ශ්‍රී ලංකාවේ පාසල් දහයකින් අටකම අඩුපාඩු තිබෙන බවත් එසේ තිබියදී පළාත් සභාවල අධ්‍යාපනයට වෙන්කළ මුදල් වෙනත් විෂයන්වලට මාරු කරන ලෙස සමහර පළාත් සභා අධ්‍යාපන ඇමතිවරු ඉල්ලූ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
රටේ දරු පරපුර හා තරුණ පරපුර රටට බරක් නොව පින්වන්ත පිරිසක් බව කී ජනාධිපතිවරයා අනාගතයේදී රටේ බාර ගැනීමට ඔවුන් නවීන තාක්ෂණික ලෝකයට ගැළපෙන ලෙස සූදානම් කළ යුතු බව ද කීවේය.
අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල් නිසි ලෙස භාවිතා වෙනවා ද යන්න ගැටළුවක් බවත් එහිදී ප්‍රමුඛතාවය දිය යුතු අංශ පිළිබඳව පාසල්වලට මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන්ට කියා දීමට සිදුව ඇති බවත් සිරිසේන මහතා පැවසීය.
ජනපතිවරයා මේ බව පැවසුවේ කොළඹ, ඞී.එස් සේනානායක විද්‍යාලයේ දී අද (10) පැවති එහි 50 වන සැමරුම් උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රවෘත්තිය මොන පුවත්පතේද තිබුනේ ජනාධිපති තුමනි ? (බ)
මාරනේ..! ආටක මාරයි...නාටක මාරයි ...! (නි)
දරු පරපුර හා තරුණ පරපුර රටට පින්වන්ත පිරිසක්. අනාගතයේදී රට බාර ගැනීමට ඔවුන් සිටියත් රටක් නැතුව ඔවුන් කොහෙද ජිවත් වෙන්නේ? මතුපරපුරට තියන රාජ්‍ය දේපල විදේශිකයන්ට විකිණීම නතරකර ව්‍යවස්ථාවෙන් රටබෙදන එක නැවැත්තුවොත් හොඳයි (නි)
8 වත් සමත් නැති නූගතුන් දේශපාලුවෝ වෙලා ඇමතිකම් ගත්තට ඔවුන් උගත්කමේ අගය දන්නෙ නැති නිසා, ඔවුන් බලන්නේ මොකෙන්හරි සල්ලි හොරකාලා පොහොසත් වෙන්න මිසක් වෙන මොනවද. (නි)
2014 ගුරු විභාගේ සමත් කට්ටිය තාම ගෙදර, මුදල් වෙන්කර නොමැති නිසා. (නි)
ඔය කරන්නේ තනතුරේ තත්වය පහළ දැමීමක් නේද. (නි)
මෙතුමාට සතියකට දවසක් මොකක්හරි හොඳ අදහසක් පහළ වෙනවනේ. බලන්නකෝ ඒකෙත් හැටි. පත්තරේකින් එහෙම නෙමෙයි වෙන්න ඇති නේද. (නි)
ෂුවර් එකටම අධ්‍යාපනයෙන් හොරකම් කරන්න බැරි හින්දා වෙන්න ඇති. අනික තමයි ඉගෙනගත් කට්ටියව ගොනාට අන්දන්න වැඩිපුර මහන්සි වෙන්න වෙන හින්දා. (නි)
එහෙම ඉල්ලුවම මාරුකරලා දීලා එ්ක අපිට කියන්නද ඔබතුමා ඉන්නේ? දැන් ආණ්ඩුවේ තීරණ ගන්න එක පළාත් සබාවට දීලද? (නි)
එන්න කලින් කිවුවේ නම් වෙනම කතාවක්! (නි)
ඉතින් ඉල්ලුව නිසා දුන්නද? (නි)
මේක ඉතින් සිරි ලංකාවනේ (නි)
අධ්‍යාපනයේ වටිනාකම නොදන්නා අය, මහජන නියෝජිතයෝ වීමේ භයානකම නේද ඔය පෙන්නන්නේ. (නි)
අධ්‍යාපනයට වෙන්කළ මුදල් ඒ වැඩේට යොදවන්න නම් අධ්‍යාපනයේ වැදගත්කම දන්නා ඇමතිලා ඉන්න එපායැ. ඒ සල්ලි වලින් තවත් ප්‍රාඩෝ එකක් ගන්න පුළුවන් නම් ඊටවඩා හොඳයි කියලා කට්ටිය හිතනවා ඇති. (නි)
දේශපාලකයින් වැඩි දෙනෙකුට ඕනෑ දරුවන්ගේ දැනුම දියුණු කරන්න නොවෙයි, තමන්ගේ වත්කම දියුණු කර ගන්නනේ. අනෙක තාක්ෂණයෙන්ම රට ගොඩගන්න යන එක ගැන තරමක් විමසිලිමත් වියයුතුයි. (නි)