අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට ගල්කිස්සේ දී එල්ල කළ මැර ප්‍රහාරය හෙළා දැකීමටත් අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි නොගසන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සංවිධානයක් රෝමයේ පියස්සා දේල් රිපබ්ලිකාහිදි උද්ඝෝෂණයක් පැවැත්විණි. අධිකරණයට යළිත් ඇඟිලි ගසතොත් මෙවැනි විරෝධතා දිගටම කරන බව සංවිධයකයෝ කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න නියම වීරයෝ... (නි)
ගල් ගැහුවට කමක් නැද්ද? (නි)
මේ අය රට ගියේ කීයක් හරි හොයාගන්නද? නැත්නම් උද්‍ඝෝෂණය කරන්නද? (නි)
විරෝධතා දැක්වූවාට වැඩක් නෑ - බීරි අලියට වීනා වැයුවා වාගේ(ස)
ඉන්ද්‍රජිත් මහත්තය කිව්ව දෙයට මටත් පොඩි දෙයක් කියන්න තියෙනවා, අර කියමනක් තියෙනවා මට වෙච්ච දවසට කවුරුත් නැහැ කියලා. අපි අධිකරණයෙන් ස්වාධීන තීරණයක් බලාපොරොත්තු වෙනවා. එහෙත් අධිකරණයට බලපෑම් කරනවා නම් පහර දෙනො නම්, කොහොමද එය වැඩ කරන්නේ? මුළු රටම දන්නවා මංජුල මහත්තයාට ගහලා කියලා, අධි ආරක්ෂක කලාපයේදී. මෙතන අදහස් දාන කට්ටිය මොකද ඒ ප්‍රහාරයට සහය දෙන්නේ? (නි)
මෙයාලව අල්ලලා උල තියන්න (ස)
චතුලගෙන් මට නොදන්නා දෙයක් අහන්න තියෙනවා. 'අධිකරණයට ඇඟිලි නොගසනු' කියන එක දේශපාලන පක්ෂයකට කඩේ යාමක් නම්, ඊට විරුද්ධ පක්ෂයේ මතය විය යුත්තේ 'අධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩ දෙනු ' කියන එක විය යුතුයි. මේ දෙවනියට කියූ මතය අයත් වන්නේ මොන දේශපාලන පක්ෂයටද කියා කාටවත් කඩේ නොයන ඔබතුමා පෙන්වා දෙන්න. (නි)
ඔයාලගේ ආණ්ඩුවක් එනකම් ඔමොම බෝඩ් අල්ල අල්ලා ඉන්න.. රට ගැන හිතනවානම් ඔහොම කරයිද? රට ඉහළින් තියන්.. අනිත් සියළුම අය පහළින් තියාගමු..(නු)
අගක් මුලක් මුකුත් දන්නෙ නැති ඉතාලි ලංකානුවෝ එහෙට වෙලා බොරුවට බෝඩ් කෑලි උස්සගෙන කෑගහනවා. (නි)
මේ විදියට පිටරටට වෙලා උද්ඝෝෂණ කරන්න ගියහම ඒකේ වාසිය ලංකාවට විරුද්ධව වැඩ කරන කණ්ඩායම් වලටයි. (නි)
අධිකරණයට කරන්න තියෙන්නේ දේශපාලන මැරයන්ට සම්බන්ධ නඩු කල්දදා ඉන්නෙ නැතුව ඉක්මන් තීන්දු දෙනඑකයි. (නි)
සු ගාලා 25 ක් විතර හිටියා. මේ ඇත්තෝ කාටද මේ කඩේ යන්නේ? උඩබලන් කෙළ ගහගන්නවා. (නි)
එක්කෙනෙක් බෝඩ් 1ක් අල්ලගෙන ල0කාව කොයිබටද කියල ඈයි අනේ ආසියාවෙනෙ තියෙන්නෙ ඉ0දියන් සාගරේ හරියෙ, පි0 සිද්ද වෙයි ලෝකෙ හිනස්සන්නනම් එපා.දේශපාලන පක්ෂ වලට කඩේ යන්නෙ සමහරු චන්දයක් ජීවිතේටවත් දාල නෑ.
මේවා අපිට හොද පාඩම්. (නි)
ජාත්‍යන්තර ප්‍රජාවට වෙන වැඩ නැතිව ඇති එහේ ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නේ (ස)
මෙහි ඉන්නා කට්ටිය ඔවුන්ගේ අතීතය නොදන්නා සේ ඉන්නා එකනේ පුදුමේ, සියලුම අපරාධ වලට කොටියට ටිකක් අඩුවෙන් වගකියන්න ඕනෑ මෙයාලා කියලයි මම නම් හිතන්නේ. අයියෝ සල්ලි. (නි)
ලොව පුරා ප්‍රචාරය මේ අය භාරගෙන වගෙයි පෙනෙන්නේ. (නි)
මීට වැඩිය නරකද ? මිනිසුන්ගේ නඩුවලින් විශාල ගාස්තු අය නොකරනු! තිබෙන නඩු ඉක්මනින් ඉවර කරනු! නඩු වලින් දෙපැත්ත නොකනු! සාධාරණ තීන්දු භය නැතුව දෙනු! කියා කිවුවා නම් ගොඩක් හොදයි යන්න මගේ වැටහීමයි. (නි)
මෙහේ අධිකරණයට ඇගිලි පමණක් නොවෙයි අත පයත් ක්කොම දානවා. (නි)
ඔය ගොල්ලේ පහර දීමට විරුද්ධය. ලංකාවට ඇවිත් බලන්න දවස ගානේ සිදුවන මිනී මරුම් සහ ස්ත්‍රී දූෂණ අනේ අපේ ලංකාව (අ)
හැන්ද තියෙද්දී මොනවටද අනේ ඇගිල්ල පුච්චා ගන්නේ? (නි)
මේවා පුහු වැඩ (අ)
මේ හොඳටම අමු කැවිලා (අ)
අනේ මේ, කිසිම තේරුමක් නැති මහප්‍රාණ වැඩ නොකර ඉන්න. (නි)
රටකට ගිය කලක් නේද? (නි)
ඒ අයට වෙලාවක් තියෙනවද දිගටම මෙහෙම දේවල්ම කරන්න? (නි)
ජාත්‍යන්තර තලයට ගෙනයාමට වාසනාව උදාවේවා! (නි)