දක්ෂිණ අධිවේගී මාර්ගයේ ශ්‍රි ලංගම බස් ධාවනය ජනවාරි 3 වැනි දා සිට ආරම්භ කරන බව ශ්‍රී ලංගම සභාපති එම්.ඩී. චන්ද්‍රසේන මහතා පැවැසීය. ඒ සඳහා අධිසුඛෝපභෝගී බස් දෙකක් යොදවන බවත් එය ගාල්ල - මහරගම අතර ධාවනයට යොදවන බවත් සභාපතිවරයා කියයි. එක් ගමන් වාරයකට රුපියල් 400කි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හරියනේ නෑ. බස් එකට නගින්න අපි මහරගමට එන්න ඕනෙද ?
මහරගමට යන්න පැයක් යනවා..
ගාල්ලෙ සිට කොළඹ පාර මහරගම දක්කාව වැඩ නිම උනා සේ කොළඹ සිට කටුනායක දක්වා පරට සම්බන්ධ වී 2014 දී වැඩ නිම වී රටට ආසිරිය ගෙනේවී. ඊර්ෂිය කරන්න එපා උපෙක්ෂාවෙන් බලන්න
හොඳ අදහසක්
ගාලු යන හැමෝම කොළඹ කොටුවෙ සෙනගද?
ගාල්ලේ සිට කොට්ටාවට එන්න එක පැයයි. එතන සිට මහරගමට යන්න තවත් පැයක් ගතවෙනවා
ඒක නම් හොඳ වැඩක්... කොළඹටම දානවනම් තවත් හොඳයි....
ඒක හොද අදහසක්
ගාන නම් හොදටම වැඩියි. වාහනේකයි, මගියෙකුගෙයි ගාන එකක් වෙන්නෙ කොහොමද? සාමාන්‍ය ගාන වගේ හතර ගුණයක් දීලා පැයෙන් යන්න තරම් අයත් ඉන්නවද?
ඒ කියන්නේ කොළඹ මහරගමට ගේනවා කියන එක ද? යන්න ඕන කරන්නේ කොළඹට නම් එතැන සිට තවත් පැයක් රුපියල් 35.00 දීල යන්න ඕන ද?
මේව දැම්මා වගෙ නෙමෙයි ඔය ලංගම රියදුරු මහත්තුරු ටික පාරෙ නයා ගියා වගෙ යයිද දන්නෙ නෑ
ඒක හොදයි. ඒත් පෞද්ගලික බස් සේවයට නම් දෙන්න එපා
එහෙම කැමති නැති කෙනෙක් ඉන්නව නම් ගාලු පාර දිගේ වෙනදා විදියටම යන්න පුලුවන් පැයෙන් යන එක පැය 3 ක් 4 ක් අරගෙන
කොළඹ මහරගමට ගේන්න පුළුවන් නම් කොච්චර හොඳද? කියන්න දෙයක් නැතුවට කියන කතා ඕව. මහරගම ඉඳං කොළඹට රු. 26/=යි
සමන් - 100%ක් හරි.. පැයක් නෙමේ school time 1කට නුගේගොඩ පාස් කරල කොළඹ යන්න පැය 2කක් වත් යනවාමයි..
හැමෝම එන්නේ පිටකොටුවෙ යන්න නෙමෙයි
මේ අයට හරියට සැලැස්මක් නෑ. මහරගමද කොලඹද අගනුවර?