්, ලෝකේ දිව්‍ය ලෝකේ වගේ දියුණු උනත් වැඩක් නෑ. තමන්ගේ පවුලේ කෙනෙකුට අනතුරක් උනාම දියුණුවේ තිත්ත තේරේවි. (කාටවත් එසේ නොවේවා) (ස)