දක්ෂිණ අධිවේගී මාර්ගය අද වන විට කාර්යබහුල වී තිබේ. කොළඹ සිට ගාල්ල දෙසටත් ගාල්ලේ සිට කොළඹටත් යන එන වාහන නිසා අධිවේගී මාර්ගය කාර්යබහුල වී ඇත.කොට්ටාවේ පිහිටි ඇතුළුවීමේ මධස්ථානයේ දී අද උදෑසන තරමක වාහන පෝලිමක්ද දැකගත හැකි විය. මෙම මාර්ගය පාවිච්චි කරන රියැදුරන් පැවැසූවේ කාලය ඉතිරි කැරගෙන ගමන් බිමන් යා හැකි බවයි. ජනාධිපති හා අගමැති හැර අන් කිසිදු ප‍්‍රභූවරයකුට මේ මාර්ගයේ නොමිලයේ ගමන් කළ නොහැකියැයි මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පැවැසීය. ඔහුද තම වාහනය පදවාගෙන කළුතර සිට කොට්ටාවට ආවේ නියමිත මුදල ගෙවමිනි. අබලන් තත්ත්වයේ නොමැති ඕනෑම වාහනයකට මෙම අධිවේගී මාර්ගය භාවිත කිරීමට හැකි බවත්, විනෝද චාරිකා ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමේ අත්දැකීම විඳගන්නට දැන් දැන් ජනතාව වෑන් රථවලින් පැමිණෙන බව ටිකට් නිකුත් කරන නිලධාරියෙක් පැවැසීය.







1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගී මාර්ගයක බල්ලෙක් කියන්නේ අනතුරකට මුල
අනාගතය අදයි
සතුටුයි සුනඛයන්ට වුනත් මේක අලුත් අත්දැකිමක්නේ...
ඒ කියන්නේ හයි වේ එකත් සුනඛයට ගිහින්ද ?
යාපනේටත් හදන්න ජනාධිපති තුමනි
වැදගත්ම දේ තමයි මාර්ග නීති පිලිපදින්න ඉගෙන ගන්න එක
බල්ලන්ට ඇතුල් වෙන්න බැරි විදියට දිගටම පාර දෙපැත්තෙන් දැලක් දැම්මොතින් හොදයි නේද?
බල්ලන්ටත් හයිවේ????
බල්ලට ඇතුල් වෙන්න අවසර දුන්නෙ කවුද?????????????????
මම ඊයේ යන කොට ගොඩාක් බල්ලෝ මැරිලා ඉන්නව දැක්කා. අපේ වාහනේත් බල්ලො දෙන්නෙකුට බ්‍රේක් කළා. ඒකත් කළින් දැකපු නිසා. ඒක ලොකු තර්ජනයක් හයියෙන් යන වාහන වලට
බල්ලන්ගෙනුත් සල්ලි ගන්නවද????
බේබදු රියදුරන් සහ අබලන් වාහන ඇතුල් කරන එකයි නවත්වන්න ඕන
අපි ඉන්දුනීසියාවේදී වාහන වැඩිවෙලාවට පාරට ඇතුල් වෙන්න පෝලිමේ විනාඩි 15-30 අතර කාලයක් ඉන්නවා. මේක ලංකාවට තවම අලුත් දෙයක් විතරයි
සත්තු ඇතුල් වෙන එක නවත්වන්න ඉලෙක්ට්‍රොනික් ගැජට් එකක් තියෙනවා. ඒකෙන් ට්‍රාන්ස්මිටර් කරන තරංග නිසා බල්ලෝ, කුරුල්ලෝ වගේ සත්තු හයිවේ එකට එන එක නවත්වන්න පුලුවන්. මේක සමහර රටවල්වල පාවිච්චි වෙනවා. නමුත් වියදම ටිකක් වැඩියි.
බෑ නෙ අනේ... ලංකාවේ අය Driving License අරන්නේ අනේ ඉන්නෙ
රටේ දියුණුව ගැන හරිම සතුටුයි
නියම වැඩක් මේක. මම අනිත් රටවල දැකලා සහ ගිහින් තියෙනවා. අපේ රටේ යනකොට හරි ලස්සනයි. අනිත් රටවල ඒ ලස්සන නැහැ
ඉතා හොද වැඩක්
සුනඛයන්ගෙන් වෙන බාධා වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුයි
අධිවේගී මාර්ගයේ සුනඛයන්ට නොමිලේද?
අධිවේගී මාර්ගයට සත්තු ඇතුළුවෙන එක නවත්වන්න බැරිද?
සුනඛයන්ගේ පැමිණීම හේතුව විශාල තර්ජනයක්. මෙය අනතුරු වැඩිවීමට විශාල ලෙස බලපානු ඇත
සුනඛයන් ටිකට් අරන්ද දන්නෙ නෑ ආවේ?
අනිත් යෝජිත අධිවේගී මාර්ගත් ඉක්මනින් ඉදි වුණොත් කොච්චර හොදද? අපේ වෙලාව ඉතුරු වෙනවා. වැඩ ලේසි වෙනවා. රටත් දියුණු වෙනවා.
පාර හොදයි ඒත් ගාන වැඩියි. සැහැල්ලු වාහන සදහා රුපියල් 250 ක් ගත්ත නම් මදිද?
යාපනේටත් හදන්න ජනාධිපති තුමනි
පෝළිම් සාමාන්‍ය දෙයක්. ඉල්ලුම වැඩි වෙනකොට පෝලිම් ඇතිවෙනවා
ලංකාවේ අධිවේගී මාර්ගයක් තැනීම පිළිබදව ගොඩාක් සතුටුයි. දැන් අපිට තියෙන්නේ යාපනේ සිට කොළඹ දක්වා අධිවේගී මාර්ගයක් හදන්නයි
මෙම පාරේ යන අයගේ ආරක්ෂාව සදහා ඉදිරියෙන් ඇති වංගු පෙන්වන්න, එහිදී යා හැකි වේග සීමාවන් ද පෙන්වන්න, වැස්ස ඇති අවස්ථාවල උපරිම වේග සීමාවන් දක්වන්න, ඉදිරියේ ඇති අනතුරු ගැන කිලෝමීටර් 4 ක් ඉස්සරහින් පෙන්වන්න. වාහනයේ ටයර් පොලිසිය මගින් මෝටර් වේ එකට ඇතුල්වෙන්න ඉස්සර පරීක්ෂා කිරීමෙන් අනතුරු අවම කර ගන්න පුලුවන් වෙයි
අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේ යන එන මහතුන්ද මේ ගැන දැනුම්වත් විය යුතුයි. මෙවැනි වැදගත් ප්‍රකාශන ඉදිරිපත් කරන "ලංකාදීප" පුවත්පත් සමාගමට මාගේ ස්තූතිය
ආඩම්බරයි දකින කොට තවත හදයි අධිවේගී මාර්ග පෝලිමේ ඉන්නකොට. අතිගරු ජනාධිපති තුමනි මේ ගැන සිතයි නිසැකම
සුනඛයන්ගෙන් අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු ඉතා ඉක්මණින් වළක්වාගන්න නිසි පියවර ගන්නේනම් ඔබ අප සැමගේම ඉමහත් වගකීමකි