දකුණු ආසියාවේ විශාලම සමූපකාරය ලෙස සැලකෙන අධ්‍යාපන සේවකයින්ගේ සකසුරුවම් හා ණය දෙන සමූපකාර සමිතියේ නිලවරණයක් පවත්වා නිලධාරීන් පත් කරන ලෙස ලංකා ගුරු සංගමය ආහාර සුරක්ෂිතතා හා කළමනාකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

රුපියල් කෝටි 1500කට වැඩි මූල්‍ය වත්කම් හා රටපුරා ගොඩනැගිලි සහ දේපල රැසකට හිමිකම් කියන අධ්‍යාපන සමූපාකාරය පසුගිය රජය යටතේ පාලක සභාවකින්  පාලනය කළ බවත්, පාලස සභාවක් යටතේ ඉඩම් මිලදී ගැනීම ආදිය සිදුකළ නොහැකි වුවත් මෙම පාලක සභාව එවැනි දෑ කර ඇති බවත්, සාමාජිකයන්ගෙන් උදුරා ගත් අධ්‍යාපන සමූපාකාරය නැවත ඔවුනටම ලබා දෙන ලෙසත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

මෙම සමූපාකාරය ඉඩම් මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාවට ද සිදුවූ දෙයක් නැතැයි කියන ස්ටාලින් මහතා මේ පාලක සභාව ඉවත් කර ඡන්දයක් පවත්වන්නැයි ද ඉල්ලයි.