ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ගිනි අවි දෙකක් රැගෙන ආ බව කියන මායියා නම් ප්‍රධාන සැකකරු අද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අධිකරණයේ විභාග වන නඩුවකට ගෙන ආ හැරල්ඩ් රෝහණ හෙවත් ගොනාකෝවිලේ රොහා මරා දැමීමට මායියා එම ගිනි අවි දෙක රැගෙන ආ බව මූලික පරීක්ෂණවලින් හෙළිවීයැයි පොලිසිය පවසයි.
මේ අතර ඔහුට සහාය දැක්වීයැයි කියන තවත් සැකකරුවකු නීතීඥවරයකු මාර්ගයෙන් අද ගල්කිස්ස පොලිස් ස්ථානයට භාර විය. දොන් සාලු රොෂාන් ඉන්දික ද සිල්වා හෙවත් රෝසා එලෙස බාරවීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 13 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
අධිකරණයේ වැඩිපුර පිරිසක් ගැවසීම මයියාගේ ඉල්ක්කයට පහසුවක් නිසා ඊට සහාය පිනිස තරුණයන් 20 දෙනකු අධිකරණ භූමියට ගෙනවයිත් ඇත්තේ රෝසා බව ද, ක්‍රිකට් තරඟයකට බව කියමින් කැඳවාගෙන ආ ඔවුන්ට රුපියල් 2000 බැගින් ලබා දී ඇතැයි ද පොලිසිය කියයි.
මයියා සෙනසුරාදා (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයියා මයිනා කළ යුතුයි.
හමුදාව දාන්න උසාවියට නියමෙට වැඩේ කරාවි. හැබැයි නඩුකාරයන්ට පහුගිය කාලේ අමතක වුණා රණවිරුවෝ කවුද කියලා
මෙම සිද්ධියේ ඉතා අසාමාන්‍ය දේවල් බොහොමයක් ඇත. පළමුවන කාරණය බෝල අහුලන්න කියා උසාවි භූමියකට ඇතුළු වීම. සමහර විට ඇහුවොත් එහෙම කියන්න කියලා එවන්නත් ඇති. නමුත් බොරු කියන්නාට උනත් තේරෙන්න ඕනා පිළිගත හැකි බොරුවක් කියන්න. අනෙත් කාරණය ගිනි අවි භාවිතා නොකර බංකුවක් යට තබා යෑම. අනෙත් කරුණ අපරාධ කරුවා ඉතා කීකරු ලෙස ඇවිත් භාර වීම. මේවාට කියන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලයි.